Watch Trailer

His Dark Materials (2019-) [S02 : E05] Sinhala Subtitles | කෛරාටික සර්පයා! [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ කොටස ගැන කෙටි මතක් කිරීමක් කළොත් ලයිරා සහ විල් දෙන්නා පිහිය හොයා ගෙන දේවදූතයන්ගෙ කුලුනට ගියා. එතැනදී මෙයාලට ජැකමෝ කියලා කෙනෙක්ව හම්බ වුනා වගේම විල්ට පිහිය ලබාගන්න තව කොල්ලෙක් එක්ක සටන් කරන්න ගිහින් ඇගිලි දෙකකුත් අහිමි වුනා. කොහොම හරි මේ ජැකමෝ කියන්නෙ පිහියෙ ධාරකයා ඉතින් එයා කියන විදිහට අළ…

ගිය සතියෙ කොටස ගැන කෙටි මතක් කිරීමක් කළොත් ලයිරා සහ විල් දෙන්නා පිහිය හොයා ගෙන දේවදූතයන්ගෙ කුලුනට ගියා. එතැනදී මෙයාලට ජැකමෝ කියලා කෙනෙක්ව හම්බ වුනා වගේම විල්ට පිහිය ලබාගන්න තව කොල්ලෙක් එක්ක සටන් කරන්න ගිහින් ඇගිලි දෙකකුත් අහිමි වුනා. කොහොම හරි මේ ජැකමෝ කියන්නෙ පිහියෙ ධාරකයා ඉතින් එයා කියන විදිහට අළුත් ධාරකයා වෙන්නෙ විල්. විල්ට ඒ පදවිය බාර දීලා යම් පුහුණුවකුත් මේ ජැකමෝ විසින් ලබලා දෙනවා. කොහොමහරි පිහියෙ සැබෑ වටිනාකම තේරුම් ගත්තට පස්සෙ විල් සහ ලයිරා තීරණය කළා ඒක චාර්ල්ස්ට නොදී සත්‍යමාපකය අරගන්න.

ඔය අතරෙ චාර්ල්ස් ලයිරාගෙ අම්මව මුණ ගැහිලා එයාට කියනවා ලයිරා ඉන්න තැන දන්නවා කියලා. ඒ වගේම ලයිරාව නැවත කෝල්ටර්ට බාර දෙන්න පුළුවන් ය කියලා. ඉතින් මේ නිසාම චාර්ල්ස් ලයිරාගෙ අම්මවත් විල්ගෙ ලෝකෙට එක්ක එන්න තීරණයක් ගන්නවා. ඒ වගේම ඔය අතරෙ මහා සභාවෙන් බැට කාපු මායාකාරියන් සෙරෆිනා පෙකලාගෙ නායකත්වය යටතේ යුද්ධයකට සූදානම් වෙනවා. ඉතින් ඒකෙ ප්‍රථම පියවර විදිහට එයාලා ලයිරාව හොයා ගෙන අහසෙ තියෙන විවරයෙන් යන්නෙ මහා සභාවේ යුධ නැව් සහ සෙබළුන්වත් විනාශ කරගෙන.

එක අතකින් ඔහොම වෙන කොට වෙනමම ගවේෂණයක යෙදිලා ඉන්න ලී ස්කෝර්ස්බිට අන්තිමේ ගෘමන්ව හම්බ වෙනවා. බලාගෙන ගියහම මේ ගෘමන් වෙන කවුරුවත් විල්ගෙම තාත්තා. ඉතින් අන්තිමේ මේ දෙන්නත් කොහොමින් හරි පිහිය හොයා ගෙන එන්න තීරණය කරනවා.

එහෙමනම් ගිය සතියෙ ඔය විදිහට වෙන කොට මේ සතියෙ ලයිරා සහ විල්ට සත්‍යමාපකය ගන්න ලැබෙයිද කියලා බලමු. එහෙමනම් ලබන සතියෙ හමුවෙන තෙක් ඔඅබට ජය.

සැ.යු- HD පිටපත ධාවන කාලය 47.18 සහ වෙබ් පිටපත 47.16 වේ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

4,773 downloadsDownload His-Dark-Materials-2019-S02-E05.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,773 downloadsDownload Subtitles44 KB

15 comments

  1. අචින්ත

    සබට තුතී නිල්....!!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. R_deshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ ඒත් ඩවුන්ලෝඩ් සයිට් එකේ 1080p link දාන්නෙ නෑනෙ කවදාවත්.කලින් එපි දෙකේම ඩවුන්ලෝඩ් කරපු 1080p torrent වල ධාවන කාලය වෙනස් ඒ දෙකම සිංහල සබ් එක්ක බලන්න බැරි උනා.හරියට sync කරගන්න පුලුවන් උනෙත් නෑ.මේ එපියට ඩවුන්ලෝඩ් කරල තියන එකත් සෙට් නෑ.කරුණාකරල ඊළඟ එපි 3ට වත් 1080p link සයිට් එකේ දාන්න ලොකු ඉල්ලීමක්....

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  6. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  7. Hemal

    Bohoma sthuthi

  8. Pramukmili

    Thanxxxx bro...........

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි

  10. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for sub!

  13. Anonymous

    thank you

  14. MAALNATH

    Thanks. .........good luck. ............

  15. chinthaka.max4

    thankx machan