Watch Trailer

Gracepoint (2014) [Ep 09] | සැකකරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කතාවේ අවසානයත් අත ලඟටම අවා දන්නෙම නැතුව නේද? ඉතින් ගියසතියේ මොකද වුනේ කියලා බලමුකෝ. ටොමීට මොකද වුනේ? ඒ ප්‍රශ්නෙට ඔයාලට කලින් කොටසෙන් උත්තර ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ටොමීව හම්බවෙන්නේ පල්ලියේ පූජකතුමාට. ටොමී ඒ වෙනකොටත් තුවාලවෙලා ඉදපු නිසා එයාව ඉක්මන්ටම ඉස්පිරිතාලෙට ඇතුල…

Gracepoint-TV

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කතාවේ අවසානයත් අත ලඟටම අවා දන්නෙම නැතුව නේද? ඉතින් ගියසතියේ මොකද වුනේ කියලා බලමුකෝ. ටොමීට මොකද වුනේ? ඒ ප්‍රශ්නෙට ඔයාලට කලින් කොටසෙන් උත්තර ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ටොමීව හම්බවෙන්නේ පල්ලියේ පූජකතුමාට. ටොමී ඒ වෙනකොටත් තුවාලවෙලා ඉදපු නිසා එයාව ඉක්මන්ටම ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. මේ අතරේ අපේ ප්‍රධාන සැකකරුවා සංචාරකයාගෙන් දිගටම ප්‍රශ්න කිරීම කරගෙන යනවා. පරීක්ෂක කාවර් ටොම්ගෙන් මොකද වුනේ කියලා දැනගන්න රෝහලට එනවා ඔයාලට මතක ඇති. මෙහිදී අනාවරණය වෙන්නේ ටොම්ට සංචාරකයව කලින් දකින්න ලැබිලා නෑ කියලයි. මේ නිසා පොලීසිය අවසානයේ ඔහුට නිදහස ලබා දීමට කටයුතු කරනවා.

ඒවගේම ඩැනීගේ සහෝදරිය ක්ලෝයි නැවතත් ස්කෝලෙ යන්න තීරණය කලා.එහිදී ඇය ගොඩාක් අපහසුතාවයකට පත් වෙනවා ඔයාලා දැක්කා. ඒක නිසා ක්ලෝයි තමන්ගේ පෙම්වතා එක්ක බයික් එකේ නැගලා යනවා, ඒ දෙන්නා එහෙම යනවා මාර්ක් දකිනවා. එයාලව හොයන්න බෙතුයි මාර්කුයි ඩීන් ඉන්න තැනට යනවා.ඊටපස්සේ කොහොමින් කොහොම හරි පවුලේ කට්ටිය පොඩි විනෝදයකුත් ගන්නවා.මේ අතර පෝල් කෝට්ස් එහෙමත් නැත්තම් පල්ලියේ පූජකතුමා ගැන වැඩිපුර අවධානය යොමු වෙනවා ඔයාලා දැක්කා. පෝල්ගෙන් නැවත නැවත එයාගේ අතීත සිදුවීම් ගැන පරීක්ෂක කාවර් ප්‍රශ්න කරන ආකාරයත් මතක ඇති.බෙත්, රෙනීගේ මාරගයෙන් රෝස්මවුන්ට් වල මියගිය ළමයෙකුගේ අම්මා කෙනෙක් එක්ක කතා කරන්නත් අවස්තාව ලැබෙනවා.මේ අතර මෙතෙක් කල් ඔයාලා බැලුව මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනත් මඟකට එන්නේ සුසෑන් එහෙමත් නැත්තම් ට්‍රේලර් පාක් එකේ ගැහැනිය විසින් ඩැනීගේ ස්කේට්බෝඩ් එක ටොම්ගේ ගෙදරට ගෙනත් දීපු වෙලාවේදී කියලා ඔයාලට තේරෙන්න ඇති.ඊට පස්සේ සුසෑන්ව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. මේ අතර පෝල්ට එදා රෑ ටොම්ව දකින්න ලැබෙනවා ඔයාලට මතක ඇති. ඒ එයා එයාගේ ලැප්ටොප් එක විනාශ කරන අතරතුරේදී.

කතාව අවසානයේදී අමුතු දෙයක් සිද්දවුනා ඔයාලා දන්නවා. ඒ තමයි කන්ද උඩ හට් එකේ කවුරුහරි ඉන්නවා කියලා එයාලට ලැබුණු පණිවිඩය මත පරීක්ෂක වරුන් දෙන්න්නා සෝදිසි කිරීමකට යනවා. එහිදී සැකකරුවෙක් ඔවුන්ගෙන් මිදී පලායනවා ඔයාලා දැක්කා.නැවතත් කාවර්ගේ රෝගය මතු වූ නිසා එයාලට ඒ සැකකාරයාව අල්ල ගන්න වුනේ නෑ. ඔයාලා හිතන්නේ ඒ සැකකරු කවුරු කියලද? ඒක ඔයාලම තීරණය කරන්නකෝ.එහෙනම් අද නමවෙනි කතාංගයත් අරගෙන ආවා.මේ කතාව විකාශය වුනේ 2014 දෙසැම්බර් 4වැනිදා. මේකට 8.3ක IMDB අගයක් ලැබිලා තියනවා.අද කතාවේ ආරම්භය වෙන්නේ කාවර් නැවතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි. මේ අතර සුසෑන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකරගෙන යන අතරතුරදී මේ මිනීමැරුමට සම්බන්ධ පුද්ගලයකු යැයි සැක කරන කෙනෙක්ව අතඩංගුවට ගන්නවා.අද කතාව දිවයන්නේ ඒ පුද්ගලයා සම්බන්ධයි. ඒ කවුද කියලා බලාගන්න ඔයාලට නමවන කතාංගයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අවසාන කොටසින් ඉතාමත් ඉක්මන්ටම මුනගැසෙනකම් අපි ගිහින් එන්නම්.අඩවියට ජයෙන් ජය!

Gracepoint (2014) on IMDb

 

 

1.7 GB (Complete Season) මෙතනින් බාගන්න

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

417 downloadsDownload Gracepoint-EP09.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

417 downloadsDownload Subtitles31 KB

10 comments

  1. Thamira

    thanks

  2. me

    Thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  4. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තව එකයි.
    ජය වේවා. !

  5. sajeevi

    thanks

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  9. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….