Hellsing Ultimate Sinhala Subtitles “Alucard” කියන්නෙ කවුද කියල ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන ළඟම උත්තරේ තමයි… ආ මේ අර Castlevania සීරීස් එකේ ඉන්නෙ, ඩ්‍රැකියුලගෙ පුතානෙ… කියන එක. ඒත් තවත් අලුකාඩ් කෙනෙක් ඉන්නව කියල කිව්වොත්… ඒක ඔයා දන්න අලුකාඩ් version එකට වඩා වෙනස් අලුකාඩ් version එකක් නම්… අපිට හුරු කෙන…

“Alucard” කියන්නෙ කවුද කියල ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන ළඟම උත්තරේ තමයි… ආ මේ අර Castlevania සීරීස් එකේ ඉන්නෙ, ඩ්‍රැකියුලගෙ පුතානෙ… කියන එක. ඒත් තවත් අලුකාඩ් කෙනෙක් ඉන්නව කියල කිව්වොත්… ඒක ඔයා දන්න අලුකාඩ් version එකට වඩා වෙනස් අලුකාඩ් version එකක් නම්… අපිට හුරු කෙනාට වඩා Dark, Powerful, Unbeatable අලුකාඩ් කෙනෙක් ඉන්නව කියල කිව්වොත්… අන්න ඒ කතාව තමයි මේ පාර ඔයාලගෙ ඇනිමෙ ෆැන්ටසියට අරන් ආවෙ. මේක තාමත් ඔයා බලල නැත්නම්, මේ කතාව ඔයා බලන්නම ඕනි එකක්.

Hellsing Manga Vol.01
Kouta Hirano ගෙ අතින් ලියවුනු Volumes 10 කින් සමන්විත Hellsing මන්ගාව ඇසුරෙන්, 2006 සිට 2012 වර්ෂය දක්වා, මිනිත්තු 42-68 ත් අතර ධාවන කාලයකින් යුතු කොටස් 10 කින් යුක්තව මේ Hellsing Ultimate ඇනිමෙ කතා මාලාව නිකුත් වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 8.2 ක ඉහළ අගයක්, Crunchyroll හි 4.8/5 ක්, Rotten Tomatoes හි 83% ක අගයක් සහ MyAnimeList හි 8.34 ක අගයක් මේ Hellsing Ultimate ලබාගෙන තියෙනවා. ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු Madhouse, Statelight, Graphinica යන ස්ටූඩියෝ සිද්ධ කරල තියෙනවා. Action, Horror, Supernatural යන Genre වලටත් Adult Cast, Gore, Military, Vampire, Seinen යන Themes වලට අයත් වෙන මේ කතාවේ Music ගැන කියනවා නම්, කතාව එකිනෙකට වෙනස් Theme Songs 9 කින් සමන්විත වෙනවා. එක් එක් කොටස් වල vibe එක ඒ විදිහටම අරන් එන මේ Music වල රසයේ කිසිම වෙනසක් නෑ. 2013 වසරෙදි BTVA People’s Choice Award හි Best Male Lead Vocal Performance හි, 2015 දී Best Female Lead Vocal Performance හි සහ Best Male Vocal Performance in Supporting Role හි winner වෙන්නත් මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා.
මීට පෙර 2001-2002 කාලයේ Hellsing මන්ගාව ඇසුරෙන්ම Hellsing නමින් ඇනිමෙ කතා මාලාවක් නිකුත් වුනත්, ඒක මන්ගා එකේ මුල් ටික විතරක් අරන්, පස්සේ වෙනස්ම කතාවක් නිර්මාණය කළා. පසුව original manga කතාව ඒ විදිහටම faithful adaptation එකක් විදිහට 100%ක් නිවැරදිව ඇනිමේ එකට නැගූ නිර්මාණය තමයි Hellsing Ultimate. ඒ නිසාම වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තෙත් මේ Hellsing Ultimate එකම තමයි. මේකෙ සටන් ජවනිකා ඉතාමත් ලස්සනට සහ කුතුහලය පිරෙන විදිහට නිර්මාණය කරල තියෙනවා. මේක සෑහෙන්න ලේ වැගිරීම්, ප්‍රචණ්ඩත්වය (Gore) සහ අඳුරු තේමාවන් බහුල සිරීස් එකක් බව මතක් කළ යුතුමයි.

අපි දැන් මේ අඳුරු කතාවෙ පසුබිමට යමු. එංගලන්තය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන Hellsing Ultimate කියන රහස් සංවිධානය වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඔවුන්ගේ රාජකාරිය වෙන්නෙ බ්‍රිතාන්‍ය රැජිනවත්, සාමාන්‍ය ජනතාවත් වැම්පයර්ලාගෙන් සහ අනෙකුත් අද්භූත බලවේගවලින් ආරක්ෂා කරන එක. මේ සංවිධානයේ නායකත්වය දරන්නේ Sir Integra Hellsing කියන දක්ෂ කාන්තාව. පරම්පරා ගණනාවක් මේ Hellsing පවුල තමයි මේ කාර්යය කරගෙන එන්නේ. ඒ වැම්පයර්ලා හැදෙන්නෙ කොහොමද? ඒක මෙතන නොකියා ඉන්නම්. දැන් තමයි අපි අලුකාඩ් කියන චරිතය දිහාවට හැරෙන්නෙ. කතාවේ ප්‍රධානම සහ ආකර්ෂණීයම චරිතය තමයි අලුකාඩ්. එයා ලෝකයේ ඉන්න බලවත්ම සහ පැරණිතම වැම්පයර් කෙනෙක් වෙනව වගේම වැඩ කරන්නේ Hellsing සංවිධානය වෙනුවෙන්. ඉතින් එයාත් වැම්පයර් කෙනෙක්. ඒ පටලැවිල්ලත් එයාට තියෙන බලය ගැනත් කතාව මැදදි ඔයාට දැනගන්න ලැබෙයි.
ඉතින් මේ කතාවට එක එක විදිහෙ සතුරන්, මිතුරු වෙසින් ඉන්න සතුරන්, කතෝලික පල්ලි වගේම නාසි හමුදාවත් පැටලෙනවා. කෙලවරක් නැති ලේ වැගිරීම්, කුරුස යුද්ධ, පාවාදීම්, ද්‍රෝහිවීම් වගේ අඳුරු තේමා ඔස්සේ කතාව දිවෙනවා. සෙරස් වික්ටෝරියා කියන පොලිස් කෙල්ල සහ මේ අලුකාඩ් ප්‍රමුඛ හෙල්සින්ග් සංවිධානයේ හමුව තමයි ආරම්භයෙදි දකින්න ලැබෙන්නෙ. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.
මුලින් කිව්වත් වගේම ලේ නෑවෙන සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Hellsing Ultimate හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ Hellsing Ultimate (Season 01) [1080p] කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම BD වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Hellsing Ultimate Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
184 downloadsDownload Hellsing-Ultimate-E01-E02-Sinhala-Subtitles.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Dineth Thejan
Champika Jayawardana
Macan meke video aka kohenda gaththe
Hasaranga Nadeesha
article eke thiyenawa dala. nyaa. si website eken ganna puluwan.
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hellsing Ultimate [S01 : E01 & E02] Sinhala Subtitles | ලේ පිපාසිත පිබිදීම [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/06/Hellsing-Ultimate-banner-01.jpeg)


Anith epi tikth aniwa diyan aa.sub ekt thanks sahoo.