මුලින්ම සමාව ඉල්ලනවා ඉතුරු ටික දෙන්න පරක්කු වුන එකට. සාධාරණ හේතුවක් නිසා මට ඉතුරු ටික කරගන්න බැරි වුනා. ඇඩ්මින් අශාන් සහෝදරයා මගෙ ලිපියකට කමෙන්ට් කරලා තිබුණා හේතුව. ඔන්න ඕකයි වුනේ. කොහොමහරි ආපහු වැඩේ පටන් ගත්තා. කලින් කතාව මතක් කරගන්නවා නම් දැන් අපි දන්නවා කවුද මේ දාම ඝාතකයා කියලා. මිනිහා මොකක් හරි…

මුලින්ම සමාව ඉල්ලනවා ඉතුරු ටික දෙන්න පරක්කු වුන එකට. සාධාරණ හේතුවක් නිසා මට ඉතුරු ටික කරගන්න බැරි වුනා. ඇඩ්මින් අශාන් සහෝදරයා මගෙ ලිපියකට කමෙන්ට් කරලා තිබුණා හේතුව. ඔන්න ඕකයි වුනේ. කොහොමහරි ආපහු වැඩේ පටන් ගත්තා. කලින් කතාව මතක් කරගන්නවා නම් දැන් අපි දන්නවා කවුද මේ දාම ඝාතකයා කියලා. මිනිහා මොකක් හරි පූජාවක් කරනවා සාතන් යක්ෂයාට. අනේ මන්දා මොන සිහියෙන් එහෙම කරනවද කියලා. ඒකටම හරියන ගෑණීයෙකුයි තව සෙට් එකකුත් මිනිහා එක්ක ඉන්නවා. කොහොම හරි මිනිහා තවත් කෙල්ලෙක්ව මරණවා.
හුඩ් මේ අස්සේ හිරගෙදර. බ්‍රොක් හුඩ්ගෙ කටින් අල්ලගන්න ලොකු උත්සාහයක් දුන්නත් වැඩේ හරි යන්නෙ නෑ. ප්‍රොක්ටර් කුලප්පු වෙලා එනවා හුඩ් මරන්න. රෙබෙකා මරපු එකට පලිය ගන්න. නමුත් බ්‍රොක් ඉඩ දෙන්නෙ නෑ. මේ අස්සේ තමයි අලුත් කෙනෙක් කතාවට ඇතුල් වෙන්නේ. ඒ තමයි වෙරෝනිකා ඩෝසන්. FBI ඒජන්ට් කෙනෙක්. හරිම ලස්සන ඇන්ටි කෙනෙක්. මෙයා පත් වෙලා ඉන්නේ මේ දාම ඝාතකයා ගැන හොයන්න. එයාත් හුඩ්ගෙන් ප්‍රශ්න කරලා බලලා තීරණය කරනවා හුඩ් නෙවෙයි මේ මිනීමරුවා කියලා. අර අන්තිමට මරපු කෙල්ලගෙ මිනිහ හම්බවෙනවාත් එක්කම හුඩ්ට නිදහස ලැබෙනවා. මොකද හුඩ් හිරේ ඉන්නකොට කොහොමද කෙල්ලෙක්ව මරන්නේ.
මේ අස්සේ තමයි බ්‍රදර්හුඩ්ලගෙ නායකයා වට්ස් හිරෙන් නිදහස් වෙන්නේ. නිදහස් වෙලා එන්නේ බන්කර්ගෙ ගෙදර. ඇයි ඒ? මොකද බන්කර් කියන්නේ වට්ස්ගෙ බෑණා. මැගී කියන්නේ වට්ස්ගෙ දුව. නමුත් මැගී හැසිරුණ විදියෙන් දන්නවා මේ පවුල සම්පූර්ණයෙන්ම එපා වෙලා කියලා. ඒ තරම් දුෂ්ටයෝ දෙන්නෙක් කැල්වින් සහ වට්ස් කියන්නේ. කැල්වින්ට ඕනේ වට්ස් පරද්දලා නායකයා වෙන්න. අපි බලමු ඉස්සරහට හිතන දේ වෙනවද කියලා. මේ අතර කැරී ඇහැ ගහගෙන ඉන්නේ ප්‍රොක්ටර් සහ බ්‍රදර්හුඩ්ලා එකතු වෙලා කරන්න යන දේට. කැරී ප්‍රොක්ටර් පස්සෙන් යන්න හේතුව තමයි ගෝඩන් ජීවත් වෙලා ඉන්නකොට එයාට ප්‍රොක්ටර්ව වට්ටන්න බැරි වුනා. මැරුණට පස්සේ වත් තමන්ගෙ සැමියා කැප වුන දේ ඉටු කරන්න තමයි කැරීට ඕනේ. කැරී මේ තොරතුරු දෙන්නේ වෙන කාටවත් නෙවෙයි බන්කර්ට. මොකද බන්කර් බ්‍රදර්හුඩ්ලා එක්ක තරහ නිසා. ඉස්සරහට ලොකු යුද්ධයක් එන්න වගේ හදන්නේ.
එහෙනම් ඉතුරු ටිකත් බලලා ඉමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
13,978 downloadsDownload Banshee.S04E05.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
11 comments
sachintha
බට්ටිච්චි
ඉතුරු ටිකත් ඉක්මනට ගේන්න අපි මේ ඉන්නවා මේ නෑ.
වෙනවට කියනව නෙමේ. කෝකටත් හොඳයිනේDhanush Narangoda
සනීප වෙලා ආපු එක හොඳයි බං ඉතුරු ටික එනකම් බලා හිටියෙ
Sisira Hegoda
අප වෙනුවෙන් වෙන මහන්සියට ස්තූතියි.
සියන්ත
sahoooo sanipa welaa innooona monawa krnnath....paressemm wenna...aadarei api oyata ....dewi pihitai !!
P_mihir
Warrior season 2 ekatath sub ona saho..... Plzzzz
Bobby
Wow, You are back, Thank you very much Bro.
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashen Dilhara
Thank you brother sub ekata...
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S04 : E05] Sinhala Subtitles | හුඩ් නිදහස්! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය