Watch Trailer

24 [S05 : E17] | රැජින මමයි අපේ රාජ්ජේ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා 17 වෙනි කොටසත්. කලින් කොටසෙදි තිබ්බ තර්ජනය මුලිනුපුටා දාන්න සමත් වෙච්ච හින්දම ඉතුරු කොටස් ටික ඉවර කරගන්න ඕනා වෙන ඊළඟ මාතෘකාව මතුවුණා දකින්න ඇතිනේ. ඒ තමා නියම දුෂ්ටයා ගැන අපි දැනගත්තා. හොඳයි මුලින්ම ඒ කොටස මතක් කරගමුකෝ. “දුෂ්ට බියෙර්කෝව” අල්ලගෙන විෂ වායු විනාශ කරපු “දවසේ හාදයා” ආප…

24SE5

හොඳයි මෙන්න ගෙනාවා 17 වෙනි කොටසත්. කලින් කොටසෙදි තිබ්බ තර්ජනය මුලිනුපුටා දාන්න සමත් වෙච්ච හින්දම ඉතුරු කොටස් ටික ඉවර කරගන්න ඕනා වෙන ඊළඟ මාතෘකාව මතුවුණා දකින්න ඇතිනේ. ඒ තමා නියම දුෂ්ටයා ගැන අපි දැනගත්තා. හොඳයි මුලින්ම ඒ කොටස මතක් කරගමුකෝ.

“දුෂ්ට බියෙර්කෝව” අල්ලගෙන විෂ වායු විනාශ කරපු “දවසේ හාදයා” ආපහු කැලේ පනිනවා. මෙදාපාර යන්නෙ “හිතහොඳ පාමර් ලොක්කගෙ” මලය එක්ක එකතු වෙලා පොඩි වැඩක් කරන්නයි. වැඩක් කියන්නෙ කතාව මෙහෙමයි. “මාර්තා ළමාතැනී” ගේ සේවිකාව රහස් තොරතුරු සපයලා තියෙනවා “හිතහොඳ පාමර් ලොක්කට.” දැන් ඒ හින්දා තමා “හිතහොඳ පාමර් ලොක්කට” මිය පරලොව යන්න වුණේ. හැබැයි ඒ සාක්ෂිය මොකක්ද කියලා සේවිකාවට එළිකරන්න බෑ මොකද එයාගේ දුවව “නරි හෙන්ඩර්සන්” පැහැරගෙන තියෙන හින්දා. ඉතින් දැන් “දවසේ හාදයා” හදන්නෙ “නරි හෙන්ඩර්සන්ගෙන්” දුවව බේරලා දීලා අර සාක්ෂිය මොකක්ද කියලා දැනගන්න එකයි.

හැබැයි ඕක කරන්න එයාට “වලියට බර ක්ලෝවිගේ” උදව්ව ඕනා. හැබැයි ඒක දෙන්න විදියක් නෑ මොකද “හේයස් ලොක්කි” CTU එක පවර ගන්න යන හින්දා. හැබැයි “හේයස් ලොක්කි” දන්නවා “අහිංසක බිල්” ප්‍රමුඛ කට්ටිය ටෙරාලට ගේම දුන්න එක හින්දා. ඉතින් එයා “ඕඩ්‍රි කෙළි” ගෙන් ඉල්ලනවා “අහිංසක බිල්” වැරදිකාරයා කරලා ප්‍රකාශයක් ඉල්ලනවා. මුලින් තදින්ම ඒක බැහැර කළත් පස්සෙ එයා ඒකට එකඟ වෙනවා මොකද “දවසේ හාදයට” උදව් කරන්න වෙන හින්දා. අනේ ඒ හින්දා “අහිංසක බිල්” බොහොම දුකින් හා තරහින් අකුලගෙන ගෙදර යනවා.

ඉතින් “දවසේ හාදයගෙ” මෙහෙයුමේදී එයා සේවිකාවගේ දුවව බේරගන්න සමත් වුණත් සේවිකාවට වෙඩි වදිනවා වගෙම “නරි හෙන්ඩර්සන්” පැනගන්නවා. හැබැයි එතෙන්දි “දවසේ හාදය” වගේම අපිත් දැනගන්නවා ටෙරාලට විෂ වායු දීමේ සැලැස්මට සම්බන්ධ දෙවෙනියා නෙවෙයි මහ එකාම වෙච්ච “කොන්දක් නැති ලෝගන් ලොක්කාම” බව.

එහෙනම් දැන් කතාව මොන අතකට හැරෙයිද කියන එක බලමුකො එහෙනම්. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….361

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

125 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,206 downloadsDownload 24.S0.5E1-7.baiscopelk.zip124 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,206 downloadsDownload Subtitles124 KB

10 comments

  1. sanda

    Thank U Very Machhhh,,,,,,,,,,,,

  2. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa.....

  3. නලින් පෙරේරා

    ස්තුතියි රොයිලි අයියා..

    ජය වේවා!

  4. sajeevi

    thanks

  5. asdasd

    elaa

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  8. “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය