Watch Trailer

Cobra Kai (2018) [S01 : E01] Sinhala Subtitles | වසර ගණනාවකට පසුව මේ ඔවුන්ගේ ජීවීත ගත වෙන අයූරුයි!! [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහන පොඩි කාලේදී මතකේ රැදුණු, ලේසියෙන් අමතක නොවන විදිහේ මතකේ රැදුණු චිත්‍රපට වගේම කතාමාලා තියෙනවා. මොකද බොහෝ දෙනෙක් ඒ කාලේ කරපු දෙයක් තමයි ඉස්කෝලේ නිවාඩුවක් එනකන් ඉදලා ටීවී එකේ යන ළමා චිත්‍රපට බලපු එකනේ. බොරු කියන්න ඕන නැහැ මමනම් එහෙමයි. අවුරුද්දකට ලැබෙන නිවාඩු කාල සමයන් වලදී එක එක නාලිකා වලින්…

පෙර සටහන

පොඩි කාලේදී මතකේ රැදුණු, ලේසියෙන් අමතක නොවන විදිහේ මතකේ රැදුණු චිත්‍රපට වගේම කතාමාලා තියෙනවා. මොකද බොහෝ දෙනෙක් ඒ කාලේ කරපු දෙයක් තමයි ඉස්කෝලේ නිවාඩුවක් එනකන් ඉදලා ටීවී එකේ යන ළමා චිත්‍රපට බලපු එකනේ. බොරු කියන්න ඕන නැහැ මමනම් එහෙමයි. අවුරුද්දකට ලැබෙන නිවාඩු කාල සමයන් වලදී එක එක නාලිකා වලින් නොයෙක් විදිහේ දේවල් විකාශය කරන්න ඇති. මේ අතරේ එකම දේ ඕනෑවට වඩා විකාශය කරන්න ඇති. ඔය අතරේ බොහෝ දෙනෙක් ආදරෙන් වැළදගත්ත චිත්‍රපෙළ තමයි The Karate Kid කියන්නේ. මට මතක නම් නම් රුපවාහිනී නාලිකාවල මේකේ චිත්‍රපට කීයක් විකාශය කලාද කියලා. හැබැයි මේ වෙද්දී සම්පුර්ණ චිත්‍රපට පහක් නිකුත් වෙලා තියෙනවා. මේකෙන් චිත්‍රපට තුනක් තමයි ඔරිජිනල් ත්‍රිත්වයක් හැටියට සැලකෙන්නේ. මේ චිත්‍රපටපෙළ තමයි,

ඔය විදිහට තමයි චිත්‍රපට පෙළෙහි විකාශය සිද්දවුණේ. ඉතින් මේ The Karate Kid චිත්‍රපටවල උරුමය ඉදිරියට ගෙන යෑමේ අරමුණින් තමයි Cobra Kai කියන කතාමාලාව නිර්මාණය වුණේ. මේ කතාමාලාව බලන්න කලින් 1984 වසරේදී නිකුත් වූ කරාටේ කිඩ් මුල් චිත්‍රපටයවත් බලලා හිටියා නම් තමයි හොද. මොකද මේ කතාමාලාව සෘජුවම සම්බන්ධ වෙන්නේ ඒ චිත්‍රපටයෙන් පසු කාලයටයි.

කතාවේ අන්තර්ගතය

කාටවත් අමතක නොවුණු මුල් චිත්‍රපටයේ අවසානය සිදු වුනු විදිහ ගැන හැමෝටම මතක ඇතිනේ? සියලුම මිටියාවත් අතරින් කරාටේ තරගාවලියෙ ශුරතාවය අවසානයේදී ලැබුනේ ඩැනියෙල් ලරූසෝට. ජොනී ලෝරන්ස් හිතාගෙන හිටියත් එයා ලරූසෝව පැරැද්දුවා කියලා ඒත් අන්තිමේදී ලරූසෝ ඇවිත් ජොනීගේ මුණට ලරූසෝ තමන්ගේ කකුලෙන් පහරක් එල්ල කරලා තමයි අවසන් වටය ජයග්‍රහණය කලේ. මෙතනින් හරියටම වසර 34 කට පසුව තමයි Cobra Kai කතාමාලාව ආරම්භ වෙන්නේ. ඩැනියෙල් ලරූසෝ කියන්නේ මේ වෙද්දී ලරූසෝ නම් වාහන විකුණන සමාගමක අයිතිකරුවෙක්. මීයාගේ මහත්තයගේ දැනමුතුකම් ඔස්සේ ගමන් කරපු ලරූසෝ නම් හැම අතින්ම වගේ සාර්ථක කෙනෙක්. ඒත් ජොනී ලෝරන්ස්? ජොනී කියන්නේ මේ වෙද්දී එදා දවසේ කුලී වැඩක් කරන් දවස ගැට ගහගන්න, ජීවිතේ හරිම අමාරුවෙන්, වැඩිහරියක්ම බීමතින් ගත කරන මනුස්සයෙක්.

මේ විදිහට අසාර්ථක ජීවීතයක් ගත කරන ජොනීට තමන් නැවතිලා ඉන්න තැනට අලුත් ආව අසල්වැසි කොල්ලගේ යෝජනාවක් දුර දිග ගිහින් ජීවීතේ ජය ගන්න ඕන කියන අදහස ඇතුව තමයි ජොනී ලෝරන්ස් කෝබ්‍රා කායි නමින් ඩෝජො එකක් එහෙම නැත්තම් කරාටේ පන්තියක් ආරම්භ කරන්නේ. කතාව අතරතුර විටින් විටම වගේ ජොනීට වෙච්ච දේවල් මතක් කෙරෙන විදිහේ අතීත සිදුවීම් මතක් වෙනවා වගේම ඒ කාලේ ඉදන්ම ජොනී අතරෙයි ලරූසෝ අතරෙයි තිබුණු කෝන්තරෙත් අලුත් වෙනවා. හරියටම කතාව නිකුත්වෙලා මාස හතරක් ගතවෙලා තියෙන එකේ මං මේ කතාව ගැන මීට වඩා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

පසු සටහන

මේ කතාමාලාවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට කලින් මුල් චිත්‍රපටයේදී මුණ ගැහුණු මූණවල් ටිකම තමයි මේ කතාමාලාවේදී දකින්න ලැබෙන්නෙත්. හැබැයි මේ කට්ටියට අපි හිතනවාටත් වඩා දැන් වයසයි. Ralph Macchio | ඩැනියෙල් ලරූසෝ ලෙසත්, William Zabka | ජොනී ලෝරන්ස් ලෙසත්, Courtney Henggeler  | ඩැනියෙල් ලරූසෝගේ බිරිද වන අමන්ඩා ලරූසෝ ලෙසත් වගේම මේ කතාමලාවට අලුතින් එකතු වන නව පරම්පරාවේ අය වශයෙන් Xolo Maridueña  | මිගෙල් ඩියාස් ලෙසත්, ජොනිගේ පුතු විදිහට රොබී කීන් නම් චරිතයෙන් Tanner Buchanan  ලෙසත්, ලරූසෝගේ දියණිය වන සමන්තා ලරූසෝගේ චරිතයෙන් Mary Mouser යන අය ඇතුළු තවත් බොහෝ දෙනෙක් මේ කතාවට දායක වෙනවා. නමුත් ඔයාලා දැකපු මිස්ටර් මියාගීව නම් මේ කතාමාලාවෙන් දකින්න ලැබෙන්නේ නැහැ පෙර මතකයන්වල සිදුවීම් කිහිපයක් හැරුනම. මොකද මියාගී චරිතයට රගපෑ Pat Morita 2005 වසරේදී නොවැම්බර් 24 වැනිදා ලොස්ඇන්ජලීස් වලදී මිය ගිහින් තියෙනවා වකුගඩුවල හරි ආකාරව ක්‍රියා නොකිරීම නිසා.

IMDb දර්ශකයේ 8.9/10 ද, Rotten Tomatoes දර්ශකයේ 100% ක අගයක් ලබා ගනිමින් මේ කතාමාලාව ඒ සටහන් වලම තවමත් පවතිනවා. 2018 මැයි දෙවැනිදා සියලුම කොටස් 10 නිකුත් වෙම්න් YouTube Premium නාලිකාව තුල විකාශය වීමැ සිදු වුණා. මෙහි විධායක අධ්‍යක්ෂකවරුන් අතරේ බොහෝ දෙනෙක් දන්නා Will Smith ඇතුළුව කරාටේ කිඩ් චිත්‍රපට නිර්මාණයට දායක වූ  James Lassiter, Caleeb Pinkett, Susan Ekins, Josh Heald, Jon Hurwitz වගේම Hayden Schlossberg යන අයවලුන් දායක වෙලා තියෙනවා. එක් කොටසක් විනාඩි 26-36 අතර කාලයක් ධාවනය වෙනවා. මේ වෙද්දීත් සම්මාන උළෙලවල් දෙකකටම නිර්දේශ වෙලා, චිත්‍රපට පෙළක උරුමය ඉදිරියට රැගෙන යාමේ අරමුණින් නිර්මාණය කල හොදම කතාමලාවක් බවට පිළිගන්නා මට්ටමටම එන්න තරම් මේ කතාමාලාව අති සාර්ථක වෙලා තියෙනවා. ඒ ලැබූ සාර්ථකත්වය නිසාම මේ කතාමාලාව විකාශයෙන් වැඩි කල් නොයා දෙවැනි කතාසමයක්ද 2019 වසරේදී ලබාදෙන අරමුණින් ප්‍රකාහයක්ද ඉදිරිපත් කලා.

මීටත් වඩා නම් කියන්න දෙයක් නැහැ. කියන්න යන්නෙත් නැහැ මොකද මේ කතාමාලාව විකාශය වෙලා දැනට මාස තුනක් පමණ ගත වෙලා තියෙන නිසා. මේ කතාව මේ වෙද්දී බලපු අය අනිවාර්යෙන්ම ඇති. බලපු නැති අයත් ඇති. අහලා ඇතිනේ කතාවක් තියෙනවා “කිසිම නොකර ඉන්නවට වඩා ප්‍රමාද වෙලා හරි තමන් කරන්න බලාපොරොත්තු වෙන දේ කරන එක වඩාත් හොදයි” කියලා. කතාවට තිබුණු ආසාච නිසාම තමයි පරක්කු වෙලා හරි අරන් එන්න හිතුවේ. දවසට කොටස් දෙක ගානේ හෝ ඊට වඩා වැඩි ගානක් ලැබෙයි. බලන අයට බලන්න තමයි තියෙන්නේ.

ගිහින් එන්නම්. ඊළග කොටසින් මුණගැහෙමු. ජය!!

 

 


 

 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

14,753 downloadsDownload Cobra-Kai-S01E01.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

14,753 downloadsDownload Subtitles20 KB

23 comments

  1. Gayan ranga

    බොහොම ස්තූතියි මේකට සබ් දුන්නට...

  2. Chämàrá Sâmpáth

    පසුගිය වසරේදී ලියන ලද ලිපියක් බව කරුණාවෙන් සලකන්න

  3. Dushandc

    ikmanata ikamanata sub tika denna labewa.. bohoma pin yalu

  4. dush135

    ela

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක් මේක...Season 2 එනකම් බලන් ඉන්නේ...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. akalankagayan

    Thnx...

  8. adMark

    Thanks

  9. Udaya Tharanga

    thank you

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  11. Thisal

    thanks

  12. Kulanjana Maduranga

    subata thanks

  13. kelumchathuranga

    thanks

  14. Hashan M. Priyadarshana

    Thank you bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Hiran Eranda

    Thank tou

  17. Mr.pamz

    jaya wewaaa

  18. MAALnath

    Thanks ..............good luck ......................

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  20. kasun

    link eka dannako.hoyaganna ba episode tika

  21. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  22. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  23. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.