මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. මේ වෙද්දී නිකුත් වෙලා තියෙන කොටස් තුනත් එක්ක සම්පූර්ණ කතා මාලාව 8.1 ක අගයක් ලැබිල තියෙනවා. ඒ වගේම තව කොටස් තුනකුත් හැම බදාදාවකම Disney+ තුළින් නිකුත් වීමට නියමිතයි. අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු…

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා.
මේ වෙද්දී නිකුත් වෙලා තියෙන කොටස් තුනත් එක්ක සම්පූර්ණ කතා මාලාව 8.1 ක අගයක් ලැබිල තියෙනවා. ඒ වගේම තව කොටස් තුනකුත් හැම බදාදාවකම Disney+ තුළින් නිකුත් වීමට නියමිතයි.
අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු, මතක ඇතිනේ ක්ලින්ට්ගේ කලින් පෙනීසිටීමක් වුනු රෝනින් විදිහට ඇඳගෙන වීරකම් කරන්න ගිහින් කේට් අනතුරේ වැටුණු හැටි. රෝනින්ගේ පරණ තරහකාරයෝ වගයක් වුනු ට්‍රැක්සූට් මාෆියා කල්ලිය දැන් කේට් පස්සෙ පන්වනවා. ක්ලින්ට් ආපු නිසාම අනූ නවයෙනුයි කේට් පන බේරගන්නේ. කොහොම හරි ට්‍රැක්සූට්ලා ටික කේට්ගේ ගෙදරත් ගිනි තියලා පස්සෙ බැලුවේ.
මේ ගින්නෙන් ක්ලින්ට් සහ කේට් සුරතල් බල්ලත් එක්ක පැනගත්තත් රෝනින්ගේ සූට් එක නැතිවෙනවා. ඔයාලට මතක ඇතිනේ සූට් එක ආපහු අරගන්න ක්ලින්ට් කාපු කට්ට. ඉතිං මේ හැම අවුලක්ම නතර වුනේ ක්ලින්ට්ට තමන්ගෙ පවුලෙ කට්ටියත් එක්ක නත්තල් සැමරීමේ සැලසුම් හැම එකකම මග ඇහිරිලා.
කොහොම හරි කේට්ගේ අවුල විසදන්න ක්ලින්ට් ට්‍රැක්සූට්ලා එක්ක මුහුනට මුහුන මුනගැහෙන්න යනවා. මේ අතර තුර ආමාන්ඩ්ගේ මරණය ගැන තමන්ගෙ අම්මගේ පෙම්වතාව වෙන ජැක්ව සැක කරන කේට් ජැක් එක්කත් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. අන්තිමේදි කේට් ක්ලින්ට් අනතුරේ වැටෙන්න යන බව දැනගෙන ක්ලින්ට්ව බේරගන්න ට්‍රැස්ක්සූට්ලගේ තැනට යනවා.
Maya Lopez

ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ අන්තිමේදි කලින් දැකල නැති කෙල්ලෙක්ව පෙන්නුවා. මෙයා තමා මායා ලූපස්. වෙනත් විදිහකින් කියනවා නම් කොමික්වලට මේ තමා ස්පයිඩමෑන්ගේ සහ ඩෙයාඩෙවිල්ගේ ප්‍රධාන විලන් කෙනෙක් වෙන කින් පින්ගේ දුව.
මායාව හඳුන්වන තව නම තමා Echo (එකෝ) කියන්නේ. මෙයා මුලින්ම කොමික්වලට එන්නේ 1999 අවුරුද්දේ. The New Avengers වල රෝනින් විදිහටත් මායා ඉදලා තියෙනවා. David Mack සහ Joe Quesada දෙපල අතින් නිර්මාණය වෙන මායාත් හෝව්ක් අයි වගේම උපතින්ම බීරි චරිතයක්. ඒ වගේම Netflix- Marvel සීරීස්වල අපි දැකපු The Hand එකත් එක්කත් මායා වැඩ කරලා තියෙනවා.
මායාගෙ හැකියාවන් ගත්තම ඔලිම්පික් ලෙවල් එකේ මලල ක්‍රීඩිකාවක් වෙනවා. ඒ වගේම දක්ෂ පියානෝ ශිල්පිනියක් විදිහටත් එකෝ චරිතය ප්‍රසිද්ධියක් උසුලනවා. මේ හැමදෙකටම වඩා මායාගේ කැපී පෙනෙන හැකියාවක් වෙන්නේ මාර්ශල් ආර්ට්ස් සටන් ශිල්පයි. කොහොම හරි මායා ලූපස් aka. එකෝ චරිතය පාදක කරගෙන Disney+ තුළින් සීරීස් එකක්ම නිර්මාණය වෙන බවත් මතක් කරන්න ඕනේ.
හරි දැන් ඔයාල බලනව ඇති කින් පින්ට කිට්ටු චරිතයක් මොකද මේ MCU සීරීස් එකක කරන්නෙ කියලා. ඔයාලට මතක ඇති සමාජ මාධ්‍යවල ඉන්නව නම් පසුගිය ටිකේ ඩෙයාඩෙවිල් සහ කින් පින් චරිත දෙක MCU වල පැමිණෙන බවට කසු කුසුවක් ගියා. ඉතිං දැනට කියවෙන විදිහට Hawkeye සීරීස් එකෙන් කින් පින් දැකගන්න ලැබෙනවලු. ඒ හතර වෙනි කොටසෙන් කියලත් රූමර්ස් ආවා. ඉතිං කින් පින්ගෙ කියලා සැක හිතෙන ඉඟි ගොඩක් අද කොටසින් දැකගන්න පුලුවන් වෙනවා. විශේෂයෙන්ම ට්‍රැක්සූට් කණ්ඩායම සම්බන්ඳ තැනකදී.
Hawkeye සීරීස් එක නිර්මානය වෙන්නෙම ක්ලින්ට් බාටන්ගේ හෝව්ක් අයි උරුමය කේට් බිශොප්ගේ අතට ලබාදෙන්න කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්. සමහර විට මේ සීරීස් එකෙන් කේට්ට අමතරව තවත් චරිත MCU වලට රැගෙන ඒමේ ප්‍රයත්නයක් දරනවා වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට Vincent D’Onofrio ගේ හෝ වෙනත් රංගන ශිල්පියෙක් යොදාගෙන කින් පින් MCU තුළට අවතීර්න වෙන්න ඉඩ කඩ තියෙනවා. මේ ගැන අපි MCU වල අනාගතයට බාර දෙමු.
කොහොම හරි ඔන්න අද එපිය පටන් ගන්නේ දෙවෙනි එපිය ඉවර වුනු තැනින්. කේට් සහ ක්ලින්ට්ව ට්‍රැක්සූට්ලා හිර කරන් ඉන්නේ. බලමුකෝ දෙන්නට කොහොම පැනගන්න පුලුවන් වෙයිද කියලා.
අද කොටස නම් වෙලා තියෙන්නේ “Echoes” කියලා. 8.7 ක අගයක් දැනට ලැබිලා තියෙනවා. අද කොටසෙ නම් සුපිරිම ක්‍රියාදාම ටිකක් බලාගන්න ලැබෙනවා. කතාවේ ගතිය නම් එන්න එන්න වැඩි වෙන බවක් තමා පේන්න තියෙන්නේ.
එහෙනම් හතර වෙනි කොටසෙන් දෙසැම්බර් 8 වෙනිදා හමුවෙමු. දිගටම රැඳිලා ඉන්න Hawkeye එක්ක.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,928 downloadsDownload Hawkeye.2021.S01E03.-update.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #Editor's Pick
- #Florence Pugh
- #Hailee Steinfeld
- #Hawkeye
- #Jeremy Renner
- #Linda Cardellini
- #Marvel Cinematic Universe
- #MaxxA
- #MCU
- #Offbeat
- #PHase 4
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tony Dalton
- #Vera Farmiga
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ස්
30 comments
දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර
Gihan
සබට තුති සහෝ..❤
ජය ....Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Cobra20
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ♥️
Anonymous
Thanx bm. Mahansi vela sub karala apita me fun eka dena ubalanam supiri friends.
Navod Madusanka
Thank you very much bro.❤️❤️❤️❤️
Sanketh_Ekanayake
සිංහල sub එකට thanks!
ලිපියටත් එක්ක කිව්වේ. අයියාත් මාර information ගොඩක් දුන්නේ. කලින් දැනන් හිටියෙත් නෑ!Sahan Gayantha
thanks for the sub. keep it up
Tharusha
බොහොම ස්තුති
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට වගේම ලිපියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේව!
ශශී ඩී.ජාගොඩ
thank you bro
BeMax
Thnx mcn. Lost in space s3 ekatath dennako.locke & key ekata harii plz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
tharanka
ela
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
viraj
thanks........
Pramukmili
Thanxx bro.......
Udara Damith
els
anu
Epi 4 ikkmanata one
Anonymous
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sandun
thanks
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
lakshan
thanks ...................
Dewadithya
Thanks for Sub!
Mathew sheron
Thanks
ravindra
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks සහෝ Sub එකට...❤️♥️