බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් එසේනම්, ඉතින් ඔන්න කිව්වා වගේම සතියක් වගේ කාලය ඇතුලත 9වෙනි එපියත් අරගෙන ආවා. ඉතිරි එපි 4ත් ඉක්මනින්ම ඔබට ලබා දීලා Hell’s Paradise ගොඩදාලා දෙන්නම්. 😎 ඒ වගේම කියන්න ඕනේ මේ තමයි මේ ඇනිමේ කතාමාලාවේ විශේෂිතම කොටස් වෙන්නෙ. එහෙනම් පසුගිය මතකයන් ගැන බලලා අද කොටසට එමු…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් එසේනම්, ඉතින් ඔන්න කිව්වා වගේම සතියක් වගේ කාලය ඇතුලත 9වෙනි එපියත් අරගෙන ආවා. ඉතිරි එපි 4ත් ඉක්මනින්ම ඔබට ලබා දීලා Hell’s Paradise ගොඩදාලා දෙන්නම්. 😎 ඒ වගේම කියන්න ඕනේ මේ තමයි මේ ඇනිමේ කතාමාලාවේ විශේෂිතම කොටස් වෙන්නෙ. එහෙනම් පසුගිය මතකයන් ගැන බලලා අද කොටසට එමු.

පසුගිය මතකයන් : –

කලින් කොටස සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තිබුණේ නුරුගායිට යුගල් කරපු අසයිමොන්වරයා වෙනුවෙන්. ඉතින් “තෙන්සා”ගෙ කතාව අපිට දැනගන්න ලැබුණා. කාත්කවුරුත් නැති අසරණයෙක් වෙලා හිටිය නිසා, ජීවන අරගලය වෙනුවෙන් තෙන්සට සෑහෙන කට්ටක් කන්න උනා. ඒ නිසාම ඔහු කුඩාකළ ටිකක් දරදඬු නොරිස්සුම් චරිතයක් වෙලා හිටියෙ. මේ අතරවාරයෙ තමයි “ෂියෝන්” ඔහුව ශිෂ්‍යයෙකු ලෙස භාරගෙන ඔහුට කඩු හරඹය උගන්නන්න වෙහෙස මහන්සි උනේ. ඒ සඳහාත් තෙන්සට මුලින් එතරම් උනන්දුවක් තිබ්බෙ නෑ. ඩෝජෝ එකෙන් පිටමං වෙලා යන්න හදද්දී තෙන්සට “එයිසෙන්” ව හමුවෙනවා. ඉතින් ඔහු ෂියෝන්ගෙ කලින් ශිෂ්‍යයාගෙ ජීවිත කතාව තෙන්සට කිව්වට පස්සෙ පැහැදීමක් ඇතිවෙලා තමයි දිගටම කඩු හරඹය පුහුණුවෙන්න තීරණය කරන්නෙ. නමුත් ඒ විදිහට තමන්ගෙ ජීවිතය පටන්ගත්තු, දීප්තිමත් අනාගතයක් තිබ්බ තෙන්සගෙ ජීවිතය කෙළවර උනේ ගොඩක් සංවේදී විදිහට. 😭 ගොඩක් ප්‍රබල රාස්සයෙක්, ඇත්තම කිව්වොත් අමරණීයයෙක් එක්ක සටන් කරන්න ගිහින්, නුරුගායී සහ තමන්ගෙ ගුරුවරයගෙ ආරක්ෂාව වෙනුවෙන් තෙන්සා තමන්ගෙ ජීවිතය කැප කරනවා. ඇත්තටම සෑහෙන සංවේදී එපියක් ඒක නම්… 🤧

අද කොටසින් : –

අද කොටසෙත් තෙන්සව මරා දාපු අර අමරණීයයා අපිට දකින්න ලැබෙනවා. හැබැයි මේ පාර මේ යකාට සෙට් වෙන්නෙ එසේමෙසේ කෙනෙක් නෙමෙයි. මේ පාර සටන යන්නෙ “ගබිමරු” එක්ක. ඉතින් ගබිමරු කියන්නෙත් ලේසීපාසු පොරක් නෙමේනේ. අමරණීය නැතත් ගබිමරු මේ අමරණීයයාට එල්ල කරන්නෙ එසේමෙසේ අභියෝගයක් නෙමේ. අද කොටස බලලම ඒක දැනගන්න. ඒ වගේම හෝකෝ විසින් අද තවත් කරුණුකාරණා ටිකක් හෙළි කරනවා මේ අභිරහස් දූපත ගැන. දැන් මේ නූල් බෝලය ටිකෙන් ටික ලිහෙන්න පටන් අරන් තියෙන්නෙ. මීට වඩා දෙයක් කියන්නෙ නෑ. එහෙනම් අද කොටස ඔයාලට භාරයි.

අද කතාංගය – Gods and People
Imdb අගය – 9
අධ්‍යක්ෂණය – Ryuta Yamamoto
විකාශය වූ දිනය – 2023 ජූනි 03

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

3,939 downloadsDownload Hells-Paradise-Jigokuraku-S01E09.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

3,939 downloadsDownload Subtitles16 KB

4 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Unknown

    episode 10 one

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති