බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එහෙනම්; Hell’s Paradise ඇනිමේ කතාමාලාවේ 6 කොටසෙ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. දැන් කතාවේ උද්වේගය උපරිමේකටම ඇවිල්ලා තියෙන්නෙ කියල බලන අය දන්නවනේ. එහෙනම් පෙර කොටසෙ මතකයන් කෙටියෙන් අවදිකරගෙන මේ කොටස නරඹන්න එක්වෙන්න. පසුගිය මතකයන් : – කලින් කොටස ආර…


බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එහෙනම්; Hell’s Paradise ඇනිමේ කතාමාලාවේ 6 කොටසෙ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. දැන් කතාවේ උද්වේගය උපරිමේකටම ඇවිල්ලා තියෙන්නෙ කියල බලන අය දන්නවනේ. එහෙනම් පෙර කොටසෙ මතකයන් කෙටියෙන් අවදිකරගෙන මේ කොටස නරඹන්න එක්වෙන්න.

පසුගිය මතකයන් : –

කලින් කොටස ආරම්භ උනේ එකවරම සිහි නැතුව ඇද වැටුණු සගිරි අවදිවුණු මොහොතෙන්. මේ වෙනකොට ගබිමරු, සගිරි, යුසුරිහා සහ සෙන්තා ඒ වගේම ගෙන්ජි එක් කණ්ඩායමක් ලෙස මේ සෙන්යකූ හොයන කාර්යය කරගෙන යනවා. මේ වෙනකොට මේ පිරිස ටිකක් ආරක්ෂාකාරී තැනක රැඳී සිටිමින් විවේක ගන්නවා. මේ දූපත පිළිබඳවත්, අර ආපූ රාක්ෂයන් ගැන පිළිබඳවත් මේ පිරිස අතර ඇතිවුණු සංවාදයෙන් අපිට යම් යම් තොරතුරු ටිකක් අනාවරණය කරගන්න පුලුවන් උනා. ඇත්තටම ඒවා අනුමාන කිරීම් හා සමානයි. ඒ වගේම මේ දූපතට මීට කළින් පයගහපු සමුරායීවරුන්ට අත්වුණේ මොනවගේ විපතක්ද කියන්නත් අපිට දැන් යම් දුරකට වැටහීමක් තියෙනවනේ. විශේෂයෙන්ම මේ සංවාදයේදී වැඩි අවදානයක් යොමුවුනේ මේ දූපතේ තියෙන ශිලා පිළිමවලට කියල මතක ඇති. සෙන්තා මේ පිළිම ගැන අපිටත් හිතන්න යම් කරුණු කාරණා ටිකක් මතුකළා මතක ඇතිනේ.

ඒ වගේම මේ දූපතට පැමිණි තවත් අපරාධකරුවෙක් වෙන “සංඛා හී නුරුගායී” ගැනත් අපිට දැනගන්න ලැබුණා. කට්ටිය දැන් දන්නවනේ මේ නුරුගායී කියන්නෙ කෙල්ලෙක් කියල. 😀 ඉතින් කොහොමද නුරුගායී මේ දූපතෙන් කෙළවරක් උනේ කියන පැනයට පිළිතුරු ලබා දෙමින් අපිට ඇයගෙත් අතීත විස්තරය දැනගන්න ලැබුණා. ඇත්තටම ඇය වරදකරුවෙක්ද නැත්නම් නිර්දෝෂී කෙනෙක්ද කියන්න දැන් ඔයත් දන්නවනේ. ඇයට යුගල් කරපු අසයිමොන්වරයා වූ “තෙන්සා” එක්ක ඇය මේ දූපතෙන් පැනගන්න උත්සහයක් දැරුවා මතක ඇතිනේ. ඒකත් ඇත්තටම ව්‍යර්ථ උනු උත්සහයක් උනා. මතකද “ඉගමිනෝ කේයුන්ට” යුගල් කරපු අසයිමොන්වරයා. ඉතින් ඔහුට අත්වෙලා තිබ්බ ඉරණමත් මතක ඇතිනේ. 😑

මේ අතර සගිරිගෙ ආරක්ෂාව ගැන හිතලා ගෙන්ජී ඇයට බලකරනවා, ආපහු ගෙදර බලා යාත්‍රා කරන්න කියල. නමුත් සගිරිට නම් ඒකට හිතක් ඇත්තෙම නෑ. ඇය මේ කාරිය අහවරක් කරන්න මේ දූපතේම රැඳිලා ඉන්නයි අදහස් කරගෙන ඉන්නෙ. මේ දෙදෙනගෙ බහින්බස් වීම සිදුවෙන අතරයි අපරාධකාරයින්ගෙන් එකෙක් වෙන “බිසෙන් නෝ දයිදරබොච්චි රොකුරෝතා” එතනට කඩන් පාත්වෙලා ගෙන්ජිට මාරක පහරක් දෙන්නෙ. ඔන්න ඔහොමයි කලින් එපියෙ කතාව ගලාගෙන ගියේ.

ඉතින් මේ කොටසෙන් මේ රොකුරෝතා එක්ක කරන මාරක සටන අපිට බලාගන්න පුලුවන්. එහෙනම් ගබිමරු සහ සගිරි මේ සද්දන්තයව බිමදාන්නෙ කොහොමද කියල මේ කොටසින් බලාගන්න. 7 වෙනි කොටසෙන් හමුවෙමු එහෙනම්.

අද කතාංගය – Heart and Reason
Imdb අගය – 8.2
අධ්‍යක්ෂණය – Yasuhiro Geshi
විකාශය වූ දිනය – 2023 මැයි 06

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

3,564 downloadsDownload Jigokuraku-06-1.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

3,564 downloadsDownload Subtitles16 KB

6 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Himesh madushanka

    සබ් එකට ස්තූතියි.. අනිත් ටිකත් පුලුවන්නම් ඉක්මනට දෙන්න.

  3. Himesh madushanka

    sub ekata thanks

  4. Himesh madushanka

    sub ekata thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති