ඉතින් ඔයාලට අපි මුලින් කිව්වා වගේම මෙන්න අද අවසාන කතාංගයත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ “GRACEPOINT” කියන මිනි සීරියස් එකේ සිංහල උපසිරැසි කිරීමේදී අපිට මේ සඳහා මගපෙන්වා දුන්නු බයිස්කෝප් කණ්ඩායමේ සමීර සහෝදරයාව ඇතුළු උදව් කළ නොකළ සියලු දෙනාවම මතක් කරන්න ඕනේ. එහෙනම් වැඩි කතාවක් නැතුවම ග්රේස්පොයින්ට්…

ඉතින් ඔයාලට අපි මුලින් කිව්වා වගේම මෙන්න අද අවසාන කතාංගයත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ “GRACEPOINT” කියන මිනි සීරියස් එකේ සිංහල උපසිරැසි කිරීමේදී අපිට මේ සඳහා මගපෙන්වා දුන්නු බයිස්කෝප් කණ්ඩායමේ සමීර සහෝදරයාව ඇතුළු උදව් කළ නොකළ සියලු දෙනාවම මතක් කරන්න ඕනේ. එහෙනම් වැඩි කතාවක් නැතුවම ග්රේස්පොයින්ට් කතාව මුල ඉදලම මතක් කරගෙන ඉමුකෝ. මේ කතාව පටන් ගන්නේ ඩැනී සොලානෝ කියන අවුරුදු 12ක පොඩි ළමයෙක්ගේ අභිරහස් මරණයත් එක්ක.
මුහුද කිට්ටුව තියන ග්‍රේස්පොයින්ට් කියන පොඩි නගරෙක තමයි මේ අවනඩුව සිද්දවෙන්නේ.කිසිම කෙනෙක් මේ ළමයගේ මේ මරණයට හේතුවක් දන්නේ නෑ. ඉතින් ඊට පස්සේ පොලිස් විමර්ශන වලින් පසුව මෙය මිනීමැරුමක් ලෙස අදුනා ගන්නවා. මෙම මිනීමැරුම සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු යටතේ සිද්ද වෙනවා. මේකේ ප්රධාන පරීක්ෂක තුමා වෙන්නේ එමිට් කාවර් කියලා පුද්ගලයක්. ඔහු මීට කලින් රෝස්මවුන්ට් කියන ප්රදේශයේ සිදුවු මිනීමැරුමක පරීක්ෂකවරයෙක් ලෙස සේවයේ යෙදුණු බව සඳහන් වෙනවා. අනිත් පරීක්ෂක වරිය එලී මිලර් කියන ග්රේස්පොයින්ට් වලම පදින්චිකාරියක්. ඩැනී කියන මේ ළමයගේ සිරුර හම්බ වෙන්නේ ඒ ප්රදේශයේ වෙරළක තිබිලා. මේ පුවත ඇසීමත් සමග ඩැනීගේ පවුලේ අය ගොඩාක් අපහසුතාවයකට පත් වෙනවා. ඩැනීගේ අම්මා බෙත් සොලානෝ ඒවගේමා තාත්තා මාර්ක් සොලානෝ සහෝදරිය ක්ලෝයි සොලානෝ වගේම ග්රේස්පොයින්ට් වල සියලු දෙනාම මේ නිසා ශෝකයට පත් වෙනවා. මේ අතර ඩැනීගේ යාළුවා ටොම් මිලර් ඒ කියන්නේ පරීක්ෂක මිලර්ගේ පුතා, ඔයාලට මතක ඇති ටොම් එයාගේ ලැප් එමයි ෆෝන් එකෙයි තිබුණ ඩේටා සියල්ලම මකලා දානවා. ඒකෙන් අපිට හිතුනානේ මේ මරණයට ටොමීගෙත් සම්බන්ධයක් තියන බව.
දෙවන කතාංගයේදී ඔයාලට දැනගන්න පුලුවන් වුනා ඩැනී මරලා තියෙන්නේ කන්ද උඩ තියන හට් එකේදී කියලා. එකේ තිබුණ සළකුණු මාර්ක්ගේ කියලත් හොයා ගන්නවා.ඒවගේම අපේ ආගන්තුකයා කතාවට සම්බන්ධ වෙන්නෙත් මෙතනදී. පරීක්ෂක එලීට, ක්ලෝයි ලඟ තිබිලා කොකේන් හම්බවෙනවා මතක ඇති.ඒවගේම පරීක්ෂක කාවර්ගේ රෝගය පිළිබඳවත් ඔයාලට දැනගන්න පුලුවන් වුනා. තුන්වන කතාංගයේදී ඔයාලට මතක ඇති ජෙමා ෆිශර් කියන කෙනත් එක්ක මාර්ක්ගේ සම්බන්ධයක් තිබුණ බව දැනගන්නවා.මේ අතර බෙත්ට ආත්මයන් එක්ක කතා කරන්න පුලුවන් කෙනෙක් හරහා ඩැනීගෙන් පණිවිඩයක් ලැබෙනවා.ඩැනීගේ ජැකට් එකේ තිබිලා මේ මිනීමැරුමට සම්බන්ධ යැයි සැක කල හැකි වටිනා සාක්ෂියකුත් හොයාගන්නවා මතක ඇති. හතරවන අංගයේදී අපි දැනගන්නවා ඩැනීගේ ජැකට් එකේ තිබිලා හම්බවුන සාක්ෂිය කාගෙද කියලා.ඒවගේම ක්ලෝයි ලඟ තිබුණ කොකේන් ගැනත් අද හොයලා බලන අතරතුරේ ක්ලෝයිගේ පෙම්වතා ඩීන් ගැනත් බලාගන්න පුලුවන්.එලී අද එයාගේ බොස්ට කෑමකට ආරාධනා කලා මතක ඇතිනේ.
මේ අතර හතරවන කතාවේ අන්තිම හරිය මතක ඇතිනේ.ඒකෙදි ඔයාලට ගිනිගන්න බෝට්ටුවක් දකින්න ලැබුණා. ඒ බෝට්ටුව ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන් වුනා.ආරාධනාව පිලිගත් කාවර්, එලීගේ ගෙදර කෑමකටත් ආවා.එහිදී එලීගේ මහත්තයා ජෝ එක්ක එයා රෑ කෑම ගත්තා මතක ඇතිනේ.එකෙදී ජෝ, කාවර්ගෙන් අහනවා “ඔයා මේ කේස් එක විසදනවද කියලා…” එතන අපිට පොඩි ඉගියක් දෙනවා මේ කතාවට ජෝගෙත් සම්බන්ධයක් තියන බවට. හයවන කතාංගයේදී එක චරිතයක් සමුගත්තා මතක ඇතිනේ, ඒ රෙනී සහ ඔවෙන් එකතු වෙලා පත්තරේට දාපු ලිපියක් නිසා ජැක් රේන්හූඩ් සියදිවි හානිකරගන්නවා.මේ අතර බෙත්, ජෙමාගෙයි මාර්ගෙයි තිබුණ සම්බන්ධය දැනගෙන එයා ඉන්න බාර් එකට ඇවිල්ලා ජෙමාට සද්දයක් දාන හැටි මතකයිනේ.
ටොම්ව අතුරුදහන් වෙන්නේ හත්වන කතාංගයේදී.ඔයාලට මතක ඇති ටොම්, එලීගේ පරීක්ෂණ වාර්තා හොරෙන් බලනවා.පස්සේ දවසේ එලීට ස්කෝලෙන් කෝල් එකක් ආවා ටොම් ස්කෝලේ නෑ කියලා.මේ සිදුවීම නිසා ග්‍රේස්පොයින්ට් නගරය කැළඹෙනවා මතක ඇති.කොහොමින් කොහොමහරි මෙච්චර කාලයක් හොයපු සැකකරුවා හත්වන කතාවේදී පොලීසිය විසින් අල්ලගන්නවා ඔයාලට මතක ඇති.ඒවගේම ජැක්ගේ අවමඟුලට නගරයේ හැමෝගෙම සහභාගි වෙනවා.ඒවගේම පරීක්ෂක කාවර්ගේ දුවත් කතාවට එකතු වීම විශේෂ සිදුවීමක් වෙනවා.මේ අතර සුසැන් සහ වින්ස් අතර රහසක් තියන බව ඔයාලට තේරෙන්න ඇති.කතාව වසන් වෙන්නේ පොල් විසින් ටොම්ගේ බයිසිකලය සොයාගැනීමෙන් පසුවයි.අටවන කතාංගයේදී වැඩි වශයෙන් ග්‍රේස්පොයින්ට් වල පූජක තුමා පෝල් වෙත වැඩි අවධානයක් යොමුවෙනවා.බෙත්, රෙනීගේ මාර්ගයෙන් රොස්මවුන්ට් වල මියගිය ගෑනු ළමයගේ අම්මව මුනගැහෙනවා මතක ඇති.ඒවගේම ක්ලෝයි නැවතත් ස්කෝලෙ යනවා ඔයාලා දැන් දන්නවා.අටවන කතාවේදී නැවතත් ටොම්ව හොයාගන්නවා.මේ අතර කතාව සම්පූර්ණයෙන්ම වෙනත් මඟකට හැරෙන්නේ මෙහිදී කියලා ඔයාලා දන්නවා.ඒ තමයි ඩැනීගේ ස්කේට්බෝඩ් එක සුසෑන් විසින් ටොම්ගේ නිවසට ගෙනවිත් දීමෙන් අනතුරුව වීමයි.කතාව අවසන් වෙන්නේ කන්ද උඩ හට් එකේ හිටිය සැකකරුවගේ පලායාමත් සමගයි. නමවන කතාවේදී මතක ඇති සුසෑන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම කරන ආකාරය.එහිදී ලබා දුන් සාක්ෂි අනුව මේ මිනීමැරුමට වරදකරු විදියට වින්ස්ව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. මේ කතාංගය දිවයන්නේ වින්ස් සම්බන්ධවයි.
අද කතාවට 8.2ක IMDB අගයක් තියනවා. අද අවසාන කතාවේදී ඔයාලට ඩැනීගේ මිනීමරුවා ගැන හොදාකාරවම දැනගන්න පුලුවන් වෙනවා. ඒ පුද්ගලයා අපි හීනෙකින්වත් හිතන්නේ නැති කෙනෙක්. මිනිහව අල්ලගන්න මූලික වෙන්නේ කාවර්. මේ මිනීමරුවා මුළු කතාව පුරාවටම අපිට දැකගන්න පුලුවන් වුනා.ඒත් කවුද දන්නේ ඒක???. ඒක ඔයාලට කතාව බැලුවාම තේරුම්ගන්න පුලුවන් වෙයි. එහෙනම් අවසාන කතාවත් බලන්න ආරාධනා කරන ගමන්ම ආයෙත් මතක් කරනවා අපේ බයිස්කෝප් කණ්ඩායම ගොඩාක් ආදරයෙන්.නැවත අලුත් කතාවක් එක්ක ආය අනිවාර්යෙන්ම හමු වෙනකන් අපි ගිහින් එන්නම්.
1.7 GB (Complete Season) මෙතනින් බාගන්න
275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
438 downloadsDownload Gracepoint-EP10.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
12 comments
Kulanjana Maduranga
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහොලා :P ජය
me
Thanks
uditha
Thank you mcoooooooooooooooooo......thawa me wage supiri kathawak karanda puluwannm hodai ....
නිරෝෂ්
ස්තුතියි ඉසුරු/ප්‍රදීප්.නැවතත් මෙවැනිම කතා මාලාවකට උපසිරැසි ලබාදීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! ජයවේවා.
C#
thanx saholaaa! HAWAII FIVE-0 tv series ekata sub dennako!
sajeevi
thanks.
dan meka eka digatama balanna puluwan.තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි. දැන් අලුත් කතාවක් දෙන්න තමයි තියෙන්නෙ.
ජය වේවා. !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

good work.thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......