Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, දන්නෙම නැතුව අපි හීරාමණ්ඩි කතාවේ අන්තිම කතාංගය දක්වාම ඇවිත්. පසුගිය කොටස දක්වා අපි දැක්කා වරෙක තාජ්ධාර් වරෙක ප්‍රේමය අතහැර විප්ලවය වැළඳ ගත් හැටි. තවත් වරෙක විප්ලවය අතහැර ප්‍රේමය වැළඳ ගත් හැටි. ඒත් පහුගිය කොටසේදී ඔබ දකින්න ඇති ඔ…
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි, දන්නෙම නැතුව අපි හීරාමණ්ඩි කතාවේ අන්තිම කතාංගය දක්වාම ඇවිත්. පසුගිය කොටස දක්වා අපි දැක්කා වරෙක තාජ්ධාර් වරෙක ප්‍රේමය අතහැර විප්ලවය වැළඳ ගත් හැටි. තවත් වරෙක විප්ලවය අතහැර ප්‍රේමය වැළඳ ගත් හැටි. ඒත් පහුගිය කොටසේදී ඔබ දකින්න ඇති ඔහුට ඒ දෙකම අතහැර මරණය වැළඳ ගන්න සිදුවුණු හැටි. ඒ වගේම එතෙක් ඉරණමට එරෙහිව ප්‍රේමය වෙනුවෙන් අරගල කළ ආලම්ට තමන් අකමැති වුණු ඉරණම ලඟා වුන අන්දම, එනම් නළඟනක් වෙන්න සිදු වුණු අන්දම. මේ කතාවේ ඉදිරිය කොහොම වෙයිද?
අද එතැන් සිට…
අද පළ වන කතාංගය ගැන:
අටවැනි (අවසන්) කොටස -“Heeramandi: The Swan Song” – “හීරාමණ්ඩි: හංස ගීතය”
අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 මැයි 01
IMDb Ratings – 6.8/10

හීරාමණ්ඩි කතාමාලාවේ පළමු කතා සමයේ අවසන් කොටසේ වෙන්නේ මොකක්ද? තජ්ධර්ගේ මරණයෙන් කම්පනයට පත්වන ආලම් හුදෙක් ගල්ගැසී ඇඳේ වැතිර ඉන්නේ අඬන්නේවත් නැතිවයි. ඇයගේ තත්වය සමනය කරන්න බිබ්බෝ ආලම්ව තාජ්ධර්ගේ සොහොන වෙත රැගෙන යන්නේ වැළපීමෙන් ඇයගේ හිතට සැනසීමක් ඇතිවෙයි කියල හිතලයි. එතැනදී වැළපීමෙන් පස්සේ ඇය යම් සුවයක් ලබනවා. මේ අතර තජ්ධාර්ගේ මරණයෙන් කම්පනයට පත් අශ්ෆාක් බලෝච්ට කාට්රයිට් සහ හෙන්ඩර්සන් බොරු කියන්නේ සිය නම් හෙළි වෙතැයි බියෙන් කැරළි කරුවන් විසින් තාජ්ධාර්ව ඝාතනය කළ බව.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitlesමේ සියලු ප්‍රශ්න හමුවේ මල්ලිකාජාන් සහ ෆරීදන්ජාන් සියලු එදිරිවාදිකම් අතහැර සමඟි වෙනවා. මල්ලිකා ෆරීදන්ගෙන් ඉල්ලන්නේ සිය අනුප්‍රප්තිකයා වන ලෙසයි. මේ අතර බිබ්බෝ කැරළිකරුවන් ආරක්ෂා කිරීමට ඔවුන් හීරාමණ්ඩිය වෙත රැගෙන යනවා. මෙයට මල්ලිකාජාන්ගෙන් සහයෝගය හිමිවෙයිද? ෆරීදන් වලී මහත්මයාට කියන්නේ තමන් නිදහස් අරගලයට සිය ජීවිතය කැප කරන බවත්, රඟ මඬල සැරසීම තවදුරටත් නොකරන බවත්. ආලම් තජ්ධාර්ගේ මරණයෙන් කම්පිතව අසනීප වී සිටින කුඩ්සියා හමුවී තමන් ගැබ්ගෙන ඇති බව ඇයට දන්වනවා.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitlesකැරළිකරුවෝ මේ අතර සැලසුම් කරනවා හෙන්ඩර්සන්ව ඝාතනය කිරීමට. ඔවුන්ගේ උත්සහය සාර්ථක වෙයිද? නළඟනන් බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරළි ගැසීමට සහය දෙන බව දැනගන්නා නවාබ්වරුන් හීරාමණ්ඩිය බියගුළු ලෙස වර්ජනය කරන්නේ ඉංග්‍රීසින් සිය තනතුරු වරප්‍රසාද ඉවත් කරනු ඇති බව බියවිමෙන්. මේ ආර්ථික සම්බාධකයන්ට හීරාමණ්ඩියේ නළඟනන් කෙළෙස ප්‍රතිචාර දක්වනු ඇතිද? හෙන්ඩර්සන් ඝාතනයට යන්නේ කවුද? කැරළිකරුවන්ට හෙන්ඩර්සන් ඝාතනය කළ හැකි වෙයිද? අතිශය තීරණාත්මක අද කතාවෙන් මේ දේවල් දැනගන්න.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
අදින් අවසන් වෙන හීරාමණ්ඩි කතා මාලාවේ දෙවැනි කතාසමයකුත් නිෂ්පාදනය වෙන බව ආරංචියි.
ඒත් තවම නිකුත් වෙන දවසක් දැනුම් දීලා නැහැ.
අපි බලාගෙන ඉමු ඒක කවදද නිකුත් වෙන්නේ කියලා.
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ අපි ඒකටත් සිංහල උපසිරැසි ඔබ වෙත රැගෙන එන්න අපේක්ෂා කරනවා.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitlesඑසේනම් සහෘදයිනි,
යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් සමඟ රැඳි සිටින්න…
තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,521 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E08-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2024
- #Abhishek Deswal
- #Aditi Rao Hydari
- #Anuj Sharma
- #Astha Mittal
- #Fardeen Khan
- #Heeramandi: The Diamond Bazaar
- #Heeramandi: The Diamond Bazaar S01
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Sub
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
- #Indresh Malik
- #Jason Shah
- #Jayati Bhatia
- #Manisha Koirala
- #Nivedita Bhargava
- #Richa Chadha
- #Sanjeeda Sheikh
- #Sharmin Segal
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sonakshi Sinha
- #Subs
- #Taha Shah Badussha
- #TV
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
Dimuthu
ස්තූතියි සහෝ සබ් එකට. බලන්න ආසාවෙන් ඉදපු කතාවක්.
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Bhathiya
බොහෝම ස්තූතියි සහෝ…….
Gihan
පළමු කතා සමයේ අවසන් කොටස තෙක් ලබාදුන් උපසිරැසිවලට ස්තුතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේ හින්දි සීරිස් එකට සබ් දුන්නට බොහෝම ස්තූතියි සහෝ.......
ඔයාගේ සියලු වැඩකටයුතු සාර්තක වේවා......
ජයවේවා.........