මරණෙන් පසු ජිවිතය ගැන එක් එක් සමාජ වල තියෙන්නෙ එක එක විදිහෙ මත. කොරියානු සමාජයේ තියෙන්නෙ ඒ ගැන වෙනස් මතයක්. එයාලගෙ විශ්වාසය තමයි තමුන් මියගියාට පස්සේ අහසෙන් එහෙම නැතිනම් මළවුන්ගේ ලෝකයෙන් කෙනෙක් එනවා ඒ මියගිය කෙනාව එක්කගෙන යන්න. ඒ එන කෙනාට එයාලා කියන්නේ සුරදූතයා නැතිනම් දේවදූතයා කියලා. එහෙම කෙනෙක් ග…
මරණෙන් පසු ජිවිතය ගැන එක් එක් සමාජ වල තියෙන්නෙ එක එක විදිහෙ මත. කොරියානු සමාජයේ තියෙන්නෙ ඒ ගැන වෙනස් මතයක්. එයාලගෙ විශ්වාසය තමයි තමුන් මියගියාට පස්සේ අහසෙන් එහෙම නැතිනම් මළවුන්ගේ ලෝකයෙන් කෙනෙක් එනවා ඒ මියගිය කෙනාව එක්කගෙන යන්න. ඒ එන කෙනාට එයාලා කියන්නේ සුරදූතයා නැතිනම් දේවදූතයා කියලා. එහෙම කෙනෙක් ගැන තමයි මේ කතාවත් ගෙතිල තියෙන්නේ. තමන්ගෙ රාජකාරිය වන මියගිය අය ගෙනියන්න ආපු වෙලාවක වැරදීමතින් එයා මනුස්සයෙක්ව බේරගන්නවා. ඒකෙ අතුරුඵලයක් විදිහට එයා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙ දේවල් ගැන නොදන්න එයා ජීවිතේ ගෙවන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. සතුට විනෝදය වගේම දුකත් එකතු වෙලා හැදිල තියෙන මේ කතාවට ඔයාලා හැමෝම කැමති වෙයි කියලා මම හිතනවා.
වූ හයින් කියන්නේ අවුරුදු 18ක කඩවසම් පිරිමි ළමයෙක්. එයා ජීවත් වෙන්නේ එයාගෙ ආච්චිඅම්මත් එක්ක. කඩවසම් කම කාරුණිකකම වගේම දක්ෂ බුද්ධිමත් කෙනෙක් නිසා පාසලේ ගැහැණු ළමයි බොහොම දෙනෙක් ඔහුව තමන්ගෙ සිහින කුමාරයා කරගෙන ඉන්නේ. ජින් යන්ග් කියන්නෙත් ඒ වගේ ගෑණු ළමයෙක්. එයාගෙ අම්මා තමයි ඒ පාසලේ සභාපතිතුමිය. ඇය බොහොම අහංකාර කාන්තාවක්. හදිසියේම දිනක පාසලට පැමිණෙන ඇය වූ හයින්ට බැණ වදිනවා තමන්ගෙ අහිංසක දුවව වූ හයින් රවට්ටනව කියලා. ඇය ගුරුතුමාට පවසනවා ඔහුට හැකි උපරිම දඬුවම ඒ වෙනුවෙන් ලබාදෙන ලෙසට. ඇගේ කැමැත්ත ඔහුව මෙම පාසලෙන් මාරුකර හැරීමයි. මෙම සිද්ධියෙන් ලැජ්ජාවට පත්වෙන ජින් යන්ග් දිවි නහ ගන්නයි සූදානම් වෙන්නේ. මේ දේවල් මෙහෙම වෙද්දි තවත් ලස්සන ගෑණුළමෙක් ඉන්නවා. එයා මනුස්ස ලෝකෙ සිදුවෙන දේවල් ගැන හරිම කුතුහලෙන් ඉන්නේ. ආදරේ ගැන වේදනාව ගැන දුක ගැන ඒ වගේ හැඟීම් ගැන එයාට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා. එයා ඒවට විසඳුම් හොයාගන්න කරන්නෙ නාට්‍ය බලන එක. ඇය වෙන කවුරුවත් නෙවෙයි දේවදූතියක්. ඇය එන්නේ මනුස්ස ලෝකෙ මැරෙණ අයව අරගෙන යන්න. ජින්ග් යන්ග්ව ගෙනියන්න එන්නෙත් ඇය තමයි. ඉතින් ඇයට ජින්ග් යන්ව ගෙනියන්න පුලුවන් වෙයිද? අපි බලමු නේද…
116 MB (Direct Link.Part-1) කොපිය මෙතනින් බාගන්න 116 MB (Direct Link.Part-2) කොපිය මෙතනින් බාගන්න
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,281 downloadsDownload High.School.Love_.On_.E01.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
29 comments
chamith
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අක්කේ
විරාමයකට පස්සේ ඇවිත් තියෙන්නේ සුපිරි කතාවක් අරන් වගේ
කොරියන් නම් නොබලමි
බට් මේක බලන්න සිතේ
බා ගන්න හැකි උනොත් බලමි
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!Gayashan
niyamai akke.
damith
meka banna ba.seeders 0 leechers 0.
Kasun Andy Doo
කොරියන් Pinocchio (2014) tv series එකෙත් සිංහල sub දෙන්න පුලුවන්නම් ගොඩක් පිං
chacha
thanks sis..
පැතුමි ඉෂාර
එළම❗ ඕං අක්කි ටික දවසකට පස්සේ අායේත් වැඩේට බැහැලා තියෙන්නේ❕ ;)
මග බලං ඉදියේ ලස්සන කොරියන් එකක් කවදා දේවිද කියලා... :)
Anyway සබි එකට තැන්ක්ස් & කීප් ඉටි අප්❕ :DZid
seed la adui. meken direct baganna
http://chauthanh.info/drama/view/high-school---love-on-(201…kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .සුපිරියි සුභපැතුම්.
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
danuka
මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.hacini
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.rohana
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...srkpoorna
ah man me tv series eka balala iwara una witharai......
Jinadaree
Thanks akke.......
gayan
pissu hadena kathawakne.thaz sahodari
Sineth
Thankzz aaaa. Meka balala iwara wenakota oyagen tawa ekak one hode...
Kulanjana Maduranga
ammo sahena kalekin korean drama 1k labune...niyamai ahhhh...ada idala balanna puluwan.thanks KANISHKA Sis..sub ekata..mekata digatama sub demu.jaya wewa……
kaveen
patta kathawak ne akke aniwa balanawa ekamatama anith ep walath sub aka denna thankzzzzzzzzzzzzzz
canaka
නියමයි නියමයි අක්කේ සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.පැතුමි ඉෂාර
හම්මේ! අක්කේ මේ Torrent එකේ චූටි අවුලක් තියෙනවා!... මේකේ Seedersලාත් නෑ... කොහොමෙන් කොහොමෙන් හරි පැය 2ක් විතර ගිහිල්ලා මුලු එපියම බාගත්තා... එ බාගෙනත් මුලු එපියම ප්ලේ වෙන්නෙ නෑ කියහංකො අක්කේ...බාගයක් වගේ ප්ලේ වුනේ... ඊට පස්සේ මං ආයෙත් එකම ඩවුන්ලොඩි වෙන්න දැමිමා එත් එ ටිකම තමා ප්ලේ වුනේ... ප්ලේ උන ටිකත් තැනින් තැන හිට හිට ගියේ... Mbනමි මීට වඩා ටිකක් උනත් කමක් නෑ සීඩර්ස්ලා ඉන්න හොද ටොරෙන්ටුවක් හොයලා දීංකො! බයිස්කෝප් අඩවියට ඡය❕ ;)
ruwan
E 01හා E 08 Direct Link එකෙන් අමාරු නම් ලේසියෙන් ගන්න upload කරලා දෙන්නම්
sachini
wow lassna kathwak mekanm
pabasara lihini
geda kalayakin korean ekak balanne.lassana kathawak wage.puluwannam me wage lassana katha digatama denna balanna.sub ekata thaxxxx
Nethu
ලස්සන කතාවක් තැන්ක්යූ :D
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
UD
Meke deela thiyena torrent eke peers la nane... wena link ekak denndo,,...
anu
korean ekak nam ethin aniwa balanawa.kathawa lassana ekak wage .thankz api wenuwen lassana katha aran enawata digatama korean katha denna balanna
kasun
niyama kathawakne.aniwa balanawa akka thankz sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hi! School: Love On [E01] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Hi-School-Love-On.jpg)

thanx akki