පොරොන්දු වුන විදියටම Harley and the Davidsons 2016 දෙවන කොටස අරගෙනයි ආවේ. ස්ථිර රැකියාවක් නැතුව, තක්කඩි තාලේ වැඩ කර කර කාලේ ගත කරපු ආතර් ඩේවිඩ්සන්, කොහොමින් කොහොම හරි අලුත්ම තාලේ මෝටර් බයිසිකලයක් හදන්න විලියම් හාර්ලිව නම්ම ගත්තා විතරක් නෙවෙයි නාහෙට නාහන වෝල්ටර් ඩේවිඩ්සන්ගේ අතේ තිබුන සතේ දක්වා ඒ වැඩ…

පොරොන්දු වුන විදියටම Harley and the Davidsons 2016 දෙවන කොටස අරගෙනයි ආවේ. ස්ථිර රැකියාවක් නැතුව, තක්කඩි තාලේ වැඩ කර කර කාලේ ගත කරපු ආතර් ඩේවිඩ්සන්, කොහොමින් කොහොම හරි අලුත්ම තාලේ මෝටර් බයිසිකලයක් හදන්න විලියම් හාර්ලිව නම්ම ගත්තා විතරක් නෙවෙයි නාහෙට නාහන වෝල්ටර් ඩේවිඩ්සන්ගේ අතේ තිබුන සතේ දක්වා ඒ වැඩේට ආයෝජනය කරන තැනට ගෙනාවා. එහෙම පටන් ගත්ත ගමනේ ඔවුන්ට ආව බාධක අපමණයි. උදව් කරන්න ආව අයට වඩා කකුලෙන් අදින්න ආව අය අපමණයි. ඒත්, වැටුන හැම වෙලාවෙදිම ඔවුන් ආයිත් නැගිට්ටා. ඒ පෙරටත් වඩා වැඩි ජවයකින්. මේ කතාව බලාගෙන යද්දී මට හිතුනේ ඔවුන්ගේ ජයග්‍රහණ වල රහස වෙන්නේ, තම තමන් ඇත්තටම දක්ෂ මොන දේටද කියනෙක ඔවුන් හොඳින්ම හඳුනාගෙන සිටීම කියලයි. ආසාවට වගේ පටන් ගත්ත වැඩේ වෝල්ටර් ඩේවිඩ්සන් යට කරපු සල්ලියි, විලියම් හාර්ලිට තමන්ගේ පවුලේ බර කරට ගන්න සිදු වීමයි වගේ හේතු උඩ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ආතර්-ඩේවිඩ්සන් විදියට පුංචියට පටන් ගත්ත ව්‍යාපාරේ ආතර් ඩේවිඩ්සන්ගේ භූමිකාව වෙන්නේ විකිණුම් සහ අලෙවිකරණ අංශයේ කටයුතු කිරීම. කතාවෙන් මිනිස්සු අල්ල ගන්න ඔහුට තිබුන හැකියාව පළමු කොටසෙන් දකින්න ඇති. එතකොට අපේ විලියම් හාර්ලි එහෙමත් නැත්නම් කොයි වෙලෙත් පැන්සලක් අතේ තියන් කුරුටු ගගා හිටපු ඉලන්දාරියා ඇන්ද චිත්‍ර, හැබෑවක් බවට පත් වුනා. ඔහු තමයි හාර්ලි-ඩේවිඩ්සන් සමාගමේ ඉංජිනේරු වැඩ කටයුතු වල ප්‍රධානියා වුනේ. වෝල්ටර් ඩේවිඩ්සන්, කවුරුවත් කියන දෙයක් මායිම් කරන්නේ නැති හිතුවක්කාරයා කාර්මික ශිල්පියෙක් විදියට තමන් ගාව තියන දැනුම සමාගමට ලබා දෙනවා විතරක් නෙවෙයි ඔහු පෙන්වනවා, ඔහුගේ අසමසම වේග ධාවන හැකියාව. ඒ වගේම ඔවුන් තුන්දෙනාටම සමීප මිත්‍රයෙක් වුන එඩී කොහොම අමතක කරන්නද?
කලින් කොටස අවසන් වුනෙ බොහොම දුක හිතෙන සිදුවීමකින්. මෝටර්-ඩ්‍රෝම් ධාවනය කරන්න එපා කියන දේ ආතර් දිගින් දිගටම කිව්වත්, වෝල්ටර් ඒක පිළිගත්තේ නෑ. හිතුවක්කාරයෙක්ට ඉන්නේ වෝල්ටර් විතරයි කියලා හිතුවට එඩී ඊටත් එහා! කොහොමෙන් කොහොම හරි එඩීගේ හිතුවක්කාරකම කෙළවර වෙන්නෙ ඔහුට ජීවිතෙත් අහිමි කරවලයි. දකින්න ඇතිනේ, කලින් කොටසේ අවසාන හරියේ එඩීගේ සිරුර දිහා බලන් ඉඳලා ආතර්, වෝල්ටර් දිහා බලපු හැටි! වෝල්ටර් ගේ හිතුවක්කාරකම් වලින් ආතර් නොසෑහෙන්න බැට කාලා ඉන්න පාටයි. කලින් ඉන්දියන් සමාගමේ අයිතිකාරය එක්ක ගහගෙන පාඩු කරා, දැන් තවත් ප්‍රශ්නයක්.
එතන ඉඳන් මොකද වෙන්නේ කියලා බලාගන්න ඔයාලට ම භාර කරලා මම සමුගන්නවා. අවසාන කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,469 downloadsDownload Harley-and-the-Davidsons-E02.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
21 comments
Nirosh C
D.Chamara
bohoma sthuthi sub ekata degatam karagena yamuo jaya....
තරිඳු පෙරේරා
මේක බාගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද කට හරි
tharindu gunarathna
psa rips
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Soori
ස්තුතියි හෙළිලි නංගී...!!
Geethkp
Digatama denta nangii thanks dear…
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
amil077
Superrb.... this is grate ...
ThanksIshan Madusha
බොහොම ස්තූතියි
tharindu gunarathna
thanks
Ruchika
sub eka hadapu BR eke name eka denna puluwannam hodai. naththan sub eka set henne na.thanks
අසංක ප්‍රදීප් රණතුංග
පොස්ට් එකේ යටම ලින්ක් එක තියෙන තැන කියල තියෙනවා පැහැදිලිව, ඇයි මේ කට්ටියට ඒක පෙන්නේ නැත්තේ...?
Ravin
Thanks for the sub
Buddhika1
බොහොම ස්තුතියි
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
එලtharaka madushanka herath
බොහොම ස්තූතියි.
Sudeepa4638
ස්තූතියි.
dilsku
ela ela thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි සහෝදරී.ජයවේවා!