පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.
ලොවපුරා සිටින සංස්කෘතීන් තුල, ගුප්ත මානවරූපී දෙවිවරු ගැන කතන්දර පවතිනවා. අපේ මුතුන්මිත්තන්ට ඇත්තෙන්ම මේ පරසක්වල සත්වයින් දකින්න ලැබෙන්න ඇතිද?පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නේ ලොවපුරාම නොයෙක් සංස්කෘතීන් වල දකින්න ලැබෙනවා බොහොමයක් දිව්‍යමය සත්වයින් දෙවිදේවතාවන් ඇත්තටම දිව්‍යමය පිරිසක්වත් මිත්‍යාමය සත්වයින් පිරිසක් නොව අපේ මුතුන්මිත්තන්ට නොතේරුණු පිටසක්වල අමුත්තන්ගේ පැමිණීම සහ ඔවුන් පිටසක්වල ජීවින් බවයි.ඒ වගේම ඔවුන්ගේ ජාන අපේ ශරීර තුල පවතින බව පර්යේෂකයන් පවසනවා.ඒ වගේම වසර දහස් ගානක් තිස්සේ විවිධ අප්‍රිකානු සංස්කෘතීන් වල දකින්න ලැබෙන හිස හැඩගැන්වීමේ ක්‍රමවේදය ගැන ඔවුන් කතාබහ කරන්නේ අතීතයේ දැකපු කිසියම් දෙයක් නිසා ඔවුන් ඒවා අනුකරණය කරනවා කියලයි.ඒක ඇත්තක් නම්,මානවරූපී පක්ෂීන්න්ගේ සහ උරඟයින්ගේ සිට නිල් පැහැ සමක් ඇති දෙවිවරු මෙන්ම බහු අත්පා සහිත මිනිසුන් වැනි දේවල් වලින් නිරූපනය කර තිබෙන විවිධ ජීවින් ගැන පවතින අර්ථකථනය කුමක්ද?නැත්තං විවිධ වර්ගයේ පිටසක්වල ජීවී විශේෂ පෘථිවියේ වාසය කරන්න ඇතිද?නුතන යුගයේ වාර්තා වෙන පිටසක්වල පැහැරගැනීම් වලට ලක්වුවන් පවසන සාක්ෂි වලින් කියවෙන්නේ පිටසක්වල සත්වයින් දිගින් දිගටම අද දක්වාම පෘථිවියට පැමිණෙන බවද?ඉතිං ඒක එහෙම නම් අපි හැමෝටම පොදුවුණු ආදී මුතුන්මිත්තෙක් ඉන්න පුලුවන්ද?1928 දී පුරාවිද්‍යාඥ ජූලියෝ ටෙලෝ පේරු වල සොහොන් ගැබකින් පරකාස් හිස්කබල සොයාගත්තා…මෙහි විශේෂත්වය වෙන්නේ එහි ඇති දිගැටි හැඩය වගේම කපාලයේ පරිමාණය මෙතුවක් කලකට හඳුනාගෙන සිටි විශාලතම මිනිස් හිස් කබලට වඩා 25%කින් පමණ විශාල වීමයි.සමහරු විශ්වාස කරන්නේ මෙයට පිටසක්වල සම්භවයක් පවතිනවා කියලයි.ඒ වගේම 2012 දී කල සොයාගනිමකට අනුව මානව හිස් කබල් වර්ෂ 1800 න් පසුව තව තවත් විශාලත්වයෙන් වැඩි වෙමින් පවතිනවා.එයින් අදහස් වෙන්නේ අපි තවදුරටත් පරිනාමනය වෙමින් සිටින බවද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
791 downloadsDownload Ancient-Aliens-S10-E05.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
6 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Amil Gamage
Thank you Very Much for the sub
Nirosha Nirosha
බයිස්කොප් එකටයි රුවන් සහෝ ටයි ගෝඩාක් ස්තූතියි.අපි ගොඩක් කල් බලන් හිටියා රුවන් සහෝ සබ් දෙනකල්.ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Gg