ආපු දවසෙම උණු උණුවෙ මේ අරගෙන එන්නේ Marvel ෆෑන්ස්ලා එනකන් මග බලාගෙන හිටපු අලුත්ම MCU වෙබ් සීරිස් එක. MCU තුළින් මේ විදිහට Hawkeye පාදක කරගෙන සීරීස් එකක් නිර්මානය වෙනවා. ඉතිං Hawkeye චරිතයට සෝලෝ සීරීස් එකක් ලැබෙන්නත් Phase හතරක්ම ගතවුණා. කොහොම හරි සෝලෝ කිවුවට මේ සීරීස් එකට ක්ලින්ට් බාර්ටන්ට අමතරව තවත…

ආපු දවසෙම උණු උණුවෙ මේ අරගෙන එන්නේ Marvel ෆෑන්ස්ලා එනකන් මග බලාගෙන හිටපු අලුත්ම MCU වෙබ් සීරිස් එක. MCU තුළින් මේ විදිහට Hawkeye පාදක කරගෙන සීරීස් එකක් නිර්මානය වෙනවා. ඉතිං Hawkeye චරිතයට සෝලෝ සීරීස් එකක් ලැබෙන්නත් Phase හතරක්ම ගතවුණා. කොහොම හරි සෝලෝ කිවුවට මේ සීරීස් එකට ක්ලින්ට් බාර්ටන්ට අමතරව තවත් චරිත දෙක තුනක්ම පාදක වෙනවා. කෙලින්ම සබ් එකට යන්න කලින් අපි මේ චරිතයේ කොමික් පසුබිම බලල ඉමු,
Clint Barton aka. Hawkeye

Clinton Francis “Clint” Barton චරිතය මුලින්ම මාර්වල් චිත්‍ර කතා පිටු අතරට පැමිණෙන්නේ 1964 වසරේ Tales of Suspense කොමික් කතාවෙන්. මේ චරිතයත් නිර්මාණය වෙන්නේ මාර්වල් නම ඇසුනු පමණින් මතක් වෙන Stan Lee මහතා අතින්. ඊය අමතරව Don Heck චරිත නිර්මානයට දායක වෙනවා. MCU වලදි දැක්කා වගේම ක්ලින්ට් කියන්නේ Master Archer කෙනෙක්. ඒ වගේම දක්ෂ hand- to- hand combatant කෙනෙක්. වැදගත්ම දේ තමා පොරටත් පනිශර්ට වගේ කිසිම සුපිරි බලයක් නැහැ. නමුත් Hawkeye මාර්වල් තුලදී ඉතාම දක්ෂ වගේම වැදගත් චරිතයක් විදිහට ප්‍රසිද්ධයි.
Kate Bishop

සීරීස් එකේ ඊළඟට ඉන්න ප්‍රධානම චරිතය තමා කේට් බිශොප් කියන්නේ. Katherine Elizabeth “Kate” Bishop තමා මෙයාගේ සම්පූර්ණ නම. මුලින්ම කොමික්වලට එන්නේ 2005 ආපු Young Avenger #5 කොමික් එකෙන්. ක්ලින්ට් එක්ක බැලුවම මෑත කාලයේ ආපු අලුත් චරිතයක් කියන්න පුලුවන්. MCU තුළ පියවරෙන් පියවර ගොඩනගමින් පවතින Young Avengers වලදී අපි දන්න කියන හුඟක් වීරයින් තරුණ අලුත් චරිතවලින් ආදේශ වෙනවා කියන එක ෆෑන්ස්ලා අතර ප්‍රසිද්ධ රහසක්නේ. ඉතිං ක්ලින්ට්ගේ තැන ගන්න MCU තුළට එන චරිතය තමයි මේ කේට්.
කේට් කියන්නේ සුලු සුලු වෙනස්කම් කිහිපයක් ඇරුනම ක්ලින්ට්ගේ කාන්තා මුහුණුවරමයි. කේට්ටත් දුන්නක් සහ ඊතලයකින් අසාමාන්‍යය වැඩ කිඩ පෙන්වන්න පුලුවන්. ඒ වගේම කඩු හැසිරවීම, මාර්ශල් ආර්ට්ස්, බොක්සින් වගේ හැකියාවන් ගොඩක් තියෙනවා.
හරි එහෙනම් සිරීස් එක පැත්තට ආවොත් මේ තමා Disney+ තුළින් එන හතරවෙනි MCU ලයිව් ඇක්ශන් ටීවි ප්‍රොජෙක්ට් එක, Jonathan Igla තමා මෙදා පාර Marvel සීරීස් එකේ ක්‍රියේටර් විදිහට එකතු වෙන්නේ. ඒ වගේම නිශ්පාදන කටයුතු වෙනුවෙන් මිලියන 150 ක ලොකු බජට් එකක් මේ සීරීස් එකට වැය කරලා තියෙනවා.
සුපුරුදු පරිදි ක්ලින්ට් විදිහට Jeremy Renner එකතු වෙනවා. ඊට අමතරව MCU තුළට අලුතින්ම එකතු වෙන කේට් බිශොප් චරිතයට පන පොවන්නේ අපි හැමෝම දන්න Hailee Steinfeld විසිනුයි. ඒ වගේම Tony Dalton, Fra Fee, Aleks Paunovic, Simon Callow, Bryan d’Arcy James සීරීස් එකට එකතු වෙනවා.
Hawkeye සීරීස් එක කලින් ආපු MCU සීරීස් තුනටම වඩා වෙනස් ස්වරූපයකිනුයි එන්නේ. මේ සීරීස් එකේ ලොකුවටම Christmas වයිබ් එකක් එකතු කරලා තියෙනවා. ඒ කොහොම වුනත් සුපුරුදු පරිදි හොඳ ඇක්ශන් සීන් නම් බලාගන්න පුලුවන්.
මේ සීරීස් එකටත් ලැබෙන්නේ කලින් සීරීස් දෙකට වගේම කොටස් 6 ක්. පළවෙනි කොටස් දෙක අද නිකුත් වුණා. ඉතුරු කොටස් හතර සති පතා Disney+ තුළින් නිකුත් කිරීමට නියමිතයි.
කලින් කිවුවත් වගේ කතාව වෙන්නේ දෙසැම්බර් මාසෙක්. ක්ලින්ට් තමන්ගේ ඇවෙන්ජර්ස් ජීවිතයට සමුදීලා පවුලෙ අයත් එක්ක සතුටින් කාලය ගත කරනවා. විශේෂයෙන්ම බ්ලිප් එකේ බලපෑමත් එක්ක ක්ලින්ට් තවත් වැඩි පුර කාලයක් පවුලෙ අයත් එක්ක ගතකර්න්න කැමැත්තෙන් ඉන්න පාටක් පේනවා. කතාවෙ සිදුවීම් වෙනකොට ක්ලින්ට් නත්තල් බලන්න ළමයි තුන්දෙනාම එක්ක නිව් යෝර්ක් ඇවිත් ඉන්නේ. ඔය අතර අනිත් පැත්තෙන් කේට් කතාවට සම්බන්ඳ වෙනවා. ඒ කොහොමද කියලා බලාගන්න නම් අනිවාරෙන්ම පළවෙනි එපිය බලන්නම වෙනවා.
මේ වෙනකොට හැම Marvel series එකක්ම කෙලින්ම MCU එකත් එක්ක සම්බන්ඳ වෙනවා. ඒ නිසා ඉදිරියේදි MCU ටයිම් ලයින් එක තේරුම් ගන්න නම් අනිවාරෙන්ම ටීවි සීරිස් සෙට් එකත් නරඹන්නම වෙනවා. ඒ නිසා Hawkeye සීරීස් එකත් එක්ක එක්තු වෙන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් දෙවෙනි කොටසින් ඉක්මණින්ම හමුවෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,745 downloadsDownload Hawkeye.2021.S01E01.-update.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #Editor's Pick
- #Florence Pugh
- #Hailee Steinfeld
- #Hawkeye
- #Jeremy Renner
- #Linda Cardellini
- #Marvel Cinematic Universe
- #MaxxA
- #MCU
- #Offbeat
- #PHase 4
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tony Dalton
- #Vera Farmiga
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ස්
32 comments
Anonymous
Cobra20
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Harsha Rawishan
Episode 2 නැද්ද බන්
Thilinda Randeera
මග බලන් හිටපු series එකක් දිගටම දෙන්න..
Gihan
සබට තුති සහෝ❤
ජය වේවා.......Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
oshanda
ela kollek...niyamai awa gaman dila
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
tharanka
ela
Udara Madushanka
ikmnaninm sub eka dipu eka gena gdk thq mcn
Sandeep
Thanx sub eka ikmnta dunnata
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
tharindu nirmal
thanks bro
Dilana
thanks for the sub
episode 2 release una november 24Anonymous
Tick tick boom film ekt sub eka denn baid
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Udara Damith
iuythgio
Anonymous
Supiri
Pramukmili
Thanxxxxxx bro...........
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sandun
thanks
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Mindhunter ,dexter sub dennako
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
lakshan
thanks ................
Malka Jayathilina Revo
අද මේක බලන්න ගත්තේ ...
සිංහළ උපසිරසිය ස්තුතියි..... ❤️Dewadithya
Thanks for Sub!
Mathew sheron
Thanks
ravindra
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thankyou