Watch Trailer

The Walking Dead [S11 : E23] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරසි]

රූපවාහිනි කතාමාලා ඉතිහාසයේ තවත් එක දැවැන්තම සහ සුපිරිම කතාමාලාවක් ලෙස The Walking Dead අවිවාදයෙන්ම සලකන්න පුළුවන්. කතාමාලා 11කින් මේ සීරීස් එකේ අවසානය සනිටුහන් වෙන්න නියමිතයි. ඒ අවසානය පෙර කොටස තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඊළඟ කතාංගයෙන් කතාමාලාව අවසන් වෙන නිසා මේ කොටස ඉතාම වැදගත් එකක් බව අමුතුවෙන් කියන…

රූපවාහිනි කතාමාලා ඉතිහාසයේ තවත් එක දැවැන්තම සහ සුපිරිම කතාමාලාවක් ලෙස The Walking Dead අවිවාදයෙන්ම සලකන්න පුළුවන්. කතාමාලා 11කින් මේ සීරීස් එකේ අවසානය සනිටුහන් වෙන්න නියමිතයි. ඒ අවසානය පෙර කොටස තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඊළඟ කතාංගයෙන් කතාමාලාව අවසන් වෙන නිසා මේ කොටස ඉතාම වැදගත් එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

තමන්ගේ කණ්ඩායම දුෂ්කර ඉරණමකින් බේරගත්තට පස්සේ මැගී ඇතුළු හැමෝම තමන්ගේ නිවාස වලට යන්න ලෑස්ති වෙනවා. ඒත් තාමත් තමන්ට තියෙන අනතුර ඉවර නෑ කියලා නීගන්, මැගීට පෙන්නලා දෙනවා. මොකද ප්‍රධාන දුෂ්ට චරිතය වෙන පැමෙලා තාම කොමන්වෙල්ත් පාලනය කරන නිසයි. ඒත් ඉයුජින්ගේ නඩු විභාගයෙදි අපි දැක්කා කොමන්වෙල්ත්හි ජනතාව කෙමෙන් කෙමෙන් පැමෙලගේ තීරණ වලට විරුද්ධ වෙන ආකාරය. ඒ වගේම හමුදාවේ පවා බෙදීම් ඇති වෙලා තියෙන බවත් දකින්න ලැබෙනවා. තවත් කට්ටිය එක්ක වෝකර්ස්ලා අස්සේ වෙස් වලාගෙන ඇවිදින ලිඩියට අද ලොකු ඇබැද්දියකට මූණ දෙන්න වෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් පැමෙලට එරෙහි වෙන්න දුම්රියෙන් කොමන්වෙල්ත් පැත්තට එනවා දකින්නත් පුළුවන්. කතාව අවසනයෙදිනම් හිතෙන්නේ මහා විනාශය ආරම්භයදෝ කියලා තමයි ඒක ඔයාලම බලලා තීරණය කරන්නකෝ.

ඒ වගේම මුල ඉඳන් වෝකින් ඩෙඩ් කතාමාලාවට උපසිරසි දුන්න අපේ සහෝදර සහෝදරියෝ හැමෝටම මම මේ වෙලාවේ ස්තූති කරන්න කැමතියි. ඒ හැමෝම තමන්ගේ වැඩ රාජකාරි අස්සේ තමයි ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් කාලය වැය කරලා තියෙන්නේ. අවසාන කතාමාලාවත් ඔයාලට ගේන්න ශාන් විමුක්ති සහෝ ගොඩක් මහන්සි උනා. එයාගේ ඉල්ලීම මත සහ මේ කතාමාලාව අනිවාර්යයෙන් වෙබ් අඩවියෙ තිබිය යුතු එකක් නිසා වැඩ අස්සේ උනත් මමත් කොටස් තුනකට දායක උනා. ඒකට නැවත වතාවක් විමා සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අවසාන කොටසත් ඉක්මනටම ඔයාලට හම්බවෙයි. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

කතාංගයේ නම – “Family”
කතා රචනය – Magali Lozano & Erik Mountain & Kevin Delboldt
අධ්‍යක්ෂනය – Sharat Raju
IMDb අගය – 8.6
අවසාන කොටස – “Rest In Peace”

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,822 downloadsDownload The.Walking.Dead_.S11E23.Family.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

4,822 downloadsDownload Subtitles37 KB

11 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  2. Thilina Jayarathna

    Adarei ubalata

  3. Dilshan

    Sub ekata godak Thanks

  4. Deshan

    Carnival raw එකේ සබ් එක දෙමුකෝ please bro අපෙන් පලිගන්න එපා ඕහෝම

    1. යුරාන් ධනුක (දනුවා)

      කානිවල් රෝ ඉක්මනින් ලැබෙයි සහෝ

  5. Madhawa Welagedara

    Thank you brother

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  7. Dewadithya

    Thanks for Sub!

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  9. Dilshan

    The walking dead: dead City ekatath sub eka dennako

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P