Watch Trailer

Griselda [S01 : E05] Sinhala Subtitles | මත්කුඩු වලින් ස්වයංපෝෂිත වූ ප්‍රබල අධිරාජ්‍යය [සිංහල උපසිරසි]

Griselda Sinhala Subtitles පෙර කොටසින්… ග්‍රිසෙල්ඩා කතා මාලාවේ හතරවන කොටස ආරම්භ වුණේ ග්‍රිසෙල්ඩා සහ එයාගේ පුතා කාර් වොෂ් එකක ඉන්න දර්ශනයකින්. පාපෝ සහ ගෑනිගේ හිටපු හවුල්කරු එකතු වෙලා රාෆාගේ ගනුදෙනුවට එකඟ වුණාට පස්සේ ගෑනි බයෙන් ඉන්නේ. ඒ බය ගෑනිගේ මූණෙන් පේනුනා. නමුත් ඒ පිටිපස්සේ තියෙන අධිෂ්ඨානයත් පැහ…

Griselda Sinhala Subtitles

පෙර කොටසින්…

ග්‍රිසෙල්ඩා කතා මාලාවේ හතරවන කොටස ආරම්භ වුණේ ග්‍රිසෙල්ඩා සහ එයාගේ පුතා කාර් වොෂ් එකක ඉන්න දර්ශනයකින්. පාපෝ සහ ගෑනිගේ හිටපු හවුල්කරු එකතු වෙලා රාෆාගේ ගනුදෙනුවට එකඟ වුණාට පස්සේ ගෑනි බයෙන් ඉන්නේ. ඒ බය ගෑනිගේ මූණෙන් පේනුනා. නමුත් ඒ පිටිපස්සේ තියෙන අධිෂ්ඨානයත් පැහැදිලිව පෙනෙනවා. අනිත් පැත්තෙන්, CENTAC එක පිහිටුවලා මයාමි මත්ද්‍රව්‍ය විරෝධී සටනේ ප්‍රධාන බලකාය විදිහට ප්‍රසිද්ධියේ එළියට එනවා. ඩයස් සහ ජූන් හොඳ කණ්ඩායමක් විදිහට වැඩ කරනවා.

ග්‍රිසෙල්ඩා ජර්මන් සහ පාපෝට විරුද්ධව ඊළඟ පියවර සැලසුම් කරද්දී ගෑනි පවුල එක්ක අලුත් අධිආරක්ෂිත මන්දිරයකට මාරුවෙලා යනවා. මෙයා කෙල්ලෝ ටිකට අනිත් ගෙදර බලාගන්න භාර දීලා නිතර ඒ ගැන හොයලා බලනවා. කෙල්ලෝ ටික හිතනවා ග්‍රිසෙල්ඩා තමන්ගේ ප්‍රදේශය ආපහු ලබා ගැනීම සාධාරණයි කියලා ගෑනිට සහයෝගය දෙනවා. පිරිමි තමන්ට සලකන විදිහට මේ කෙල්ලෝ කලකිරිලා හිටියේ. ඉතින් මෙයාලා හිතනවා මෙයාලට ලැබෙන්න ඕනේ දේ ලැබෙන කාලය ඇවිත් කියලා. ග්‍රිසෙල්ඩා ඊළඟට දාරියෝට කතා කරලා කියනවා එයාලා අලුත් ගෙදර පදිංචි වෙලා ඉවරයි කියලා. ඊට පස්සේ තමන්ගේ පැවති නියෝග ක්‍රියාත්මක කරන්න කියනවා.

දාරියෝ ජර්මන්ට සුපිරි වෙළඳසැලක දී වෙඩි තබා මරනවා. අනිත් පැත්තෙන් චූචෝ පාපෝගේ ගෙදරට බෝම්බයක් ගහනවා. දාරියෝ ගෙදර, ග්‍රිසෙල්ඩා ආදරයෙන් මිනිහව පිළිගන්නවා. දැන් මෙයාලා එළිපිට ආදර සම්බන්ධතාවයක ඉන්නේ. රාෆා පුවත්වලින් ජර්මන්ගේ මරණය දැනගන්නවා. මිනිහට තේරෙනවා මේක ග්‍රිසෙල්ඩාගේ වැඩක් කියලා. මිනිහා හිතනවා ග්‍රිසෙල්ඩා හිසරදයක් කියලා. නමුත් මේ ගෑනිට කරන දේ ගැන මිනිහට අදහසක් නෑ. ග්‍රිසෙල්ඩා මිනිහට පැහැදිලි පණිවිඩයක් යවනවා. ගෑනි රැස්වීමක් පිහිටුවනවා. නමුත් බයෙන් වෙව්ලමින් මිනිහා එන්නේ නෑ. ඒ වෙනුවට, මිනිහා ග්‍රිසෙල්ඩාට දැනුම් දෙනවා පාපෝ තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. පිපිරීමෙන් මැරුණේ පාපෝගේ තාත්තා කියලා. ඇත්තටම, පාපෝ ජීවත් වෙනවා කියලා අහපුවම ග්‍රිසෙල්ඩාට හීන් දාඩිය දාන්න ගත්තා.

රාෆා කියනවා අලුත් ගෙදර බලකොටුවක් නිසා පාපෝ කෙළින්ම ගෑනිට පහර දෙන්නේ නෑ කියලා. නමුත් පාපෝ අනිත් ගෙදර ඉන්න කෙල්ලෝ ටිකව ඉවරයක් කරලා දාවී කියලා. ග්‍රිසෙල්ඩා දාරියෝට අනිත් ගෙදර බලන්න කියලා අණ කරද්දි පරක්කු වැඩියි. කෙල්ලෝ ටිකගේ බෙලි කපලා ගෙදරත් ගිනි තියලා. ග්‍රිසෙල්ඩා මෙයාලගේ හිතවතුන්ට සහ ගෙදර හිටපු හැමදෙනාම වෙනුවෙන් ශෝක වෙනවා. මේ මැරුණු මිනිස්සුන්ගේ අම්මලගෙන් එක්කෙනෙක් එක්ක කතා කරලා ග්‍රිසෙල්ඩා දිවුරනවා මේක කරපු උන්ගෙන් පළිගන්නවා කියලා.

 


ඒ අතරේ, CENTAC එක නඩුව භාර ගන්නවා. ඩයස් හිතනවා මේක විසඳන එක එයාලට වාසි වෙයි කියලා. මත්ද්‍රව්‍ය ලෝකයේ යුද්ධය උග්‍ර වෙද්දී එයාලා වැඩ පටන් ගන්නවා. ජූන්ට වැඩි වැඩියෙන් පැහැදිලි වෙනවා මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ඉහළ තනතුරක ගෑනියක් ඉන්නවා කියලා. තමන්ගේ න්‍යාය හරි කියලා පෙන්වන තවත් සාක්ෂි හොයාගෙන ඩයස් එක්ක බෙදා ගන්නවා. මිනිහා සැක කරනවා. නමුත් මේ ගැන අහන්න සහ තහවුරු කරගන්න කැමතියි. ජූන්ගේ කතාව අහලා, මිනිහා තමන්ගේ රහස් තොරතුරු සපයන්නෙක්ව හමුවෙනවා. ඒ මනුස්සයා මුලදි කතා කරන්න පැකිළෙනවා. කොහොමහරි, ජූන් ටිකක් පැත්තකට ගියාට පස්සේ, ජූන් ඉල්ලපු විදිහට ඩයස් කාන්තා විරෝධී කාඩ් එක ගැහුවාම, මේ තොරතුරු සපයන්නා ඩයස්ට කියනවා ග්‍රිසෙල්ඩා, එහෙමත් නැත්නම් ද ගොඩ්මදර් (දේව මාතාව) ගැන.

රිවිගේ තොරතුරු නිසා, ග්‍රිසෙල්ඩා පාපෝගේ මිනිස්සුන්ගෙන් කෙනෙක්ට පහර දීලා මිනිහව මරනවා. පස්සේ, ගෑනි තවත් මිනිස්සු තමන්ගේ කණ්ඩායමට අරගන්නවා. ඒ කියුබානුවෝ. මෙයාලට ග්‍රිසෙල්ඩා කතාවක් කරනවා එයාලට ඕනේ දේ ගන්න සහ තමන් වෙනුවෙන්ම වැඩ කරන්න කියලා. මේ මිනිස්සුන්ට ග්‍රිසෙල්ඩා කරපු මේ කතාව හොඳටම ගැළපෙනවා මොකද ග්‍රිසෙල්ඩා එයාලගේ ජීවිත වල තත්ත්වය ගැන තේරුම් අරන් හිටියේ. ග්‍රිසෙල්ඩා මේ මිනිස්සුන්ට අලුත්ම ජීවිතයක් වෙනුවෙන් අවස්ථාවක් ලබා දෙනවා. ග්‍රිසෙල්ඩා දාරියෝට සහ ආටුරෝට දැනුම් දෙනවා තමන්ගේ ප්‍රදේශය ආපහු ගන්නකම් රාෆාට සහ පාපෝට දිගටම ප්‍රහාර එල්ල කරනවා කියලා. ආටුරෝ මේකට පස්ස ගහනවා, නමුත් දාරියෝ සහ ග්‍රිසෙල්ඩා මිනිහව එකඟ කරවගන්නවා.

රාෆා ගැන කියනවා නම්, මිනිහා පාපෝ එක්ක අත් වැල් බැඳගෙන ග්‍රිසෙල්ඩාට පහර දෙන්න උත්සාහ කරනවා. ග්‍රිසෙල්ඩා එල්ල කරන ප්‍රහාරය එයාලට හිතාවත්ගන්න බැරුව යනවා, පුදුම වෙනවා. ගෑනි මෙයාලගේ කොකේන් වලින් වැඩි හරියක් අල්ලගන්න සමත් වෙනවා. ග්‍රිසෙල්ඩා සහ මිනිහගේ මිනිස්සු රාෆා සටන් විරාමයක් ඉල්ලනකම් ප්‍රහාර එල්ල කරනවා. මේ වෙලාවේ, දාරියෝ සහ ආටුරෝ බය වෙනවා බලය ග්‍රිසෙල්ඩාගේ ඔළුවටම වැදිලා ඇති කියලා. නමුත් ගෑනි ගැන විශ්වාස කරනවා. අපි දැනගන්නවා ග්‍රිසෙල්ඩා ගැබිනියක් බව. මෙයා මෙයාගේ පුතා උබර්ට කියනවා මේක දාරියෝට රහසක් විදිහට තියාගන්න කියලා.

ග්‍රිසෙල්ඩා කරදරයක් වෙලා තියෙන නිසා, රාෆා මාර්තා ළඟට ගිහින් අහනවා එයාගේ මාමා සහ එයාගේ හමුදාවේ උදව් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් මිනිහා පිළිගන්න කැමති නෑ ගෑනියෙක් තමන්ව පරාජය කළා කියලා. මිනිහා ග්‍රිසෙල්ඩාට කතා කරලා ගෑනිගේ ප්‍රදේශය ආපහු දෙන්න යෝජනා කරනවා. පාපෝව එකඟ කරවනවා අතීතය අමතක කරලා ඉස්සරහට යන්න. ග්‍රිසෙල්ඩා කියනවා උදේට උත්තරයක් දෙන්නම් කියලා දාරියෝ සහ ආටුරෝ එක්ක කතා කරනවා. දෙන්නා පැකිළෙනවා ග්‍රිසෙල්ඩා එක්ක එකඟ වෙන්න. උබර් ග්‍රිසෙල්ඩාගේ ගැබ් ගැනීම ගැන කිව්ව නිසා දාරියෝ කලබල වෙනවා. මිනිහට ඕනේ වෙනවා ගෑනිවයි දරුවන්වයි ආරක්ෂා කරන්න.

 


ඒ අතරේ, ග්‍රිසෙල්ඩා බලාපොරොත්තු වෙන්නේ මයාමි අල්ලගන්න. කිසිම දෙයකට තමන්ව නවත්තන්න ඉඩ දෙන්නේ නෑ. ග්‍රිසෙල්ඩා රිවිට කතා කරනවා. මිනිහා හොඳින්ම දන්නවා ඊළඟට කරන දේ ගැන. ඒ නිසා මිනිහා යෝජනා කරනවා තමන්ගේ හදවතේ හඬට ඇහුම්කන් දෙන්න කියලා. ඒ රාත්‍රියේ, ග්‍රිසෙල්ඩා තමන්ගේ මිනිස්සු ඉදිරිපිට රාෆාගේ සහ පාපෝගේ කොකේන් පූජාවක් වගේ පුච්චලා දානවා. ඊට පස්සේ ගෑනි තමන්ගේ දකුණත වගේ ඉන්න කියුබානු කොල්ලෙකුට අණ කරනවා පාපෝව මරලා තමන්ගේ මාමගේ පළිය ගන්න කියලා.

පහුවදා උදේ, පාපෝව ගුවන්තොටුපොළේදී දවල් එළියේ මරලා දානවා. මේ කොල්ලව අත්අඩංගුවට ගන්නවා. නමුත් කොල්ලා ග්‍රිසෙල්ඩා ගැන කිසිම දෙයක් කියන එක ප්‍රතික්ෂේප කරනවා. රාෆාට ග්‍රිසෙල්ඩාගේ මේ පණිවිඩය ලැබෙනවා. ගෑනිගෙන් මිනිහට රන් කඩුවක් ලැබෙනවා. කඩුවේ ස්පාඤ්ඤ භාෂාවෙන් ලියලා තියෙනවා “අපි එකට රන් හදමු” කියලා. ග්‍රිසෙල්ඩා මිනිහට කතා කරලා අලුත් ගනුදෙනුවක් යෝජනා කරනවා. ගෑනි කැමතියි රාෆාව තමන්ගේ හවුල්කරු කරගන්න. තමන්ගේ කොකේන් මිනිහා හරහා විතරක් විකුණන්න.

මෙයාලා ෆාබියෝ ඔචෝවා එක්ක රැස්වීමක් පිහිටුවනවා. ග්‍රිසෙල්ඩා ආටුරෝ එක්ක යනවා. කනගාටුදායක සහ කම්පනකාරී විදිහට, රාෆා ග්‍රිසෙල්ඩා ඉදිරිපිටම එකපාරටම ආටුරෝට වෙඩි තියනවා. ගෑනි මෙතනදි බය වෙනවට වඩා කම්පනය වීමක් තමා වුණේ. නමුත් ෆාබියෝ කියනවා මේක තමයි එයාලා එක්ක ගැටුනට පස්සේ ගෙවන්න වෙන මිල කියලා. ඊට පස්සේ ගෑනි අධිෂ්ඨානයෙන් ව්‍යාපාරය ගැන කතා කරනවා.

 


මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,

පැහැදිලියි ග්‍රිසෙල්ඩා සහ එයාගේ දරුවන් අතර සම්බන්ධතාවය බිඳෙනවා කියලා. ගෑනිට අවුල් ගියා උබර් තමන්ගේ රහස දාරියෝට කිව්වට. අනික උබර් තරහින් ඉන්නේ අම්මා එයාලගෙන් ගොඩක් දේවල් හංඟලා බොරු කියන නිසා.

ග්‍රිසෙල්ඩා, ෆාබියෝ සහ රාෆාගේ ප්‍රහාරයක් බලාපොරොත්තු වුණේ නෑ. රැස්වීමට කලින් තමන්ගේ ආරක්ෂාව අඩු කරගත්තා. මේ අලුත් හවුල්කාරිත්වය රැඳිලා තියෙන්නේ ගොඩක් ලේ සහ පාඩු මත. ග්‍රිසෙල්ඩාට සහ රාෆාට මෙයාලගේ වෛරය පැත්තකින් තියලා එකට වැඩ කරන්න යන්න පුළුවන්ද ?

ග්‍රිසෙල්ඩා සහ දාරියෝ අතර මොකද වෙන්නේ ? පේන විදිහට මෙයාලට ඕනේ වෙනස් දේවල්. නමුත් දරුවෙක් දැන් ලැබෙන්න ඉන්න නිසා කවුරු අඩියක් පස්සට තියාවිද සහ මේ සම්බන්ධතාවය දිගට යාවිද ? දාරියෝ කැමතියි ග්‍රිසෙල්ඩාගේ අනාගතේ වඩාත් ප්‍රබල මට්ටමේ එකක් වෙන්න අරින්න සහ පාලනය භාර ගන්න. නමුත් මිනිහා තාත්තා කෙනෙක් වුණාට පස්සෙත් එහෙම හිතයිද ?

 

Griselda Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

801 downloadsDownload Griselda-S01E05.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Griselda Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

801 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මචං සබට

  2. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H