ඔන්න එහෙනම් කතා මාලාවෙ අවසාන එපියත් අරං තමයි මම අද ආවෙ. ටිකක් පරක්කු වුණා. සමාවෙන්න. ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව මට වෙන් කරලා දුන්න අපේ සමීර අයියට ස්තූතියි කියල. මේ කතා මාලාව NBC නාලිකාවේ 2015 සැප්තැම්බර් 24 පළවෙනි එපිය නිකුත් වුණාට පස්සෙ අතර මැද මාසයක පමණ නිවාඩුවකුත් අරං පුරා මාස හතරක පමණ…
ඔන්න එහෙනම් කතා මාලාවෙ අවසාන එපියත් අරං තමයි මම අද ආවෙ. ටිකක් පරක්කු වුණා. සමාවෙන්න. ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව මට වෙන් කරලා දුන්න අපේ සමීර අයියට ස්තූතියි කියල. මේ කතා මාලාව NBC නාලිකාවේ 2015 සැප්තැම්බර් 24 පළවෙනි එපිය නිකුත් වුණාට පස්සෙ අතර මැද මාසයක පමණ නිවාඩුවකුත් අරං පුරා මාස හතරක පමණ කාලයක් විකාශය වුණා. එපි 13කින් සමවිත මේ කතා මාලාව පුරාවටම 7.2ක IMDB අගයක් ලබාගන්නත් සමත් වුණා. මේ එපියට දැනට අරං තියන අගය 7.9ක් වෙනව. කථා මාලාව සාරාංශයක් විදිහට ගත්තොත් මිනිසාගේ පරිණාමයේ ප්‍රතිඵලයක් හැටියට මිනිසාගෙන් ඇතැම් අයට විශේෂ බලයන් සහිතව උපදිනව. මේ බලයන් සහිත මිනිස්සු ඊවෝ වරුන් හෙවත් පරිණාමය වූ මිනිසුන් ලෙස හඳුන්වනව. සාමාන්‍ය මිනිස්සු සහ ඊවෝ වරු අතර ව්‍යාජ හේතූන් මත හටගන්නා ගැටුමක් සහ ලෝකයට සිදුවන්නට යන මහා විපතක් නැතහොත් ලෝක විනාශය පදනම් කරගෙන ගොඩ නැගුන කතා මාලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ගැටුම් ඇති කරන්න හදපු අයගේ ඇත්ත තත්ත්වය දැන් නම් හෙළි වෙලා තියෙන්නෙ. ලෝකය විනාශ වෙන්න තවත් පුංචි වෙලාවක් ඉතුරු වෙලා තියෙද්දි ලෝකය බේරගන්න ඊවෝ කණ්ඩායම විශේෂයෙන් මලීන, ටොමී උත්සහ කර කර ඉන්නෙ. අද කොටස තුළින් කථාවට මොකක් වෙයිද? මේ එපිය නම් සුපිරිම එපියක්. කලින් කථා වල අපැහැදිලි තැන් ඔක්කොම ලස්සනට ගලපල කරපු එපියක්. ඒ වගේම පළවෙනි කතා සමය මෙතනින් අවසන් වුණත් දෙවැන්නකට මඟ විවර කරල තමයි අවසන් වෙන්නෙ. මං ඒ ගැන ටිකක් කියන්නම්.
මේ වෙද්දි කාලය සහ අවකාශයේ පාලකයා සිරගත කරල ඉන්නෙ. හැබැයි මේ සිරගත කිරීම නිසා ටොමී අලුත් ගොඩක් වැදගත් දෙයක් ඉගෙනගන්නව. ඒ මොකක්ද? එතකොට එකපාර අතුරුදන් වුණ නෝවා බෙනට් කෝ? අපොයි… එයත් ඉන්නව. එයාට ඇත්තටම මොකද වුණේ? කථාව බලාගෙන යද්දි හිතෙයි හරිම පොඩි වෙලාවක්නෙ ගත වෙලා තියෙන්නෙ කියලත්. එරිකා ක්‍රාවිඩ්ගෙ ගේට්වේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස කරල කට්ටිය අනාගතයට ගෙනියන්න පුළුවන් වෙයිද? ෆීබි නොනැවතී දිගින් දිගටම මලීනට කරදර කරනව. එයාගෙ අවසානය කොහොම වෙයිද? ඒ වගේම සියදිවි හානි කරගන්න ගියපු ලූක්ගේ දෛවය වෙනස් කරල මලීන කරපු දෙයින් පස්සෙ ලූක් මොන වගේ දේකට අවසානයේ පත් වෙයිද? වෙඩි වැදුන ෆාර ජීවත් වෙනවද? ඔරලෝසු කණුවක් යට ලෝකය බේරගන්නව කියන අනාවැකිය කෙබඳු වෙයිද? ලෝක විනාශය වෙයිද? එහෙනම් කට්ටියම එපිය බලන්නකෝ… තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!!!
200 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න
ADB039D39957A56A0FE45E65142B6B8F449C7F38402 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
6BB48E0FBFF89233857F7114622BC74C84B599F1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,094 downloadsDownload Heroes-Reborn-S01E13.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
16 comments
Isuru
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Práðèép Üðäýàñgå
ස්තූති සහො ... !
thushara
බොහොම ස්තුති යාලුව.... බොහොම හොඳ කතා මාලාවක් ... මේ වගේම හොඳ කතාවලට සබ් ඉදිරියට තව කරගෙන යාමට ශක්තිය ලැබේවා...!!!!
Ashan
Thankz bro...
අමා
බොහොමත්ම තුති!!!
me
Thanks
Pasindu Malshan
thnx Bro..... :)
harsha
ස්තූතියි අචින්ත දිවා රැ නොබලා අපි වෙනුවෙන් කරන කරන කැපවීමට.ඔන්න එහෙනම් අවසාන කොටසත් ගන්නවා ජයවේවා
lahiru
niyamai achintha saho.......puluwannam legend of tomrow ekata sub dendo......
රයන් ද සිල්වා
tnxx bro sub ekata
kanushka
thnk u
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ..කතාමාලාවේ ආරම්භයේ සිට
අවසානය දක්වාම නොකඩවා උපසිරසි ලබාදුන්නට ස්තුතියි..
ඉක්මනින්ම නවතම කතා මාලාවකින් හමුවෙමු..ඔබට ජය..රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu bandara
thnkz sahoo ada thami bal all a iwara kare....Kathawa patta.........x!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E13] with Sinhala Subtitles | ලෝකයේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

Thanks for sub puluwanam heroes mul season tikath denna