ඔන්න එහෙනම් මේ අරගෙන එන්න යන්නේ පෙබරවාරි මාසේ එලිදක්වපු අලුත්ම කතාමාලාවකුය. 2011 නිකුත්වුන “Hanna” කියන චිත්‍රපටය ආශ්‍රයෙන් සහ එහි දිගුවක් ලෙස මේ කතාමාලාව Amazon Prime වෙතින් නිකුත් කලේ. (ඇත්තටම මමත් ඔය චිත්‍රපටය බලලා නෑ, ඒ නිසා මේක මටත් අලුත් අත්දැකීමක්.) පලවෙනි කොටස පෙබරවාරි 3 වෙනිදා තමයි නිකුත්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්න යන්නේ පෙබරවාරි මාසේ එලිදක්වපු අලුත්ම කතාමාලාවකුය. 2011 නිකුත්වුන “Hanna” කියන චිත්‍රපටය ආශ්‍රයෙන් සහ එහි දිගුවක් ලෙස මේ කතාමාලාව Amazon Prime වෙතින් නිකුත් කලේ. (ඇත්තටම මමත් ඔය චිත්‍රපටය බලලා නෑ, ඒ නිසා මේක මටත් අලුත් අත්දැකීමක්.) පලවෙනි කොටස පෙබරවාරි 3 වෙනිදා තමයි නිකුත් කලේ. කලින් ෆිල්ම් එක බලල නෑ කියල මේක නොබල ඉන්න එපා, මොකද චිත්‍රපටයේ තිර රචනය සිදුකරපු David Farr විසින්ම තමයි මේ කතාමාලාවේ තිරරචනයත් සිදුකරල තියෙන්නේ. කෙසේ හෝ මේක හංගේරියාව, ස්ලෝවැකියාව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ මොරොක්කෝව යන රටවල් කිහිපයක රූගත කරලා තියෙනව.. කොටස් අටකින් සමන්විත මේ කතාමාලාවෙ ඉතිරි මොටස් මාර්තු 29 එනව කියල තමයි කියල තියෙන්නේ. මේ පලවෙනි කොටසට 7.8 ක IMDb අගයක් ලැබිලා තියෙනව. ආරම්භයක් විදිහට ඒක හොඳ අගයක් කියලයි මං නම් හිතන්නේ. ඉදිරියට කොහොම වෙයිද දන්නෙ නෑ, නමුත් හොඳ කතාවක් වෙයි කියල හිතනවා.
හරි එහෙනම් කතාව කෙටියෙන් මෙහෙමය. රහසිගතව ක්‍රියාත්මක වෙන CIA කඳවුරකින් තමන්ගේම දුවව පැහැරගෙන යනවා Erik Heller කියන නියෝජිතයා. ඔහුගෙ බිරිඳත් මේකට හවුල් වෙන අතර මෙහෙම පැහැරගෙන යද්දී ඔවුන්ට ඒ කඳවුර භාර ආරක්ශකයින් විසින් වෙඩි තබනවා. එතනදි මේ නියෝජිතයාගේ බිරිඳට වෙඩි වදිනව. ඉතින් කොහොමහරි මේ පුද්ගලයා අම්මවත් නැතුව තමන්ගේ දුවව කැලේ තුලදීම ආරක්ශක පුහුනුවක් ලබාදෙනවා කවදාහරි ආයෙ මේ වගේ දෙයක් උනොත් ආරක්ශා වෙන්න කියල. කෙසේ හෝ වසර 15 ක් තිස්සේ හොර රහසේ කැලේ තුල ඇති දැඩිවුන මේ ගැහැනු ළමයාට පිටස්තර පිරිමි ළමයෙක් හමුවෙනව. ඔහුව ආශ්‍රය කිරීමට ගොස් යම් අනවශ්‍ය ක්‍රියාවක් නිසා වසර ගනනක් සැඟවිලා හිටිය කැලය තුලට නැවතත් අර CIA ආරක්ශක කණ්ඩායමක් එනව. එතනදී කලින් සැලසුම් කරගෙන හිටිය විදිහට තාත්තයි දුවයි වෙන් වෙලා දුව හිතාමතාම අර ආරක්ශකයින් යටතට පත්වෙනව. නමුත් ඒ යම් සැලසුමකට අනුවයි. ඒ තමයි තමන් කවුද, තමන්ගෙ මව මැරුවෙ කවුද, ඇයි ඔවුන් තමන්ට පහරදෙන්නේ කියලා හොයාගන්නට ” හැනා ” ට ලැබෙන අවස්ථාව. ඉතින් එතන ඉඳන් කතාව තමයි ඉදිරියට ගමන් කරන්නේ.
එහෙනම් මේ කොටස අරගෙන ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න, අලුත් එපිය ලැබුනු වහාම හැකි ඉක්මනින් අරගෙන එන්නම්. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,375 downloadsDownload Hanna-2019-S01-E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
26 comments
sachintha
geeganagamage
ගොඩාක් ස්තුතියි සුපිරි ට්වි සීරියස් එකක් වගේ .
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු..Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
wajira
Thanks for sub
Shehan putha
Thanks bro....
suranuwan
thanks bro...
suranuwan
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....!
Namalsamantha
Anit tiket sub denna
malinda shayaman
Hanna seson1 wab dala subtitles danna.. ...good luck
Naveenjayasinghe
ජය වේවා !!!
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Buddi
Thanks...................
Buddi
Thanks...........
kodagoda
tnx bro
Stranger
thanks
dx12
thanks bro.
melinda
thank you
Iiiiiiooooo
මේකේ ඉතුරු සබ් නැද්ද
Iiiiiiooooo
Meke ithuru sub ndda
Mano
Godak sthuthi..Jaya wewa!
nilanka
thanks......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය