බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එසේනම්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 7වෙනි එපියෙ සිංහල උපසිරසිය සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. එහෙනම් පසුගිය කොටසෙ මොකද උනේ කියල කෙටියෙන් මතක් කරගෙන අද එපියට එමු. පසුගිය මතකයන් : – අමරණීයත්වය ලබා දෙන “ෆුරෝෆුෂි නො සෙන්යකූ” ( The Elixir of Life ) කියන ඖෂධය…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එසේනම්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 7වෙනි එපියෙ සිංහල උපසිරසිය සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. එහෙනම් පසුගිය කොටසෙ මොකද උනේ කියල කෙටියෙන් මතක් කරගෙන අද එපියට එමු.
පසුගිය මතකයන් : –
අමරණීයත්වය ලබා දෙන “ෆුරෝෆුෂි නො සෙන්යකූ” ( The Elixir of Life ) කියන ඖෂධය සොයාගැනීමේ අරමුණින්, ෂෝගුන්වරයාගේ අණයටතේ “ෂින්සෙන්කියෝ” කියන දූපතට විසිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් පිටත් කරනවා. ඒ අපරාධකාරයින් දහ දෙනෙක් සහ යමදා අසයිමෝන් ඝාතකයින් දහ දෙනෙක් ලෙස වූ කණ්ඩායමක්. කොහොමහරි මේ කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක්, මේ දූපතට පයගහලා වැඩි වෙලාවක් යන්නත් කලින්ම මිය යනවා. මේ වෙනකොට පාර්ශව කීපයකට තමා මේ කතාව කේන්ද්‍රගත වෙලා දැන් ගලාගෙන යන්නෙ.
කලින් කොටසේ වැඩි හරියක්ම වෙන්වෙලා තිබුණේ, ගබිමරු සහ සගිරි එකතුවෙලා රොකුරෝතව බිම දාන්න කරපු මාරක සටන වෙනුවෙන්. අතිශය වෙහෙසකර ව්‍යායාමයකින් පසුව ගබිමරු සහ සගිරි ඒ සද්දන්තයව බිමදාන්න සමත් උනා. ඇත්තටම ඒක නම් සුපිරිම සටනක්! 🔥
ඒ සටන අවසානවීමත් සමඟම කොරේ පිටට මරේ කියන්නා වගේ තවත් එකක්! මේ දූපතේ අබිරහස් නම් හරියට පැටළුණු නූල් බෝලයක් වගේ. මතක ඇති නේද ගබිමරු ඇතුළු පිරිසට මේ දූපතේ තියෙන ගමක් හම්බුණා. ඉතින් මේ විදිහට මේ දූපතේ ගමක් තියෙනවා කියන එකේ තේරුම, මේ දූපතේ මිනිසුන් වාසයකරනවා කියන එකද? එහෙනම් දැන් ඒ මිනිස්සු කෝ? එයාලට මොකද උනේ? ප්‍රශ්නාර්ථයන් රැසක්!
අද කොටසින් : –
අද එපිය ගොඩක් වැදගත්. මොකද මේ එපිය හරහා අපිට වැදගත් කරුණුකාරණා කීපයක්ම අනාවරණය වෙනවා. ඒ නිසා බොහොම විමසිල්ලෙන් මේ එපිය බලන්න. ඒ වගේම මේ කොටසෙන් තවත් විශේෂ චරිත දෙකක් කතාවට එකතු වෙනවා. එහෙනම් මීට වඩා දෙයක් කියන්නෙ නැතුව ඔයාලටම ඒ දේවල් දැනගන්න මං ඉතිරි කරන්නම්. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.
අද කතාංගය – Flowers and Offering
Imdb අගය – 8
අධ්‍යක්ෂණය – Kento Shintani
විකාශය වූ දිනය – 2023 මැයි 13
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
3,555 downloadsDownload Jigokuraku-07.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku S01 Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Season 1 Sinhala subtitles
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Dasun
Dilshan buddika
Thank ❤️
Suranjan
Thanks.....jayawewa....!
Anonymous
Episode 8 eke sub eka onee❤️❤️
supun dilshan
8 epi plzzz
supun199977
thanx for subs ... 8 epi plzz
Shan
Episode 8 one sago
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S01 : E07] Sinhala Subtitles | අමුත්තිය සහ ආගන්තුකයා. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Hells-Paradise-S01-a.jpg)



එනකන්ම හිටිය කොටසක්...කතාව නම් සුපිරි..සබ් එකත් ඒ වගේම සුපිරි