මම ජේම්ස්. වයස 17. මට හොඳටම විශ්වාසයි මං මනෝව්‍යාධිකයෙක් ( Psychopath) කියලා. මේ තමයි The End Of The F***ing World කියන Mini TV series එකේ intro එක. මේ series එකේ කතාව තනිකරම වෙනස් අමුතු එකක්. මේක විකාශය පටන් ගත්තේ 2018 ජනවාරි 5 ඉඳලා, Netflix නළිකාවේ. මේ ටිවි සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම…

මම ජේම්ස්.
වයස 17.
මට හොඳටම විශ්වාසයි මං මනෝව්‍යාධිකයෙක් ( Psychopath) කියලා.
මේ තමයි The End Of The F***ing World කියන Mini TV series එකේ intro එක. මේ series එකේ කතාව තනිකරම වෙනස් අමුතු එකක්. මේක විකාශය පටන් ගත්තේ 2018 ජනවාරි 5 ඉඳලා, Netflix නළිකාවේ. මේ ටිවි සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම තියෙන කොමික් සීරිස් එකක් මේ සීරිස් එක Dark Comedy, Drama කියන genre එකට අයිති වෙන්නේ. Jonathan Entwistle සහ Lucy Tcherniak දෙන්නා තමයි මේක අධ්‍යක්ශණය කරල තියෙන්නේ. මේ සීරිස් එක විකාශය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා හොඳ ප්‍රතිචාර ලැබුනා. විශේෂයෙන්ම Rotten Tomatoes වෙබ් අඩවියෙන් මේ සීරිස් එකට 100% ඉහලම ප්‍රතිශතයක් දුන්නා. ඊට අමතරම මේ සීරිස් එකට 8.4 IMDb අගයකුත් ලැබිල තියෙනවා. සීරිස් එකට රංගනයෙන් දායක වෙන්නේ Alex Lawther, Jessica Barden, Steve Oram, Gemma Whelan, Wunmi Mosaku, Christine Bottomley, Navin Chowdhry, Barry Ward ඇතුළු නළු නිළි පිරිසක්. මේ සීරිස් එක එච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතු උනේ මේ සීරිස් එකේ තියෙන වෙනස්ම කතාව වගේම ප්‍රධාන චරිත දෙක රඟපාන නළු, නිළි දෙපලගේ දක්ශ රංගනය නිසා.
මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි ජේම්ස් කියලා කොල්ලෙක්, අනිත් කෙනා තමයි ඇලීසා කියලා කෙල්ලෙක්. ඇලීසත් වෙනස්, අමුතු කෙල්ලෙක්. කෙල්ලො කොහොමත් අමුතු, තේරුම් ගන්න බැරි කොට්ටාසයක් නේ. හැබැයි, කෙල්ල ජේම්ස් තරම්ම අමුතුයි කියල කියන්න බෑ. කතාව ගලාගෙන යනකොට කෙල්ල මොන වගේ එකියක්ද කියලා (ලාවට වගේ) තේරුම් ගන්න පුළුවන්. කොල්ලගේ, ඒ කියන්නේ ජේම්ස් මොන වගේ එකෙක්ද කියල වේලාසනම සුද්ද සිංහලෙන් කියල තියන එක හොඳයි කියල හිතෙනවා. ජේම්ස් කියනව නේ පොර මනෝව්‍යාධිකයෙක් එහෙම නැත්තන් Psychopath කියලා. මේ Psychopath කියල කියන්නේ කෙලින්ම කියනව නම් මොලේ විකෘති උන්ට. මං දන්නව විදියට කවුරුවත්ම උපතින්ම Psychopathic වෙන්නේ නෑ. එහෙම වෙන්න බලපාන විවිධ හේතු තියෙනවා. හුඟක් වෙලාවට පොඩි කාලේ සිද්ධ වෙන දරා ගන්න බැරි අත්දැකීමක් හෝ අත්දැකීම් නිසා පොඩි එකෙක් ලොකු වෙනකොට Psychopathic වෙන්න පුළුවන්. තාමත් තේරුනේ නැත්තන් මං මෙහෙම කියන්නම්. ඔය හොලිවුඩ් ෆිල්ම්ස්, ටිවි සීරිස් වල සීරියල් කිලර්ස් (Serial Killers) එහෙම නැත්තන් දාම මිනීමරුවන් කියල කට්ටිය ඉන්නව දැකල තියෙනවද? අන්න ඒ දාම මිනීමරුවන් හැමෝම වගේ මෙන්න මේ කියන Psychopath ලා. උදාහරණයක් කිව්වොත්, අපි මොකක් හරි හොඳ දෙයක් කරලා සතුටක් ලබනවා වගේ මං මේ කියන Psychopathic කෙනෙක් සතුටක් ලබන්නේ කවුරු හරි කෙනෙක්ට හිංසාවක් කරලා. හිංසාවක් කිව්වේ දරුණුම විදියේ හිංසාවක්. Psychopathic චරිත පදනම් කරගෙන නිර්මාණය උන ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපටි, ටිවි සීරිස් තියෙනවා. Psycho (1960), American Psycho (2000), The Dark Knight (2008) (හීත් ලෙජර් රඟපෑ ජෝකර් චරිතය), කියන්නේ එවැනි චිත්‍රපටි කීපයක්. තව Dexter ටිවි සීරිස් එකත් මේ කියන Psychopathic චරිතයක් මූලික කරගත්තු නිර්මාණයක්.
මේ ටිවි සීරිස් එක ගැන පොඩ්ඩක් කතා කරනව නම්, මේකේ කතා වෙන සමහර සමාජ ගැටලු සහ හමුවෙන සමහර චරිත අපේ සමාජයෙත් අඩු වැඩි වශයෙන් තියෙනව / ඉන්නව නේද කියල හිතෙනකොට, අපි අද ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අමුතු ලෝකෙක කියල හිතෙන නතරකරගන්න බෑ. ඒ තරමටම විකෘති වෙලා ගියපු සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඔව්, සමහරවිට මේ ලෝකේ අවසානය වෙන්නත් පුළුවන්. කවුද දන්නේ?
හරි එහෙනම් ඔයාලත් අරන් බලන්නකො කොහොමද ඔයාලට මේ කතාව දැනෙන්නේ කියලා. එක එපියක ධාවන කාළය විනාඩි විස්සක් වගේ නිසා, මේ වගේ කතාවල සාමාන්‍යයෙන් දැනෙන එපා වෙන ගතියක් මේ කතාවේ නෑ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
10,465 downloadsDownload The-End-of-the-F__ing-World-E01-E02.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
24 comments
milinda138
Gishan Kaushalya
ඕකෙ 1st Episode එකෙ sub එක හොයගන්න බෑ...හොයල දෙනවද...?
Gishan Kaushalya
සුපිරිම බන්...තැන්කූ සහෝ....
gayan4
ස්තූති සහෝ.
Thisal
ස්තූති bagena tibbe kalinma
geeganagamage
බොහෝම ස්තුතියි මේ වගේ වෙනස් විදිහේ ලස්සන ට්වි සිරියස් අරගෙන එනවට .
Sherlock holmes
Elama saho thanks
Panther
Sha ela bro. Digatama sub aka demu
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks machan........jayawewa.....!
viraj harsha
Fattaaa..meka supiri series eka..okkoma episodes tika bagena thyenne..okotma sub denn saho elama...
Nirosh C
ස්තුතියි කල්හාර සහෝ.ජයවේවා!
isuruBhashana
thanks saho.!
Maneesha18
Download krgnn link ekk dennko
Janith Sachintha
data set una gaman gannawa thanks machan wedi wediyen lebennona elama
Tharindu1829
මචං මේකෙ Episode එක බාන්නාLink එක නෑනෙ Baiscopedownload එකේ.පොඩ්ඩක් හොයලා දෙනවද.ආසාවෙන් ඉඳපු TV Series එකක්.
Dewadithya
Thanks for Sub!
Enz
<3
Bruce___Wayne
බොහොම ස්තූති
ජය ✌️✌️✌️Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති dexter,friends,suits mey tv series walatath sub dennako
Malaka prasad
thanq bro sub ekata
සිරිසේන
අද බලන්න ගත්තෙ ස්තූතියි සබ් එකට ❤
Advertisement



ප්ලීස් Dexter ටිවි සීරිස් එකටත් සබ් කරන්න :)