Watch Trailer

Gracepoint (2014) [Ep 01] | අභිරහස් මරණයක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම? ඔන්න අපි ඔයාලට තව අලුත් ටීවි සීරියිස් එකක් අරගෙන ආවා. මේක සීරියස් එකක් කිව්වට මිනි එකක්.(Mini Serious) ඉතින්, මේක අපි ඔයාලට දෙන පළවෙනි සබ් එක.ඒ කියන්නේ අපි මීට කළින් කිසිම සබ් එකක් කරලා නෑ. හැමදාම අපි බයිස්කෝප් අඩවියෙන් සිංහල සබ් බාගත්තට සබ් එකක් කරන්න හිතුවෙ නෑ න…

Gracepoint-TV

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම? ඔන්න අපි ඔයාලට තව අලුත් ටීවි සීරියිස් එකක් අරගෙන ආවා. මේක සීරියස් එකක් කිව්වට මිනි එකක්.(Mini Serious) ඉතින්, මේක අපි ඔයාලට දෙන පළවෙනි සබ් එක.ඒ කියන්නේ අපි මීට කළින් කිසිම සබ් එකක් කරලා නෑ. හැමදාම අපි බයිස්කෝප් අඩවියෙන් සිංහල සබ් බාගත්තට සබ් එකක් කරන්න හිතුවෙ නෑ නේ. ඔන්න අපි ඒකත් කරා දැන්.අද ඉදන් කතාව ඉවර් වෙනකන්ම අපි ඔයාලට මේ මිනි සීරියස් එකේ සබ් දෙනවා.වැඩේ සාර්ථකව කෙරෙනවනම් තව සීරියස් එකකට අපි බහින්න හිතාගෙන ඉන්නේ.

කතාවෙන් වැඩෙත් අමතක වෙනවා, ඉතින් මේ සීරියස් එක කතාංගයන් දහයක් පමණක් සමන්විත වෙනවා. මේ කතාවෙ පළමු කොටස විකාශය වුනේ 2014ඔක්තෝබර් 03 වෙනිදා. මේ කතාව FOX නාලිකාවෙ තමයි විකාශය වෙන්නේ. ඉතින් මේක පටන් ගන්නේ ඩැනී කියන ළමයාගේ අද්භූත මරණයත් එක්ක.මුහුද කිට්ටුව තියන ග්‍රේස්පොයින්ට් කියන පොඩි නගරෙක තමයි මේ වැඩේ වෙන්නේ. කිසිම කෙනෙක් මෙයාගේ මරණයට තාම හේතුවක් දන්නේ නෑ. මේ මරණය සම්බන්ධව පරීක්ෂක වරුන් දෙන්නෙක්ගෙ යටතේ පොලිස් විමර්ශන එහෙමත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි කතාව ගලාගෙන යන්නේ. මේක පොඩි කතාවක් වුනාට හරි අමුතු වැඩ සිද්ද වෙනවා. ඔයාලත් බලන්නකෝ.

Gracepoint කියන්නේ නාට්‍යමය අපරාධ ගනයට.මේ කතාව නිර්මාණය කරලා තියෙන් Chirs Chibnall කියන කෙනා. මේකේ IMDB Ratings වල නම් 7.4 ක ඉහළ අගයක ඉන්නවා. මේ කතාවෙ දැනට ඔක්කොම වගේ කතාංග ඇවිත් ඉවරයි. නාට්‍යමය අපරාධ ගනයට අයිතිවෙන නිසාත් මිනි එකක් නිසාත් අපිට කතාවෙ සබ් කරන්න හිතුනේ.

කතාවෙ රඟපාන අය දිහා බැලුවාම, ප්‍රධාන පරීක්ෂකවරුන් වන එමිට් කාවර්ගේ David Tennant එලී මිලර් Anna Gunn ලෙසත් පණ පොවනවා. ඊට අමතරව ඩැනී සොලානෝ, Nikolas Filipovic ළමයගේ චරිතයට පණ පොවනවා. ඩැනීගේ පියා මාර්ක් සොලානෝ ලෙස Michal Pena. ඩැනීගේ අම්මා බෙත් සොලානෝ Virginia Kull. ඩැනීගේ සහෝදරිය ක්ලෝයි සොලානෝ ලෙස Madalyn Horcher. සෙසු චරිත විදියට ජැක් රෙයින්හූඩ් විදියට Nick Nolte.පරීක්ෂක එමීගේ මහත්තයා ලෙස ජෝයි මිලර් Josh Hamilton. පල්ලියේ පූජකතුමා පෝල් කොඒට්ස් Kewin Rankin. එමීගේ බෑනා විදියට ඔවෙන් බෘක් Kevin Zegers. මාර්ක් සොලානෝගේ ගෝලයා විදියට වින්ස් නෝර්වික් Stephen Louis. සැන්ෆ්රැන්සිස්කො ග්ලෝබ් එකෙන් රෙනී ක්ලෙමන්ස් Jessica Lucas ලෙස මෙහි ප්‍රධාන හා අනු චරිත විදියට රඟපානවා.

එහෙනම් කතාව බලලා, වැරදි අඩුපාඩු පෙන්නලා දීලා පොඩි සහයෝගයක් ලබා දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම අපි ඉල්ලනවා. අපිට මේ වැඩේදී ගොඩාක් උදව් වුන සමිර සහෝ ඇතුළු බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙන ගමන්ම ඉක්මන්ටම දෙවන කතාංගයත් සමඟ හමු වෙනකන් අපි ගියා. ඔබට ජය!

 

Gracepoint (2014) on IMDb

 

 

1.7 GB (Complete Season) මෙතනින් බාගන්න

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,172 downloadsDownload Gracepoint-EP01.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                           All Episodes                        Next Episode >>

Subtitles

1,172 downloadsDownload Subtitles25 KB

35 comments

  1. Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. kushan charith

    එල මචන්ලා සුබ පතනවා බොක්කෙන්ම 1st sub එකට,ඉක්මනට ඉවරකරන්ඩ,මේක ඉවරකරල Grimm වගේ පට්ට series එකක් කරන්ඩකො මචන්ලා...............thanks sub එකට .ඊලග sub එකෙන් හමුවෙමු......................

  3. Kulanjana Maduranga

    niayamai…ahhh...G' luck for the 1st attempt.Great work & Lot of thanks ISURU & PRADEEP saholata.digu gamanak yamu.jaya wewa……………

  4. #ChalinduDeshan (කිනා)

    බොක්කෙන්ම කියන්නේ,.. මේක ආපු දවස් වලම හිතුවා කවුරු හරි සබ් දෙයි කියලා.
    ඒත් ඒ හිතපු දේ පරක්කු වෙලා හරි හරි ගියපු එක ගැන ලොකු සතුටක් තියෙන්නේ මචංලා.
    වැඩේ කරගෙන යමු එහෙනම්.
    ඩබලගේම පළවෙනි උපසිරැසියට සුභ පැතුම්!!
    අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙයි කියලා බලං ඉන්නවා.
    අනිවා බෑමක් තමා ඉතිං සබ් ටිකනං.
    ජයමවේවා!!!!

    1. pradeep

      ගොඩාක් ස්තූතියි සහෝ...!!!
      හදවතින්ම ගොඩාක් සතුටුයි...

  5. harsha

    ස්තූතියි ඩබලටම. ඔන්න මචංලා මම සම්පූර්ණ කතාමාලාවම බාගන්නවා ඒක නිසා අතර මග නවත්තන්න එපා ජයවේවා!

  6. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලනේ...........

  7. Sach

    සබට තුති සහෝ !!!!

  8. සමීර චතුරංග

    නියමයි දිගටම කරගෙන යමු..
    පළමු වැඩේට සුබපැතුම්!!!

  9. නලින්

    නියමයි මචංලා... උඹලා දෙන්න අපිත් එක්ක එකතු වෙච්ච එක හරි සන්තෝසයි. දිගටම උඹලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා..

    ජය වේවා!

  10. me

    Thanks

  11. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    දෙන්නා එක්ක ඩුවල් වැඩක් කරන්න වගේ යන්නේ. :)
    දිගටම එහෙම වුනොත් හවුල් උපසිරැසිකරුවෝ වෙනවා.
    ඒකත් එක්තරා අළුත් දෙයත් තමා.
    මම නම කොහොමත් අභිරහස් වගේ කතා වලට තමයි වැඩිය කැමති.

    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    ලබන්නාවූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා.

    1. pradeep

      ගොඩාක් ස්තූතියි සහෝදරයා...
      සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්.

  12. isuru

    thaanks machanla.................

  13. pradeep

    දක්වපු සහයෝගයට.
    හැමෝටම ගොඩාක් ස්තූතියි...

  14. Sanjeewa

    thanks for sub

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. sajeevi

    thanks a lot

  17. Sisira Hegoda

    ගොඩාක් ස්තූතියි

  18. lakshan

    උපසිරැසියට තුති…… :)

  19. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  20. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  22. ShAn (හිත හොද පුතා)

    පළවෙනි කොටසනම් බැලුවා....සුපිරි කතාව​.සබ් එකෙත් කියන්න වරදක් නෑ හොදට තිබුණා.ඊළග කොටසත් ඉක්මණට ලබා දෙමු. ජය​! :P :P :P

  23. “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  24. tiron

    niyamai thavath niyama series ekak.... thank u

  25. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට පට ගාලා 10ටම දෙමු.
    ජය වේවා. !

  26. chama

    නියමයි ,හොදට බත් කන්න ඔන, ඉක්මනට ලොකු වෙන්න ඔන, ඊලග කොටස් ඉක්මනට දෙන්න ඔන,,,

  27. supun

    නියම කතාව. සබ් අවුලක් නැ .දිගටම කරගෙන යං

  28. කැලුම් ගුණසේකර

    අද තමයි දැක්කේ මේක. අලුත් දෙන්නෙක් සහ අලුත් කතාවක්. දිගටම පුලුවන් ඉක්මණින් ම උපසිරැසි ලබාදෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි දෙන්නාට ම උපසිරැසියට.

  29. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු හා ප්‍රදීප් දෙන්නටම සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  30. SIRAJ(සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝලා දෙන්නා
    මාත් හිතුවා මේක අපෙන් දෙයි කියලා
    මාත් අබිරහස් කතා වලට ආසයි.
    දිගටම සබ් දෙන්න ලැබේවා
    සුබම සුබ නව වසරක් වේවා
    ආ., සීන්හල සබ් එකට ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා

  31. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  32. M.H. Isuru Janakantha

    thanks

  33. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය