Hawkeye කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරගෙන එන්නේ. හිතුවට වඩා සෑහෙන හොද ආරම්ඹයක් වගේම ප්‍රේක්ෂක ආදරයකුත් කතා මාලාව වෙතට අරගන්න මුල් කොටස් දෙක සමත් වුණා. මේ විදිහට මුල් කොටස් දෙකම එකම දවසෙ නිකුත් කිරීම Disney+ ලා ගත්ත හොඳ තීරණයක් කියන්න පුලුවන්. කොහොම හරි සාමත් සහතික කරලා නැති වූනාට පෝස්ට් ක්‍රෙඩිට් ස…

Hawkeye කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරගෙන එන්නේ. හිතුවට වඩා සෑහෙන හොද ආරම්ඹයක් වගේම ප්‍රේක්ෂක ආදරයකුත් කතා මාලාව වෙතට අරගන්න මුල් කොටස් දෙක සමත් වුණා. මේ විදිහට මුල් කොටස් දෙකම එකම දවසෙ නිකුත් කිරීම Disney+ ලා ගත්ත හොඳ තීරණයක් කියන්න පුලුවන්.
කොහොම හරි සාමත් සහතික කරලා නැති වූනාට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක කැමියෝ එකකට කින් පින් පවා එකතු වෙන්න පුලුවන් කියනවා. ඒ ගැන එතරම් වැඩි විශ්වාසයක් තියාගන්න බැරි වුනාට කතාවේ අනාගතය ගැන නම් සුබ ලකුණු ටිකක් පේනවා.
කලින් කොටස පැත්තට ගියොත් කේට් බිශොප් කියන්නේ පොඩි කාලෙදිම තාත්තාව අහිමි වුණු කෙල්ලෙක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පළවෙනි කොටස අපිව අරන් යන්නේ 2012 අවුරුද්දට. කතාව පටන් ගන්නේ 2012 ලෝකි පෘථිවියට පහරදුන්නු දවසේ, ඒ කියන්නේ The Avengers චිත්‍රපටයේ සටනේ සිදුවීම් වුනු දවසේමයි. ඉතිං කේට් මේ දවසේ දකිනවා හෝව්ක් අයි පිටසක්වළ හමුදාවට එරෙහිව නිර්භීතව සටන් කරන විදිහ. මේ දර්ශනය නිසා තමා කේට්ට ක්ලින්ට් බාටන්ගේ හෝව්ක් අයි හොද ආදර්ශයක් වෙන්නේ.
කොහොම හරි Endgame එකේ සිදුවීම්වලින් වසර දෙකකට පස්සේ, ඒ කියන්නේ 2025 දි ක්ලින්ට් තමන්ගෙ දරුවන් එක්ක නත්තල් අසිරිය නරබන්න නිව් යෝර්ක් ඇවිත් ඉන්නේ. මේ අවටම කේට් බිශොප් ජීවත් වෙනවා. ඔයාලා දකින්න ඇතිනේ කේට් කියන්නේ කුතුහලේ වැඩි දඟකාර කෙල්ලෙක් කියලා. මේ කුතුහලේ නිසා තමා කේට් කරදරේ වැටෙන්නේ. කේට් සාදයකට සහභාගි වෙලා ඉන්න හෝටලේකට හඳුනා නොගත් මැර කල්ලියක් පහර දෙනවා. ඉතිං කේට් කට්ටිය බේරගන්න ඕන නිසා හෝව්ක් අයිගේ කලින් මුහුනුවරක් වුනු රෝනන්ගේ ඇඳුම දාගන්නවා.
Endgame එකේ මතක ඇති ගොඩක් දරුණු විදිහට හතුරන්ට සලකපු නිසා රෝනන්ට දැන් ගොඩක් වෛර කරන අය ඉන්නවා. ඉතිං ඇඳුම දාගත්ත නිසා මේ හතුරන්ගේ ගොදුර බවට පත් වෙන්නේ කේට්. ඒත් මේ සිදුවීම දැනත්තු ක්ලින්ට් ඇවිත් කේටිට උදවු කරනවා. ඔන්න ඔය විදිහට තමා ක්ලින්ට් බාටන් සහ කේට් බිශොප් චරිත දෙක මුල් වරට MCU තුළදි මුනගැහෙන්නේ.
ඉතිං මේ මැර කල්ලිය කවුද, කේට් ක්ලින්ට් අතර මොන වගේ දේවල් වෙයිද කියලා දැනගන්න පුලුවන් අද කොටසින්. මේ කොටසටත් 8.2 ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා. කොටස නම් වෙන්නේ Hide and Seek කියලා.
කවුද මේ රොනින් කියන්නේ?

පළවෙනි කොටස් දෙක පුරාම අහන්න ලැබෙන නමක් තමයි මේ රොනින්. මේකත් මාර්වල්වල එන චරිතයක්. චරිතයක් කිවුවට කොමික්වල ඉන්න එක එක පුද්ගලයින් කාලයෙන් කාලයට භාවිත කරපු persona එකක්, එහෙමත් නැත්තන් පුද්ගලතාවයක් විදිහට රොනින්ව හඳුන්වන්න පුලුවන්. Endgame එකේ දැකපු විදිහට ක්ලින් බාටන්, ඒ හැර ගත්තම මායා ලූපස්, එරික් බෲක්ස්, ඇලෙක්සි ශොස්ටකෝ (රෙඩ් ගාඩියන්) වගේ චරිත ගොඩක් මේ පුද්ගලතාවය භාවිත කරලා තියෙනවා. මේ චරිතය නිර්මානය කරන්නේ බ්‍රයන් මයිකල් බෙන්ඩිස් විසිනුයි. මුලින්ම කොමික්වල දකින්න ලැබෙන්නේ New Avengers #11 න්.

ඊලඟ කොටස් හතර සති පතා හැම බදාදා දවසකම Disney+ ප්ලැට්ෆෝර්ම් එකෙන් නිකුත් වෙන්නේ. ඒ කොටස්වලටත් මේ වගේම ආපු ගමන්ම උපසිරැසි ලබාදෙන පොරොන්දුව මත සමුගන්නම්. දිගටම Hawkeye එක්ක එකතු වෙලා ඉන්න.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,315 downloadsDownload Hawkeye-S01-E02.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #Editor's Pick
- #Florence Pugh
- #Hailee Steinfeld
- #Hawkeye
- #Jeremy Renner
- #Linda Cardellini
- #Marvel Cinematic Universe
- #MaxxA
- #MCU
- #Offbeat
- #PHase 4
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tony Dalton
- #Vera Farmiga
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ස්
38 comments
Kantha_DLA
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Afflux Entertainment
Good work
Gihan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
ජය වේවාDinusha Kaveen
❤️
PCVENOM
sthuthi
tharanka
thanks ban
Cobra20
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Anuja Lakshitha
thanks sub ekta
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Sub ekata tnx bro
Anuk
Thank uu sahoo
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Thilinda Randeera
දිගටම දෙන්න සහෝ
Anonymous
Thanks.
kawruhari kiyannako mcu kiyanne mokkda kiyalaAnonymous
Marvel Cinematic Universe
tharindu nirmal
thanks bro niyamai
Anonymous
supiri. digatama demu kollo
Udara Damith
ekk
Anonymous
Sub ekata thanks machan
Ruchira
Thanks for the sub!!!!
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Usitha Sahan
episode 3 eka denna kocchara welawac yayda saho
Usitha Sahan
episode 3 eka denna kocchara welawac yayda saho
Pramukmili
Thanxxx bro........
Anonymous
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sandun
thanks
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
lakshan
thanks ................................
යුරාන් ධනුක (දනුවා)
Thank you bro
Malka Jayathilina Revo
සිංහළ උපසිරසිය ස්තුතියි…
ජය වෙිවා....................................Malka Jayathilina Revo
සිංහළ උපසිරසිය බොහෝම ස්තුතියි…
ජය වෙිවා....................................Dewadithya
Thanks for Sub!
Mathew sheron
Thanks
ravindra
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!