මේ ලෝකයේ සිටින මිනිසුන් මම මෙහෙම වර්ගීකරණය කරනවා, නිර්මාණශීලිත්වයෙන් වැඩක් ගන්නා මිනිස්සු සහ ඉන් වැඩක් නොගන්නා මිනිස්සු ලෙස. සෑම මිනිසෙක් තුළම නිර්මාණශීලිත්වය ගැබ් වී ඇති බව මම විශ්වාස කරනවා. එහෙත් එය හඳුනා ගන්නේත්, අවදානම දරමින් ඉන් ලොවට යමක් දායාද කරන්නේත් එහෙමත් පිරිසක්. කිසිඳු නව නිපැයුමක් එ සි…

මේ ලෝකයේ සිටින මිනිසුන් මම මෙහෙම වර්ගීකරණය කරනවා, නිර්මාණශීලිත්වයෙන් වැඩක් ගන්නා මිනිස්සු සහ ඉන් වැඩක් නොගන්නා මිනිස්සු ලෙස. සෑම මිනිසෙක් තුළම නිර්මාණශීලිත්වය ගැබ් වී ඇති බව මම විශ්වාස කරනවා. එහෙත් එය හඳුනා ගන්නේත්, අවදානම දරමින් ඉන් ලොවට යමක් දායාද කරන්නේත් එහෙමත් පිරිසක්. කිසිඳු නව නිපැයුමක් එ සිට එය යථාර්ථයක් බවට පත් වන තුරු එන ගමන් මාර්ගය ලෙහෙසි පහසු නෑ. අවම පහසුකම් යටතේ, බාධක හමුවේ නොසැලී තම නිර්මාණශීලිත්වය තුළින් ලොවටම වටිනා නිපැයුමක් දායාද කළ එවන් මිනිසුන්ගේ කතාන්තරයක් ලෙස මම මෙය හඳුන්වන්නම්.
හාර්ලි-ඩේවිඩ්සන්…! මේ නම ඇසූ පමණින් ඔබගේ මනසේ ඇඳෙන්නට ඇත්තේ සමහරවිට ලෝක ප්‍රකට ඇමරිකානු මෝටර් සයිකල් සමාගම වන්නට ඇති, එහෙමත් නැතිනම් අපූරු මෝටර් සයිකල් සංස්කෘතියක් සහ පන්තියක් හඳුන්වා දුන් සමාගමක් ලෙස, සමහර විට ඔවුන්ගේ මෝටර් සයිකල් වලටම පමණක් අනන්‍ය වූ අපූරු ශබ්දය ” පොටෑටෝ, පොටෑටෝ ” වන්නට ඇති, ඒත් නැත්නම් ඔවුන්ගේ බයිසිකල වල ඇති ” වින්ටේඦ්’ පෙනුම වන්නට ඇති. ඔබ මෝටර් සයිකල් පිස්සෙක් නම් හාර්ලි-ඩේවිඩ්සන් ඔබ දකින්නේ ඉහත කී ආකාර වලින් එකකට වන්නට බොහෝදුරට ඉඩ තිබුනත්, බයිස්කෝප් පිස්සෙක් නම් එය ඊටත් වඩා වෙනස් අයුරින් දැකීමට හැකියි. අතිශය ඉහළ ධාරිතාවයක් හිමි, සාම්ප්‍රදායික මෝටර් සයිකල් පෙනුමෙන් ඔබ්බට ගිය, හාර්ලි-ඩේවිඩ්සන්, සිනමා නළුවන් අතර පමණක් නොවෙයි, නිළියන් අතර ඉතාමත් ජනප්‍රියයි. ඒ කොයි තරම්ද කියලා එකම එක උදාහරණයකින් කියන්නම්. ඔස්කා සම්මානලාභිනී එලිසබත් ටේලර් මේ වර්ගයේ බයිසිකලයක් පැදවූවා. ඇය ස්වාමිපුරුෂයන් සත් දෙනෙක් මාරු කරත්, ඒ බයිසිකලය නම් මාරු කළේ ඇය නොවේ.
හාර්ලි-ඩේවිඩ්සන් මෝටර් සයිකල් එක්තරා සංස්කෘතියක් ඇති කිරීමට සමත් වූවා. අද වනවිට ඔවුන් විදුලි යතුරුපැදි නිපදවන්නට තරම් දියුණුවට පත් ව තිබෙනවා. එහෙත් ඔවුන් ඒ ගමන ආරම්භ කළ ආකාරය පිළිබඳ ඔබ දන්නවා නම් සැබැවින්ම ඔබ මවිතයට පත් වෙයි. එහෙමනම්, ඒ දිග ම දිග කතාන්තරය කෙටි ම කෙටි කරලා කියන්නයි මේ සූදානම.
2016 වසරේ නිකුත් කළ Harley and the Davidsons කොටස් තුනකින් සමන්විත, Biography කාණ්ඩයට අයත් ඉතාමත් අපූරු නිර්මාණයක්. එය සත්‍ය සිදුවීම් පාදක කරගනිමින්, අඩුත් නැතිව, වැඩිත් නැතිව, හාර්ලි-ඩේවිඩ්සන්වරුන් මෝටර් සයිකල් නිපද වූ ගමන්මඟ ඔබේත්, මගේත් මනසට සමීප කිරීමට සමත්. ඔවුන්ගේ හිතුවක්කාරී ස්වභාවය, කැපවීම, අපේක්ෂාව, ජයග්‍රහණයන්, පරාජයන්, ආදරය, මානුෂීය බව ඉතාමත් සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් මෙහි නිරූපණය වෙනවා. IMDb දර්ශකයේ 8.3 කුත්, කුණු තක්කාලි දර්ශකයේ 80% කුත් වගේ ඉතා ඉහළ අගයක් ලැබීමෙන් ම ඔබට තේරෙනවා ඇති මෙය කිසිසේත් ම මඟ නොහැරිය යුතු බව.
පළමුවන කොටස දිග හැරෙන්නේ ආතර් ඩේවිඩ්සන්, විලියම් හාර්ලි සහ ආතර්ගේ සහෝදරයා වෝල්ටර් ඩේවිඩ්සන් එක්ව හාර්ලි-ඩේවිඩ්සන් මෝටර් සයිකල් නාමයට ආරම්භයක් දෙන ආකාරයයි. වචනයෙන් කිව නොහැකි ජවයක්, ශක්තියක් මෙය නැරඹීමේදි ඔබට දැනෙයි. ඒ නිසාම කම්මැලිකමක් නැතිව මෙය එක දිගට නැරඹිය හැකියි. පුද්ගලික ව මගේ සිංහල උපසිරැසිකරණ ජීවිතයේ මට ලැබුන විශාල වාසනාවක් විදියට මම මේ කතාන්තරය දකිනවා. මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ ඉතාමත් සුළු දැනුමක් තිබුන මට මෙයට උපසිරැසි නිර්මාණය පහසු වුනේ නම් නැහැ. ඒ කොයි තරම්ද කියනවා නම් වැඩේ අවසාන වෙද්දී මට මෝටර් යාන්ත්‍රික විද්‍යාව පොතකුත් කියවලා අවසාන කරන්න වුනා. එහෙමත් හොයාගන්න, ගලපගන්න අපහසු වුන යෙදුම් පරිවර්තනය කරලා දුන්න ප්‍රබුද්ධ කේසර විතානගේ සහ ඉසුරු දිල්ශාන් මල්ලිටත්, මේ වගේ සුපිරි නිර්මාණයකට උපසිරැසි නිර්මාණයට අවස්ථාව දුන් අපේ අසංක ප්‍රදීප් රණතුංග අයියාටත් විශේෂ ස්තූතිය හිමිවෙනවා.
එහෙමනම්, හාර්ලි- ඩේවිඩ්සන් දෙවන කොටසින් අපි හමුවෙමු. ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,882 downloadsDownload Harley-and-the-Davidsons-E01.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
24 comments
sandun perera
tharindu gunarathna
thanks
chiro
supiri programe ekak.me wage ewa godak balanna asay...me wage thawa ewata sub karanna
Panther
Niyamai digata sub aka demu akke
Ishan Madusha
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Malinda
වැඩේ අවසාන වෙද්දී මට මෝටර් යාන්ත්‍රික විද්‍යාව පොතකුත් කියවලා අවසාන කරන්න වුනා,,,
Hats off...
anthimaya
Thanks.
Keep up the good workරොයිලි
හම්මේ නගත් කැමති දේවල් කිව්වලු. :P බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Helili Hemamali
ඒකනේ අයියේ කියන්නේ.
yomal deeptha
superb
D.Chamara
bohoma sthuthi sahodari anithi tikka aragena enna . aniwa balanwa. ... jaya....:D
krishanmadusanka
oya hindama hithata waduna.baaganna damma on thanks
Nirosh C
බොහොම ස්තුතියි සහෝදරී.ජයවේවා!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Pushpa Kumara
Film eka download karaganna link ekak dennako... plss...
අසංක ප්‍රදීප් රණතුංග
පොස්ට් එකේ යටම ලින්ක් එක තියෙන තැන කියල තියෙනවා පැහැදිලිව, ඇයි මේ කට්ටියට ඒක පෙන්නේ නැත්තේ...?
Pushpa Kumara
ha..
Sanjeewa2010
Patttaaaaaaaaaaaaaaaaaaa
trok
බොහොම ස්තුතියි.
tharaka madushanka herath
බොහොම ස්තූතියි.
Damith Priyankara
බොහොම ස්තූති උපසිරසියට !!!
Sudeepa4638
ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
බොහෝම ස්තූතියි
spielberg 2017 මේකටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
Steven Spielberg ගේ කතාව