බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට සුබ දවසක් වේවා. ඉතින් කොහොමද කට්ටියට? සෑහෙන්න කාලෙකට පස්සේ තමයි උපසිරසියකින් හම්බ වෙන්න අවකාශයක් ලැබෙන්නෙ. ඒ වගේම තමා මේ කතාමාලාව නිකුත් වෙලත් ගොඩ දවසක් ගෙවිලා ගිහින් තියෙන්නෙ. නමුත් කාර්‍යබහුල වීම මත මීට පෙරාතුව ඔබ හමුවේ මේ උපසිරැසි දිග හරින්නට අවස්ථාවක් ලැබුනේ නැහැ…

බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට සුබ දවසක් වේවා. ඉතින් කොහොමද කට්ටියට? සෑහෙන්න කාලෙකට පස්සේ තමයි උපසිරසියකින් හම්බ වෙන්න අවකාශයක් ලැබෙන්නෙ. ඒ වගේම තමා මේ කතාමාලාව නිකුත් වෙලත් ගොඩ දවසක් ගෙවිලා ගිහින් තියෙන්නෙ. නමුත් කාර්‍යබහුල වීම මත මීට පෙරාතුව ඔබ හමුවේ මේ උපසිරැසි දිග හරින්නට අවස්ථාවක් ලැබුනේ නැහැ. එහෙමනම් ඉතින් බොහෝ කාලයක් පමා වෙලා තියෙන නිසා මං පෙර කතාමාලාවන් ගැන වැඩි විස්තරයක් කරන්න යන්නෙත් නැතුව කෙටියෙන් වගේ බලමු අවසාන කතාමාලාවේ ආරම්භය කෙබදු ආකාරයේ එකක්ද කියලා.
පෙර කතාමාලාවෙන් අපි දැක්කා අධිකාරයට විරුද්ධව ඇස්රියෙල් දේවදුතයන්ගේ සහය ලබා ගන්නවා. ඒ වගේම ලයිරාව තමන්ගේ මෑණියන් උන කොල්ටර් නෝනාට අහු වෙනවා වගේම ශස්ත්‍රයේ බාරකරු උන විල්ට තමන්ගේ බලයන් ගැන අවබෝධයක් ලැබුනා සේම තමන්ගෙ පියාව අහිමි වෙනවා. මායාකාරියෝ සහ අධිකාරයේ සේනා අතර සටනක් ඇති උනා වගේම කතාවේ ඇතැම් චරිත සමු ගත්තා. ඉතින් එවන් පසුබිමක් යටතේ තමයි තෙවැනි කතාමාලාව ආරම්භ වෙන්නෙ.
ලයිරාව අල්ලගන්න මරීසා හිතාගෙන ඉන්නෙ එයා තමන්ගේ දියණියව අධිකාරයෙන් ආරක්‍ෂා කරනවාය කියලා. ඒ වගේම ඇයව බලාගන්න ඉන්න හොදම කෙනා එයා කියලා. ඒ නිසාම මරීසා ලයිරාත් එක්ක හැංගිලා තමා ඉන්නෙ. ඔය අතරේ විල් සෑහෙන්න වෙහෙස මහන්සියක් ගන්නවා ලයිරාව හොයා ගන්න. හැබැයි ඉතින් ලයිරාව ගෙනිච්චේ කවුද කින්දමන්ද කියන එක ගැනවත් විල් හාංකවිසියක් දන්නෙ නෑ. හැබැයි ඉතින් ඒකත් හොයාගන්න විල්ට පොටක් පෑදෙනවා. ඔය අල්ලපනල්ලේ ලයිරාගේ තාත්තා උන ඇස්රියෙල්ට දුව ගැන කිසිම ගානක් නෑ. ඔහුගේ එකම අභිලාශය වෙලා තියෙන්නෙ අධිකාරයට විරුද්ධව කරගෙන යන තමන්ගේ සටනට සේනා සංවිධානය කරගන්න එක. ඒ වෙනුවෙන් ඔහු ලෝකලෝකාන්තර අතර පවා සැරි සරනවා.
මේ අතරේ අධිකාරය මැක්ෆේල් පියතුමා යටතේ ඇස්රියෙල්ගෙන් එල්ල වෙන්න පුළුවන් අභියෝගයන්ට සේම සත්‍යමාපකය විසින් හෙළි කළා වූ අනාගත වැකියට මුහුණ දෙන්න සූදානම් වෙමින් තමයි තියෙන්නෙ. එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. යලිත් උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා. එතෙක් ඔබට ජයෙන් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,695 downloadsDownload His-Dark-Materials-S03-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #2022
- #Amir Wilson
- #Ariyon Bakare
- #Brian Fisher
- #Dafne Keen
- #Editor's Pick
- #His Dark Materials
- #Kit Connor
- #Lin-Manuel Miranda
- #MaxxA
- #Offbeat
- #Ruta Gedmintas
- #Ruth Wilson
- #Simone Kirby
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #Will Keen
- #Xolo Maridueña
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
6 comments
kavinda gamage
Thilina Jayarathna
Ado meka amataka, vela hitye. Thx bm
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයCharitha Athawuda
thanks
Kavinda Robertson
ambooo dala :P
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![His Dark Materials [S03 : E01] Sinhala Subtitles | ලයිරාව සොයා.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/His-Dark-Materials-Season-3-02__His-Dark-Materials-S03-01.jpg)


බොහොම ස්තුතියි නියම වැඩක්