ඔන්න එහෙනම් කට්ටිය මග බලාගෙන හිටපු Dragon Prince දෙවැනි කතා මාලාවේ 5,6 කොටස් දෙක මම අරගෙන ආවා. මමත් මේකේ කොටසක් හරි කරන්න ආසාවෙන් ඉදියේ. ඉතින් ඒ හින්දා උදයංග අයියගෙන් ඉල්ලුවා. දීලත් බෑ ඉල්ලුවම නොදීත් බෑ කියලා😊 මට මේ කොටස් දෙක කරන්න අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙනම් බලමු කතාව ගැන. පසුගිය…

ඔන්න එහෙනම් කට්ටිය මග බලාගෙන හිටපු Dragon Prince දෙවැනි කතා මාලාවේ 5,6 කොටස් දෙක මම අරගෙන ආවා. මමත් මේකේ කොටසක් හරි කරන්න ආසාවෙන් ඉදියේ. ඉතින් ඒ හින්දා උදයංග අයියගෙන් ඉල්ලුවා. දීලත් බෑ ඉල්ලුවම නොදීත් බෑ කියලා😊 මට මේ කොටස් දෙක කරන්න අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙනම් බලමු කතාව ගැන.
පසුගිය කොටස්වලින්…
පසුගිය කොටස් වලින් දකින්න ඇතිනේ ක්ලෝඩියා කැලම්ට එයාගේ සුළු පියාගේ එහෙමත් නැත්තම් රජතුමාගේ මරනය ගැන කිව්වා ඒ කියලා කැලම් නැතිකරගත්ත හැරෝ රජතුමා දුන්න ලියුමත් ආපහු එයාට දෙනවා. ඒ වගේම ක්ලෝඩියා සහ එයාගේ සහෝදරයා කොහොමහරි චාටුවෙන් කුමාරවරුන්ව මාළිගාවට එක්කගෙන යන්න හදපු වැඩේ හරි ගියේ නැති නිසා බලෙන් ඒ වැඩේ කරන්න ගිහිල්ලා නා ගත්ත හැටි. රෙයිලාට මුල ඉදලම ඒ දෙන්නා ගැන කිසිම විශ්වාසයක් තිබ්බේ නෑ නේ. ඒත් කැලම් ඒ දෙන්නව හොදටම විශ්වාස කලා. රෙයිලා කියන කිසිම දෙයක් විශ්වාස කලෙත් නැ නේ. කොහොමහරි එයාල හිටපු තැන මූන්ෂැඩෝව් විජ්ජාකාරිගේ උදව් එහෙමත් අරගෙන රෙයිලා ක්ලෝඩියයි එයාගේ සහෝදරයයි දෙන්නවම රවට්ටලා පැනගත්තා. කැලමුත් ක්ලෝඩියයි එයාගේ සහෝදරයා ගැනයි ඇත්ත දැනගත්තා.
ඊට පස්සේ කොහොමහරි එතනින් ඒ කට්ටියගෙන් බේරිලා පිපී ගේ පිටේ යනකොට එකපාරට පිපී දුර්වලා වෙලා වැටිලා එස්‍රන් සහ මකර පැටියා නූලෙන් බේරෙනවා රෙයිලා නිසා. එතනින් එහාට අපේ කට්ටියට යන්න වුනේ මුහුදක් තරණය කරගෙන. රෙයිලා ලෝකේ වැඩියෙන්ම වෛර කරන දෙයත් එක්ක(වතුර). කොහොමහරි ඊට පස්සේ එයාලගේ වැඩේ වුනේ ඒ මුහුද තරනය කරන්න නැවක් හොයාගන්න එක. ඒකත් එල්ෆ් කෙනෙක්ට වෛර කරන්නේ නැති කෙනෙක්ව. කොහොමහරි කැලම් ඒකට කියාපු කපිතාන් කෙනෙක් හොයාගත්තා ඇස් දෙකම පේන්නේ නැති කපිතාන් කෙනෙක්ව. ඊට පස්සේ කට්ටිය මුහුදේ යන්න ලෑස්ති වුනා. රෙයිලට නම් ගමන එච්චර හොද වුනේ නෑ. ඊට පස්සේ දකින්න ඇති ජෙනරාල් අමයා ක්ෂේඩියාවේ මායිමේ මුර කපොල්ලකට ගිහිල්ලා සන්ෆයර් එල්ෆ්ලගෙන් ප්‍රහාරයකට ලක්වෙනවා එයාගේ කණ්ඩායමත් එක්කම. ඒ අතරෙම විරෙන් අනිත් රාජධානි හතරට යවපු සංදේශ වලට පිළිතුරු විදිහට පස්කොන් සමුළුවකට ඒ රාජධානි හතර එකග වෙලා සංදේශ එවලා තිබ්බා අවසානේ.
අද කොටස් වලින්….
අද බලාගන්න පුළුවන් විරෙන් කොහොමද අනිත් රාජධානි හතරට මේ දැන් ඇති වෙලා තියෙන තර්ජනය නැති කරලා දාන්න කැමති කරගන්න දරන උත්සහය, ඒ වගේම කැලම් ඇතුළු පිරිස මුහුදේ යන ගමනත්, කැලම්ට හැරෝ රජතුමා දුන්න ලියුමේ තියෙන දේවල් මොනවද කියලත්. එතකොට අතීත කතාවකුත් ඒ අතරේ ගලාගෙන යනවා. ඒ මොකද්ද කියලත් ඔයාලට කතාව බලලාම දැනගන්න පුළුවන්.
මම හිතනවා උදයංග අයියා වගේම කතාංග දෙකටම සාධාරණය ඉෂ්ඨ කලා කියලා. නැවත වතාවක් එහෙනම් උදයංග අයියට ස්තූතියි කියන ගමන් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමු වෙමු. ජය වේවා…!!🚩🤗
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,918 downloadsDownload The-Dragon-Prince-S02-E05-E06.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
16 comments
sachintha
Ariyarathna
Ela
Chanu mikhail
ela..
tnxImeshamadu
Thenks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Castlevania Season 2 එකටත් සබ් දෙමු...Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dilanka Maduwantha
Thank Bro
Ayesh Prashan
Thank You
Janasanka
බොහොම ස්තුතියි සහෝ...
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ඔබට ජය...!!!Cj
තැන්කුයි වේවා
rockz2020
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
උපසිරස ලබාදුන්නට බොහොම ස්තූතියි!
ජය වේවා සහෝ!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥nishannw
ස්තූතියි ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mmadhushankha
Thanks bn
rockz2020
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි කවිශල් සහෝ! ✌ ;)
ජය වේවා! ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Advertisement
![The Dragon Prince [S02 : E05-E06] Sinhala Subtitles | අතීතාවර්ජනා සහ මෙහෙයුම්.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/The-Dragon-Prince-NF-2018-.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය