හොඳයි මෙන්න එහෙනම් දෙවෙනි කොටස ගෙනාවා. කලින් ලිපිය ගැනත් ආසිරි බොහොම දොස් කියල තිබ්බනේ. ලිපියක් ලියන්න ගියානම් ඒ වෙලාවටවත් දෙන්න වෙන්නෙ නෑ. ඒ හින්දයි ඒක ඉක්මනට දුන්නේ. හරි එහෙනම් කලින් කොටස මතක කරගම්මු. පළවෙනි කොටසෙන් මට මතක් වුණේ පළවෙනි අදියර දෙකේ කතාව ගලාගෙන ගිය හැටියි. හරිම අපූරු විදියට මෙදාපාර…

හොඳයි මෙන්න එහෙනම් දෙවෙනි කොටස ගෙනාවා. කලින් ලිපිය ගැනත් ආසිරි බොහොම දොස් කියල තිබ්බනේ. ලිපියක් ලියන්න ගියානම් ඒ වෙලාවටවත් දෙන්න වෙන්නෙ නෑ. ඒ හින්දයි ඒක ඉක්මනට දුන්නේ. හරි එහෙනම් කලින් කොටස මතක කරගම්මු.
පළවෙනි කොටසෙන් මට මතක් වුණේ පළවෙනි අදියර දෙකේ කතාව ගලාගෙන ගිය හැටියි. හරිම අපූරු විදියට මෙදාපාර කතාව ඒ ආරම්භය ගන්න සූදානම් වගේ. හතරවෙනි අදියරේදී වෙච්ච දේවල් හින්දා කැරී CIA එකෙන් ගිවිසුමක් යටතේ අස්වෙලා ජර්මනියේ තියෙන ඩූරින් කියන අරමුදලක භාරකාරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදියට සේවය කරනවා. මේ කියන ඩූරින් තීරණය කරනවා සිරියානු දේශසීමාවේ තියෙන සරණාගත කඳවුරක් බලන්න යන්න, එයට තවත් ආධාර ලබාගැනීමේ අරමුණෙන්. ඒකට කැරී කොහෙත්ම කැමති නැති වුණත්, කොහොමහරි ඒ කඳවුරේ සැබෑ පාලනය ගෙනියන හිස්බුල්ලා සංවිධානයෙන් එම ගමනට බාධා නොවෙන බවට සහතිකයක් ලබාගන්නවා. (ඒ සහතිකය ගැන අද බලාගන්න ලැබෙයි. 😉 )
මේ අස්සෙ සුපුරුදු විදියට CIA එක වැඩ අනාගන්නවා. ජර්මානු කාර්යාලයෙන් තස්ත්‍රවාදී වෙබ් අඩවියක් ගැන ඇහැ ගහගෙන ඉන්න කොට, ඒ වෙබ් අඩවියටම පහර දෙන්න ආපු හැකර්ලා දෙන්නෙක්ව දැකලා ඔවුන්ව අඳුනාගන්න හදනවා. හැකරුත් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන CIA ෆයර්වෝල් එකෙන් රිංගල රහස් ලිපි වගයක් බාගත කරගන්නවා. ඊට පස්සෙ ඒවාලින් එකක් යවනවා ඩූරින් පදනමේම කෙනෙක් වෙත ප්‍රසිද්ධ කරන්න. අන්තිමේ ඒකත් ප්‍රසිද්ධ කරපු බවක් තමා පෙනුණේ. මේක ආරංචි වෙන සෝල් (CIA ලොක්කා වෙන්න හැදුවට යුරෝපියානු අංශයේ ප්‍රධානියාගෙන් සෑහීමකට පත් වෙන්න එයාට සිදුවෙලා.) හදිසියේම ජර්මනියට එනවා. ඒ වගේම ජර්මානු නීති හින්දා කරගන්න බැරි දේ CIA එක ලව්වා කරවන එක එළිවෙන බව දකින ජර්මානු රහස් ඔත්තු සේවය ඒක නවත්වන්න තීරණය කරන හින්දා සෝල් අවසාන වශයෙන් තීරණය කරනවා කුයින් ලව්වා ඉලක්ක ඉවරයක් කරලා දාන්න.
දැන් කොහොමහරි කැරී, සෝල් හා කුයින් කියන තුන්දෙනාම දැන් ජර්මනියේ. කැරී ලෙබනන් බලා පිටත් වෙන්නයි ලෑස්තියි. බලමු මේ තුන් කට්ටුව මේ අදියරේ කොහොම හැප්පෙයිද කියලා.
මේ කොටස නම් සුපිරිම සුපිරි කියල කිව්වැහැකි. ඒ වගේම අමතක නොකර ඊලඟ කොටසේ පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න. උද්වේගජනක ඊලඟ කොටස ලබන සතියෙ දෙන බලාපොරොත්තුවෙන් මෙන්න මේ කොටසත් ඔයාලට බලාගන්න ඉඩ දෙනවා. ජය෴෴
අනික ඔය කොහොම වුණත් අපිට පෙන්නන දේ කවදාවත් මේ කතාමාලාවේ හරියටම වෙන දේ නෙවෙයි. කොහෙන් හරි මොකක් හරි රහස් සැලැස්මක් තියෙනවාමයි. 🙂 390
f53ee15b5d1854269e8062acc241f3d8653e9b13 0c4fa1a05b20ddeaa64cc742eb264065ccc8b20c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,217 downloadsDownload 201510131730baiscopelk.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
23 comments
R.D
Jeewantha
Thanks.
rajith
mula indalama asawen balapu series eakak..
sub eaka denakan balan hitiye... thankx sahosandun Jayasinghe
thanks machan, denakam balagena hitiye, asiriya hinda thama mamath balanna gaththe, passe ibema abbahi wuna, පට්ට කතාව අප්පා..
ආසිරි ප්‍රියන්ත
එලස්, මෙන්න මෙහෙම නේ ඉන්න ඕනේ, රොයිලි අයියත් ගේමට බැහැලා වගේ...
කියලා වැඩක් නැහැ..
තුන්වෙනි එපියේ ප්‍රොමෝ එක මේක බලලම බලනවා, නැත්නම් ගති නැහැ, ඔයා කිව්වත් වගේ, කවද්ද මේකේ අපිට පෙන්නපු දේ වුනේ..
නංගි පෙන්නලා අක්කා නෙව දුන්නේ...
එහෙනම් මෙන්න බලනවා හොඳේ..
බලල ආයේ කමෙන්ටුවක් දාන්නම්...
ජය වේවා!!Dush
මචන් රොයිලි, උබේ කතා විලාශය මේ කතාවට නියම ගැම්මක්. මම බලපු කතා වලින් ආසම කතාව මේක. ප්‍රීසම් බ්‍රේක් වලටත් වඩා..
විමා
එළකිරි
මෙන්න බලන්න ගන්නවා
අදනම් සබ කලින් දීලා
මාත් කලින්ම බලනවා :D
බොහොම ස්තුතියි රොයිලි අයියෙchamila
tankx a lot bro
Hashan Liyanage
tanx bro sub akata
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ :D
sajeevi
thanks a lot
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!damith
sub waradi ban...ekakawath hariyata play wenne naa
harsha
හරියට හරි මචං අපි මේ කතාවට මේ විදිහට පිස්සු වැටුනෙත් උඹ ඔය අන්තිමට ලියලා තියන දේ හින්දම තමයි. පසුගිය සීසන් එකේ අවසන් කොටසවත් අපි වෙයි කියලා හිතපු විදිහට උනේ නෑ මතකයි නේද? මම නම් තව කොටස් කීපයක් එකතුවෙන්න ඇරලාම බලනවා. ස්තූතියි සහෝ ජයවේවා
නලින්
ස්තුතියි රොයිලි අයියා. සිංහල උපසිරැසියට ස්තුතියි.
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි රොයිලි.ජයවේවා !
sameera
Thanks Bro..... ;)
rajitha
sub eka match wenne nane wenas wewi yanne .................hariyata dapanko ban.... epa wenawa ehema balanna giyama
රොයිලි
මොකක්ද ඔයා ගත්ත කොපිය? මම සබ් තුනක් දුන්නා කොපි ජාති තුනකට ගැලපෙන්න. ඒ එකක්වත් ගැලපෙන්නෙ නැද්ද?
indika
සිංහල උපසිරැසියට ස්තුතියි.
Thanujaya Bandara
නියමයි නියමයි සහෝ...........
සුපිරි කතාවක්............
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
ජයෙන් ජයම වේවා !!!!Thanujaya Bandara
බොහොම ස්තුතියි
ඒ වගේම සමාවෙන්න ඕනා,
කමෙන්ට් එකක් දාන්න පමා උනාට.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි රොයිලි සහෝ......මේක දාලද බලන්න 2,3 පාරක්ම ඇවිත් ගියා .............