Watch Trailer

The Witcher (2019-) [S03 : E01] Sinhala Subtitles | පලායෑම… [සිංහල උපසිරසි]

බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලං හිටිය කතාවක් තුන්වෙනි අදියර තමයි මේ ආරම්භ කරන්න හදන්නෙ. මං මුල් කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට කලින් The Witcher විශ්වය ගැන දැනගන්න කැමති නම් මීට කලින් පල කරපු මේ ලිපිය කියවලා බලන්න. මුල් කතා සමය පුරාවට සිද්දවුන දේවල් දැනගන්න කැමති නම් මේ ලිපිය කියවලා බලන්න. දෙවැ…

බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලං හිටිය කතාවක් තුන්වෙනි අදියර තමයි මේ ආරම්භ කරන්න හදන්නෙ. මං මුල් කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට කලින් The Witcher විශ්වය ගැන දැනගන්න කැමති නම් මීට කලින් පල කරපු මේ ලිපිය කියවලා බලන්න. මුල් කතා සමය පුරාවට සිද්දවුන දේවල් දැනගන්න කැමති නම් මේ ලිපිය කියවලා බලන්න. දෙවැනි කතා සමය ගැන විස්තර කිරීමක් කරන්න ඕන වුනත් ඇත්තටම ඉස්සර වගෙ දීර්ඝ ලිපියක් හො සිංහල උපසිරැසියක් කරන්න වෙලාව නැති නිසා මේක පුංචිම සටහනක් කරලා ඔයාලට කතාව නරඹන්න බාර කරන්නම්.

මුල් කතාසමයන් දෙකම කොටස් දෙකම එකවර නිකුත් කරපු Netflix වලින් මේ වතාවේ විචර් තුන්වන කතා සමය නිකුත් වෙන්නෙ කොටස් දෙකක් විදිහට. මුල් කොටස් පග ඇතුලත් Part A ජුනි 29′ වැනිදාත්, ඉතිරි කොටස් තුන ඇතුලත් Part B මේ වසරේ ජූලි 27 වැනිදාත් නිකුත් වනවා. විශේෂම දේ තමයි ගැරල්ට්ගෙ චරිතය නිරූපණය කරන රංගන ශිල්පී හෙන්රි කැවීල්ව මේ අපූරු චරිතයෙන් දැකගන්න ලැබෙන අවසන් වතාව. හේතු ගණනාවක් නිසාම The Witcher කතාමාලාවට සමුදෙන හෙන්රි කැවිල්ගෙන් පස්සේ තවත් කතා සමයන් දෙකක් පුරාවටම ගැරල්ට්ගෙ චරිතය නිරූපණය කරන්නෙ ක්‍රිස් හෙම්ස්වර්ත්ගෙ සොහොයුරා වන ලියම් හෙම්ස්වර්ත් විසින්.

මේ නිසාම මේක (පුද්ගලිකව) විචර් කතා මාලාවේ අවසානය විදිහට සලකන්නත් පුලුවන්. මොකද එකම කාල සීමාවක හෙන්රි කැවිල් නිරූපණය කරපු ගැරල්ට් හා සුපර්මෑන් චරිත දෙකම එයාට නැතිවුන නිසා රසිකයින් ඉන්නෙ ඒ හැටි කැමැත්තකින් නෙවෙයි. මේ හින්දම හතරවන කතා සමය කියන්නෙ The Witcher කතා මාලාවේ අසාර්ථකම පැතිකඩක ආරම්භය වෙන්නත් පුලුවන්. 

තුන්වැනි කතා සමයේ පටන් ගැන්ම ගැන පොඩ්ඩක් කිව්වොත්, හැමෝම සිරීව හොයන කාලෙක ගැරල්ට්, යෙනිෆර් වගේම සිරී තුන්දෙනා තැනින් තැනට මාරු වේවි ගෙවන කාලයක් තමයි දැකගන්න ලැබෙන්නෙ. මේ කාලේ හැමෝගෙන්ම හැංගිලා, සිරීගෙ පුහුණුවීම් කරගෙන ගියත් මේ සේරම තාවකාලික දේවල් විතරක් වෙන අකරතැබ්බ ගොඩකට මේ අයට මුහුණ දෙන්න සිද්දවෙනවා. කතාවේ මොකද වෙන්නෙ කියලා දැනගන්න මුල් කොටස නරඹලාම ඉන්නකො. බිම්සර දෙවැනි කොටස අරං හැකි ඉක්මණින්ම මුණගැහේවි. 

තවත් උපසිරැසියකින් ආයෙ මුණගැහෙමු. ජය!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

36,673 downloadsDownload The-Witcher-2019-S03-E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

36,673 downloadsDownload Subtitles30 KB

38 comments

  1. Kaveen

    tq balagen hitiye anith tikath ikamanata gemu.

  2. Mahesh

    Aub ekata thanks ඇයි henry cavil මේකෙන් අයින් වෙන්නේ

    1. Shenal Heyshon

      Eya Super man character ekata aaye act karanna yana va kiyala thamayi aaranchiya

    2. Anonymous

      Games වල සහා පොත් වල ස්ටෝරිය ට වඩා වෙනස් කරලා සීරිස් එක හදන නිසා අයින් වුනෙ.

  3. Dexterhacks

    Supiriyak kollo

  4. MAALNATH

    Thanks ......good luck. ....

  5. Deshan madushanka

    Sub ekata thanks boys

  6. Stephen holmes

    තද.කොර Boys! ❤️ ඉතුරු 4ත් පුලුවන් ඉක්මනට දෙන්න.

  7. Prasantha sanjaka

    Sub ekata thanks ගොඩාක් kal balan hitiyata සාධාරණයක් kalata godak thanks

  8. මයුර

    මෙව්වනෙ මාස්ටර්පීස්. මේක දෙනගල් තමා ඇගිලි ගගහා බලන් හිටියේ. දැං ඉතින් බැලිල්ලක් තමා. සබ් කරපු හැමෝටම ටෑන්ක්ස්. ඉක්මන්ට ඔක්කොම දෙමු. ජය පීනිස්...

  9. Shenal Heyshon

    ඉතුරු ටිකත් ඉක්මනින් ඕනේ. හුගක් කල් බලන් හිටියා.

  10. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම තුති සහෝ.

  11. sameera

    thanx bro

  12. Asanga kb

    thank you..

  13. Anonymous

    Thankyou

  14. Anonymous

    ammo godak thanx

  15. නිරෝෂ්

    මට නම් මේ සීරිස් එකේ සෙට්වුනේ පලවෙනි සීසන් එක විතරයි, දෙවෙනි එක නම් සෙට්වුනේම නෑ,ඒ නිසා මේක බලන්නේ නම් නෑ,එනිවේ සබට තැන්ක්ස් සහෝ

  16. හර්ෂ

    ගොඩක් ස්තූතියි සබ් එකට.

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  18. DMT SANJEEWA

    Thanks aiya balagena hitapu series akkak

  19. bimsara

    thanks sago ... denakn blanm hitiye

  20. විමා

    සබ් එකට බොහොම ස්තුතියි මචෝ!

  21. viraj

    thanks...........

  22. Pehan

    Anith ep tikath ikmanata gemu bro, thanks sub ekata

  23. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  24. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  25. podda

    ammo sathuta

  26. Anonymous

    ikmnt anith tikath dennako dan sathiyak withara thisse bln inne

  27. ක්‍රිශාන්ත හැරිස්

    සබ් එකට ගොඩාක් ස්තුතියි

  28. Lahiru

    Thank you bro

  29. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  30. Anonymous

    අනිත් ඒවත් දාන්නකො

  31. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  32. chinthaka.max4

    thanks machan

  33. Anonymous

  34. Dewadithya

    Thanks for Sub!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Roshan

    Thnx bro.Great job.Good luck.