Watch Trailer

Harley and the Davidsons [E03] Sinhala Subtitles | අපේ උරුමය පරපුරෙන්, පරපුරට [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම්, තුන්වන කොටස එහෙමත් නැත්නම් අවසානයත් අරගෙනයි ආවේ. හාර්ලි-ඩේවිඩ්සන් නම දවසින් දවස ඉදිරියට ගිය ගමන පහුගිය කොටසින් දකින්න ඇති. විශේෂයෙන්ම ඔවුන් නිපද වූ අංශක 45 ක කලා වෙනසකින් යුත් ඝන සෙන්ටි මීටර 440 බයිසිකලය එනම්, V twin අතිශයෙන්ම ජනප්‍රිය වූවා. ඔවුන්ගේ බයිසිකල වල අතිශය සිත් ඇදගන්නා සුළු ශබ්දය…

එහෙමනම්, තුන්වන කොටස එහෙමත් නැත්නම් අවසානයත් අරගෙනයි ආවේ. හාර්ලි-ඩේවිඩ්සන් නම දවසින් දවස ඉදිරියට ගිය ගමන පහුගිය කොටසින් දකින්න ඇති. විශේෂයෙන්ම ඔවුන් නිපද වූ අංශක 45 ක කලා වෙනසකින් යුත් ඝන සෙන්ටි මීටර 440 බයිසිකලය එනම්, V twin අතිශයෙන්ම ජනප්‍රිය වූවා. ඔවුන්ගේ බයිසිකල වල අතිශය සිත් ඇදගන්නා සුළු ශබ්දයක් තිබුනා. එය අල වලට කියන ඉංග්‍රීසි වචනය දිගින් දිගටම කියනවාක් වැනියි. ” potato, potato..!”

මේ ආකාරයෙන් හාර්ලි-ඩේවිඩ්සන් බයිසිකල දිනෙන් දින දියුණු වෙද්දී, පළමු වන ලෝක සංග්‍රාමය සමය උදා වුනා. එයද ඔවුන්ට ලාභ ගෙනදීමට සමත් වූවේ යුධ සෙබලුන්ට මෝටර් සයිකල් සැපයීමට ඔවුන්ට හැකි වූ නිසයි. මේ කාලය වන විට ඔවුන්ට සිටි ප්‍රධානම ප්‍රතිවාදියා වූවේ ඉන්දියන් බයිසිකල් සමාගමයි. කොහොම වෙතත්, ආතර් ඩේවිඩ්සන්ගේ උපායශීලි කතා බහත්, විලියම් හාර්ලිගේ නිර්මාණශීලිත්වයත්, වෝල්ටර් ඩේවිඩ්සන්ගේ දැඩි තීරණත් සමඟින් ඔවුන් ඉදිරියට යනවා. පළමු වන ලෝක සංග්‍රාමය අවසානය වන විට ඔවුන් විශාල ලාභයක් උපයා ගන්නට සමත් වෙනවා පමණක් නොවෙයි, පළමුවන ලෝක සංග්‍රාමයේදී ජර්මනියට ඇතුලු වූ පළමු වන ඇමරිකානු සෙබලා ගෙනයන හාර්ලි ඩේවිඩ්සන් යතුරු පැදිය රැගත් ඡායාරූපය ඔවුන්ට ඉතාමත් අභිමානයක් ගෙන එනවා.

එහෙත්, 1929 දී ඇති වූ මහා ආර්ථික අවපාතය හමුවේ ඔවුන්ට විශාල ලෙස පාඩු විඳීමට සිදු වෙනවා. අද කොටස බලද්දී ඔබට පෙනෙයි මෝටර් සයිකල් නිෂ්පාදනය පසෙකින් තබා රෝද තුනේ සර්වි කාර් නිෂ්පාදනයට ඔවුන්ට සිදු වෙන ආකාරය. මේ සියලු හැල හැප්පීම් වලට මුහුණ දෙමින් දිරියෙන් නැගී සිටින ආතර්, හාර්ලි, වෝල්ටර් කෙමෙන් කෙමෙන් වයසට යද්දී, ඊලඟ පරම්පරාව වෙනුවෙන් ඔවුන් යමක් ඉතිරි කොට යනවා. ඒ මොකක්ද කියන දේට පිළිතුර මේ කොටස අවසානයේ ඔබට ලැබෙයි.

අදටත් හාර්ලි නිෂ්පාදන, ලොව කඩවසම්ම මෝටර් සයිකල බල කවුරුන් වුවත් අවිවාදයෙන් පිළිගන්නවා ඇති. හාර්ලි- ඩේවිඩ්සන් හුදෙක්ම මෝටර් සයිකල වෙළඳපොලට නිකුත් කරන සමාගමක් නොවී, සමාජය තුළ ඔවුන්ගේ මෝටර් සයිකල් උප සංස්කෘතියක් ඇති කළා.

එමෙන්ම 2008 වසරේදී උතුරු ඇමරිකාවේ හාර්ලි-ඩේවිඩ්සන් කෞතුකාගාරයක් විවෘත වූවා. වසර 100 යකටත් වඩා ඉපැරණි ඔවුන්ගේ ඉතිහාසය සහ ඔවුන්ගේ මුල් නිෂ්පාදන දැක බලා ගැනීමේ හැකියාව ඉන් හිමි වෙනවා.

ඒත් එක්කම Harley and the Davidsons සමඟින් අපි ගත කළ කාලය අවසන් කරන්නයි යන්නේ. මම හිතනවා, මගේ වගේම මේ කතාන්තරය ඔබේත් සිත් ගන්න ඇති කියලා. උපසිරැසියේ වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් නිසා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම ආයිත් වතාවක් අසංක අයියට ස්තූතිවන්ත වෙනවා මේ අපූරු නිර්මාණය මට වෙන් කරලා දුන්නට.

ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,274 downloadsDownload Harley-and-the-Davidsons-E03.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,274 downloadsDownload Subtitles47 KB

20 comments

  1. chiro

    me dila tiyenne,,,supiri....sub ekata thanx...

  2. kasunrachintha

    sub ekata godak sthuthi. nuyama kathawak

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. lakmal chathuranga

    tank you very mach niyamayi tawath me wage awa danna sub akata tank you

  5. Ravin

    Thanks for the sub

  6. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    මටනම් අඩු පාඩුවක් කියලා බලනකොට හම්බ උනේ නෑ \
    කොහොමත් ඉතින් english දන්නේ නැති එකේ
    කතාව යනවා සිංහල යනවා කතාව බලාගෙන සිංහල ටික කියවනවා
    කතාව රස විදිනවා
    ම න් න ම් කරන්නේ ඕක
    ඔන්න මේකේ කොටස් ඔක්කොම දුන්නට ayi ස්තුතියි
    වෙලාවක් ති යේ නම් සීසන් එක දීලා තාම කළේ නැති ටීවී එකක සබ් එකක් කරන්ඩ

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. amil077

    බොහොම ස්තූතියි.
    මෙන්න මේ වගේ ඒවා තමයි සබ් දෙන්න ඔනි.. ආසාවෙන් බලන්න හිතෙන වටිනා කථාවක්. පුළුවනි නම් සහෝදරි American Genius එකටත් සබ් එකක් දෙන්න. ඒ කථාමාලාවත් මේ වගේම වටිනා දැනුමෙන් පොහොසත්..

  9. Nirosh C

    ස්තුතියි සහෝදරී.ජයවේවා!

  10. trok

    බොහොම ස්තුතියි.

  11. tharindu gunarathna

    thanks a lot

  12. D.Chamara

    bohoma sthuthi sahodari degatam karagena awata jaya. ... :D

  13. sudumalli2009

    ස්තූතියි.. වටින කතාවකට සබ් දුන්නට (Y)

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  15. NAV33N

    thankz sub walataaaa

  16. tharaka madushanka herath

    බොහොම ස්තූතියි.ජයෙන් ජයම වේවා..........!

  17. Cypher_Paradox

    Thnkz so mush sis!
    Keep going....good luck!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. chamika shiwantha

    thank you very much....

  20. lakshanads

    ඔයාට ගොඩක් ස්තුතියි. මගේ සිත් අැදගත් කතාවක්.
    මම ඉතාමත් කැමතිය මේ වගේ කතා බලන්න.
    ඔබට ජය වේවා...!