Watch Trailer

Homeland 🇺🇸 [8×12 – Prisoners of War ] – Sinhala Subtitle | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

2013 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා මං අලුත්ම රූපවාහිනී කතාමාලාවක් දෙන්න පටන් ගත්තා. ඒ මගේ තුන්වෙනි කතාමාලාව විදියටයි. අපි එක්ක උන්න දක්ෂයෙක් වෙච්ච වාසල තමා මට ඒ වෙනුවෙන් මඟපෙන්වීම දුන්නේ. ඔහුටත් ස්තූතිවන්ත වෙමින් පටන් ගත්ත ඒ කතා මාලාව හරි අපූරු එකක්. ඊශ්‍රායෙල් කතාමාලාවක් අනුව යමින් තැනුණ ඒ කතාමාලාවේ ප…

2013 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා මං අලුත්ම රූපවාහිනී කතාමාලාවක් දෙන්න පටන් ගත්තා. ඒ මගේ තුන්වෙනි කතාමාලාව විදියටයි. අපි එක්ක උන්න දක්ෂයෙක් වෙච්ච වාසල තමා මට ඒ වෙනුවෙන් මඟපෙන්වීම දුන්නේ. ඔහුටත් ස්තූතිවන්ත වෙමින් පටන් ගත්ත ඒ කතා මාලාව හරි අපූරු එකක්.

ඊශ්‍රායෙල් කතාමාලාවක් අනුව යමින් තැනුණ ඒ කතාමාලාවේ ප්‍රධාන චරිතයක් ඉක්මනින්ම කථාවෙන් සමුගන්නවා. ඒ තමා මුලින් අහුවෙනකම් බලන් උන්න, පස්සෙ බේරෙනකම් බලන් උන්න සාජන් නිකලස් බ්‍රෝඩි. එයාව තෙවෙනි අදියරින්ම ඉවරයක් කරලා අපිට තවත් ආදරණීය චරිතයක් දෙනවා. ඒ තමා පීටර් කුයීන්. එයාටත් තව සීසන් තුනක් ඇතුළත හරි අපූරුවට වැඩේ දෙනවා කතාවෙ නිර්මාපකයන්. එච්චර එහෙම වෙලත් කතාව දාල නොගිය ඩයි හාඩ් ෆෑන්ලා හට ඔන්න අදිත් කථාවේ ඉතුරු ආදරණීය චරිත වලටත් සදහටම සමුදෙන්න කාලය එළඹෙනවා. මැක්ස් නම් ඉවරයක්ම කරල දැම්මා කොටස් දෙක තුනකට කලින්.

තව ප්‍රධානම චරිත වලින් ඉතුරු කැරී මැතිසන් හා සෝල් බෙරන්සන් විතරයි. ඒ දෙන්නත් දැන් එකිනෙකාට විරුද්ධව අවි අමෝරා ගත් හැඩක් තමා කලින් කොටසෙ අවසානෙ දකින්න තිබ්බේ. ඒක අද කොටසෙන් විසදේවී.

සමුගන්න කලින් මං කැමතියි අවසන් අදියරේදී මාව දිරිගන්වලා ඉක්මනින්ම මේක දෙන තැනට වැඩකටයුතු සැලැස්සුව මෙන්න මේ අයට ස්තූතිය පුද කරන්න. ඒ තමා,
Achi, Dasun Chathuranga, harshahjk, Hemal, Suranjan, Gayan ranga, sahan malinga, suranuwan, sandharuwan, Rasindu Perera, oshanmp, shinejay, laxeg, jeewantha, Sajeevi, sachintha, විමා, ආසිරි ප්‍රියන්ත, chamara janitha, Dhanuka Kumara, Kavindu12345desilva, Lakshan, LaHIRU MV, Madhura prasad, mudith89, Neranja Senarathne, Nirosh C, Praneeth priyadarshana, Rasitha Illangasinghe, Ravindu chathuranga, SAmare, sameeralkj, sandha1218, Soori, shanaka, Susith, tharidu16, Uditha, Kalani, bgalajee, hashan, Dimuthu Nisansala, Rajitha, piyumal sanjeewa, Warunaf, Anurada, leekim, dev, Manohari, spriyantha, lucifer94, Amila mohan, Hashan sachith, Saman, Gathsara Umesh, Shamal manojan, තරිඳු පෙරේරා කියන කට්ටිය හා නමක් සඳහන් නොකර කමෙන්ට් කළ හැමෝම. ගොඩක් ස්තූතියි හැමෝටම අන්තිම වෙනකම් රැඳිලා උන්න එකට. එක නමක් හරි මඟ හැරුණා නම් සමාවෙන්න.

එහෙනම් ආයේ උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා.෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

2,460 downloadsDownload HOMELAND-s08e12-161942720.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,460 downloadsDownload Subtitles87 KB

61 comments

  1. Anonymous

    අම්බෝ දීලා,පට්ට ලෝබයි අප්පා කතාව බලන්න.
    අදින් පස්සේ මේක ඉවරයි කියලා හිතෙද්දි පට්ට අවුල්.
    මට නම් ගේම් ඕෆ් ත්රෝන් එකට වඩා මේක පට්ට.
    මම මගේ ජීවිත කාලෙටම බලපු හොඳම ටීවී ෂෝ එක මේක වෙලා.
    නිකලස් බ්‍රෝඩ්, පීටර් කුයින්, මැක්ස්, ඇයි එතකොට අයාන්. ඔලුව කුඩු වෙන්නම තියලා දැම්මේ හඛානි කාරයා,
    එතකොට් අර ඒජන්ට් කෙල්ල, නම මතක නෑ. එතකොට හඛානි.
    අම්බෝ...
    බලලා එන්නම් රොයිලි අයියේ!
    සබට බොහොම ස්තුතියි.

  2. sachintha

    නියමයි රොයිලි අයියේ සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

  3. tharindugds

    අද දවාලෙ ඉදන් විටින් විට ඇවිත් බලලා යනවා සබ් එක දාලද කියලා.
    ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් සීසන් 8කටම සබ් කරාට. පැය කීයක මහන්සියක්ද. හිතාගන්නත් බෑ.
    සීනි බෝල කතාවකට නැතුව මේ වගේ එකකට සබ් දීපු එක නම් සෑහෙන්න වටිනවා.
    ඊලගට තව එකක සුපිරි එකකට සබ් දෙමු. වෝල්ටර් වයිට් නීතීඥයයා සෝල් ගුඩ්මන්ගෙ Better call saul නුත් මග නතර වෙලා තියෙන්නෙ. පුලුවන් නම් එකට සබ් දෙන්න.
    ගොඩාක් ස්තූතියි.

    1. Anonymous

      Torrent link akk dennako

  4. Dhammika111

    ඔබේ සබ් වලින් විශාල ප්‍රමාණයක් මම අරන් තියෙනවා ඉතාමත්ම ස්තූතියි

  5. piyumal sanjeewa

    බොහොම ස්තූතියි රොයිලි සහොදරයා..

  6. kasun rachintha

    patan gatta dawase idanma baluwa supirima kathawak iwara wena ekanam awul godak. sub dihgatama dunnata tnx nattam me wage series ekak thiyenawada danneth nah. digatama karagena yanna brooo.....

  7. mudith89

    TV series බලන්ඩ පටන් ගත්තෙ මෙකෙන්, පට්ට කතවක්, එ විදිහට මෙකෙ රසය අඩු නොකර සබ් එක දෙන්ඩ ගොඩක් රොයිලි මහන්සි වෙන්න ඇති.නමක් ගමක් දන්නෙ නැ, දැකලා නැ , කතා කරල නැ , නාදුන මට සබ් එක දුන්නා, කිසිම අඩු පඩුවක් තිබ්බෙ නැ, තිබත් කියන්නෙ නැ.කරන හැමදෙයක්ම , සර්තක වෙන්න කියනවා, කල පින් පසෙන් එනවා වගෙ, කරපු දෙවල් වලට රොයිලි සහොට වැඩි වැඩියෙයන් ලබෙන්ඩ ඔනෙ, මුලු හදවතිනම ඉස්තුත්යි , කියන තව වචන නැ.

  8. Lakshan

    thank you bro... me series ekta sub dunnata godak kattiya baluwe nathi wunath. balapu kattiya dannwa kathawa kochchara supirida kyla... thanak you royli sahoo

  9. Anonymous

    අන්තිම කොටස බලන්නත් ලෝභයි....

  10. Jeewantha

    අන්තිම එපිය හින්දා අද සබ් දායි කියලම බලාගෙන හිටියේ. මුල ඉදලම ආසාවෙන්ම බලපු කථාවක්. පීටර් කුයින් නැතිවුණාම සැහෙන්න අවුල් ගියා. ඒත් ඒ අඩුව දැනෙන් නැතුව මේ කථා මාලාව ගලාගෙන ගියා. කිසිම පමාවක් නැතුව උද්යෝගයෙන් සබ් ටික දුන්න එකට රොයිලි සහෝදරයට මාගේ ස්තුතිය පිරි නමනවා. අනේ නිවාඩු පාඩුවක් තියෙනවා නම් සබ් නොකර ඉන්න එපා. රොයිලිගේ ටේස්ට් එක මට නම් සුපිරියටම match වෙනවා. ඔබට ජය.

    1. Harshana

      Math mulin me kathawa supori kiyala hithune ne.eth man giya mase thama,season okkoma download karala ada thama balala iwara kale.supiri.thanx saho.oya me wage ekak sub karata.suporiyatama thibuna sub eka.issarahatath thawa sub denna shaktiya lebewa.e wagema oyage got man iwarwenakal beluwa.thanx .

  11. Sajeevi

    අම්මෝ ඇති යන්තම්.. හිත හදාගන්න පුළුවන් විදියේ අවසානයක් තියෙනවා.
    බොහොම ස්තූතියි රොයිලි මේ වගේ සුපිරි කතාවකට දිගටම සබ් දුන්නට.

  12. suranuwan

    thanks bro sub ekata...

  13. Neranja

    ඔබට බොහෝම ස්තූතියි සහෝදරයා. බලපු පට්ටම TV සීරීස් එකක්. මේක නිකන්ම බලනවට වඩා සබ් එක්ක වචනයක් ගානේ තේරුමක් ඇතිව බැලුවා. ඒ ඔබ නිසා. ගොඩ දෙනෙක් මේක නොබැලුවට මුල ඉදන් දිගටම බලපු අය දන්නවා මේක සුපිරි කියලා. Episode එකක් ගානේ කමෙන්ට් නොදැම්මට මගේ හිතිනුත් ඔබට ස්තූති කලා හොද රසවින්දනයක් ලබා දුන්නට. තව තවත් සුපිරි TV series, Movies වලට සබ් ගෙන එන්න ඔබට ධෛර්‍ය ශක්තිය ලැබේවා. ඔබට ජය . . .

  14. Achi

    සයිට් එකට ආපු පස්වෙනි පාර සබ් දාලද බලන්න...
    අම්මෝ දාල...
    තවත් සතුට වැඩි උනා පොස්ට් එක කියවලා මගේ නමත් තියෙනවා දැක්කම....ආදරෙයි..රෝයි..
    ඔයා කිව්ව වගේ අර තුන්දෙනා කතාවෙන් අයින් උනාම දුකක් වගේ...පවුලේ කෙනෙක් නැති උනා වගේ...මේ කතාව මෙතනින් ද්ඉවරයි කියලා දැන ගත්තම...ඇසට කදුලක් ඉනුවේ නැති එක විතරයි...පට්ට දුකයි....
    2013 අගොස්තු 13 පලවෙනි කොටසට කමන්ට් කරේ එදා ඉදන් අද වෙනකම් රොයිට සප් එක දුන්නා පුංචි කමන්ට් එකකින් එදා ඉදන් අද වෙනකම් රෝයි කරපු කැපවීමට පිං...ආදරෙයි
    තවත් මේ වගේ කතා මාලාවකට සබ් කරන්න ශක්තිය දෛර්ය ලැබේවා..

  15. hashan

    Thank You very much

  16. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම අරන් ඇවිත්....
    මගේ නමත් තියෙනවා....
    Season 8ක් සබ් අරන් ආවට බොහොම ස්තුතියි....
    සුපිරි කතාවක්..එකත් ඉවරයි....

  17. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
    මගේ නමත් තියෙනවා...
    ආසම tv series එකක්...
    ඒකත් ඉවරයි කියලා මතක් වෙනකොටත් දුකයි...
    තවත් මේවගේ tv series වලට සබ් කරන්න...
    ඒවගේම ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    බුදු සරණයි...

  18. Anonymous

    thank you soooo mach

  19. Lahiru Sandaruwan

    mona magulak welaada dan naa....thanks macho

  20. laxeg

    wow මගේ නමත් තියෙනවා. පටිටම ස්තූතියි බොක්ක මේ සීසන් 8ම අපි වෙනුවෙන් අරන් ආවට. ගොඩක් අයට මේක සෙට් වෙලා නැති එක ගැන මාර දුකයි. ගොඩක්ම සිල්ලර කතා වලට තමා අපේ ගොඩක් අය කැමති ඇත්තටම මේ වගේ කතාවක් බලන්නත් පිං කරල තියෙන්න ඕනි ඇති. වචනයක් වචනයක් ගානේ තේරුම් අරන් අපිට මේක බලන්න දුන්නට ගොඩන්ම ස්තූතියි. ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කථාව ගත්තම ඇත්තටම බෙුා්ඩි නැති වෙච්ච එක ගැන මාරම දුකයි තාම මිනිහව මතක් වෙනවා. බලපු නැති ඔිනිම කෙනෙකුට කියන්නෙ කිසිම දෙයක් හිතන්නෙ නැතුව බලන්න මම නම් බලපු දෙවෙනි හොදම ස්ටෝරි එක. පුළුවන්නම් designated survivor, House of Cards, දෙකටත් සබ් දෙන්න - ස්තූතියි.

  21. 4devinda

    bohoma sthuti... .

  22. Hemal

    Season 8k puraa awurudu 7k thisse thaniyama genawa ekath wenama game ekak bro
    Thank you.

  23. harshahjk

    අන්තිම කොටස බලන්න හිතෙන්නේ නෑ වගේ. සමහර විට ආයිත් නොලැබෙන නිසා වෙන්න ඇති. මොනවා උනත් මුල ඉඳලම කුතුහලයෙන් බලපු අපූරුම කතාමාලාව කිව්වොත් හරි. හැම කොටසම මාලඟ එකතු කරගෙන ඉන්නවා එනිසා තව ටික කාලයකින් ආයෙත් මුල ඉඳලාම බලන්න පුලුවන්. ඉතින් රොයිලි කරපු සේවය ඉතාම ඉහලයි. බයිස්කෝප් නොවෙන්න මෙවෙනි කතාමාලා මේරටේ ඉන්න අපිට බලන්න වෙන්නේ නෑ. හැමදෙනාටම බොහෝම ස්තූතියි ජයමවේවා.

  24. එල්.සී. දමැල්

    කතාව දැනට නොබල තිබුණත් ගොඩක් අගය කරනව කැපවී මේ සියලු කතාසමයන් සිංහලෙන් සමීප කළාට.
    ජය... ✌

  25. Rasitha Illangasinghe

    Thanks bro.. Good luck!!!

  26. Prasad

    Thanks machan.tripel frontier 2019 film eka sub plz

  27. oshanmp

    Season 8 ක්! Episode 96 ක්! අනිත් සුකුරුත්තම් tv series වලින් සෑහෙන්න එහාට ගියපු සුපිරිම කතාවක් මේක! හරියට බලන්න ගත්ත කෙනෙක් ඇබ්බැහි වෙනවා පිස්සුවෙන් වගේ!
    උපසිරැසියට බොහොම ස්තූතියි! ජය!

  28. Suranjan

    Thanks aiye kathawa dunnata.... .. Jayawewa.....!

  29. bgalajee

    අගෙයි කොල්ලෝ..
    සුබපැතුම්..
    තවත් වෙනත් කතාමාලාවකින් හමුවෙමු..
    Dilanka Galagama (bgalajee)

  30. nowtyprasanga99

    thanks aiya.sub tika elatama tibba.

  31. shinejay

    thanks bro ,ikmanin sub aran awata... balapu tv series walin hodama ekak... thanks roily aiya.. and Good Luck

  32. PRABATH RC

    මුලින්ම තෑන්ක්ස් රොයිලි සබ් එකට, මුල සිට සීසන් 08 ම මග නොහැර බලපු කතාවක් මේක. මම හිතන්නෙ ගොඩක් අයට මේක set නොවුනට මේක මට නම් සුපිරි. අද කොටස බැලුවම කතාව ඉවර උනේ අපරාදෙ කියල හිතුන. හැබැයි මට හිතෙනව කතාව අවසාන කළ ආකාරයට තව සීසන් දෙක තුනක් උනත් කරන්න පුලුවන් කියල. එහෙම වෙනව නම් මරු....අවසානයේ ඔයාගෙ වටිනා කාලය කැප කර ගෙන කළ මෙහයට නැවත වතාවක් තුති...!!!!

  33. charith harshana

    පටන් ගත්ත දවසේ ඉදල මේ වෙනකන් ටීවී සිරිස් එක බැලුව, එහෙමමත් එකක් තමා සබ නැතුව බැලුවේ, හැබැයි අවන්කෙන්ම කමෙන්ට් එකක් දාන්න බැරි උන, සබ දාල කියල දැක්ක ගමන් බා ගෙන බලල එක ගැන හිත හිත හිටිය මිස කමෙන්ට් එකක් කොටන්න බැරි වීම ගැන සමාවෙන්න, මෙතුවක් කාලයක් මේ සුපිරිය ගෙනාවට බොහොම ස්තුතියි රොයිලි අයියේ, තව මේ වගේ සුපිරියකින් ආයේ දිගටම ඉමු, Ozark එහෙම සීසන් 3ක් ගිහිල්ල තියෙන්නේ, හතරත් ඒවි, මොකද කියන්නේ, ඔයා තමා ගැලපෙනම කෙනා

  34. sandha1218

    thanks brother.you did great.I watched all the episode since 2013.It was a really nice TV series,which we can not see on baiscopelk these days.Please .be kind enough to provde another one like this.Thnks again

    1. sandha1218

      I have just seen that you have mentioned my name too. It was a great pleasure to leave a comment all the time. I have been a baiscope fan for last 10 years. We all are waiting for another Tv series just like this.Good luck brother.......

    2. Niranga

      අන්තිම එපියේ සබ් වැඩ කරන්නෙ නෑනේ. ප්ලීස් හෙල්ප්

  35. Hashan Chameera

    මුල ඉදන්ම කතාව බැලුව බන් වැඩිය කමේන්ට් කරේ නම් නැ. එත් මෙකම දාන්නම හිතුන බ්‍රෝ.......
    පිස්සුවෙන් බලපු තවත් සිරියස් එකක්, පට්ට ස්ටෝරි එක.
    හැමොටම සෙට් වෙන්නේත් නෑ, සෙට් වෙන එකා අත අරින්නේත් නෑ.
    තව එකක් එනකන් උබට ජය. !!

  36. Rf747474

    thanks sahodaraya

  37. priyan99

    Thanks sub ekata sahooo

  38. තරිඳු පෙරේරා

    මේ වගෙ සුපිරියක් සදහටම ඉවර වෙනවා කියන්නෙ මාරම දුකයි. ගොඩක් අයට මිස් වෙච්චි කතාවක්. හැම සීසන් එකක්ම සුපිරි. 2012 ඉදන් රොයිලි සහො ඔයාගෙ සබ් එක්ක මේ කතාව බැලුවා.. හැම සබ් එකකටම කමෙන්ට් කරන්න බැරිවුන එකට සමාවෙන්න ඔනෙ. ගොඩක් ස්තුති සබ් වලට.

    Thank you

  39. Darshana rathnayaka

    Nicely done

  40. Anonymous

    Jayen jaya.. Thawath kathawakin set wemu.

  41. Neil

    ගේම් ඔෆ් ත්‍රෝන්ස්, බ්‍රේකිං බෑඩ් වලට නොදෙවෙනි ටිවී සීරීස් එකක් තමයි හෝම්ලෑන්ඩ් කියන්නේ. මේක ලංකාවේ හිට් නොවුනා කියන්නේ රටේ ප්‍රශ්නයක්. දුකයි ලංකාව ගැන. ඇදිරි නීතිය කඩපු 40000 ක් ඉන්න දෙවෙනි ඉනිම හැමදාමත් 1 වෙන රටේ හෝම්ලෑන්ඩ් කොහේ හිට් වෙන්නද නේද? සෝල් ආයෙත් දකින්න හම්බෙන්නේ නෑ කියලා මතක් වෙනකොට දුකයි. ඒත් වෝකිං ඩෙඩ් වගේ බඩවැලක් නොවි, ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මල විකාර එන්ඩ් එකකට වඩා මේක නියම වෙලාවේ නියම එන්ඩ් එකක් දුන්නා. සෝල්ගේ ඇක්ටිං නං කියලා වැඩක් නෑ. කැරිත් සුපිරියි. CIA එක ලෝකේට කොතරම් බලපෑමක් කරනවද කියලා මිනිස්සුන්ට දැනගන්න තිබ්බා මේක හරියට බැලුවනං. මේකේ උන සිදුවීම් බොහෝමයක් ඇත්ත ලෝකේ සිද්දවුනා පොඩි පොඩි වෙනස්කම් සහිතව. මේකේ ඩිරෙක්ටර්ට ඇත්තටම CIA එකත් එක්ක සභදතා තිබුනද කියලා හිතුනු වාර අනන්තයි මටනං. රොයිලි සහෝ ඔබ නිසයි මේ හැමදේම බලන්න ලැබුනේ. ස්තූතියි කියලා විතරක් මදි. මම ඉන්නේ දඹුල්ලේ. සංචාරක ව්‍යාපාර යට සම්බන්දයි.දවසක හමුවෙමු. The wire, House of cads, සබ් දෙන්න බලන්න. ජයවේවා.

  42. Dasun Chathuranga

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ......

    ජය වේවා !!!!!!

  43. ruwan_03910

    බොහෝම ස්තුතියි සහෝදරයා. ඔබගේ මහන්සිය නිසා ඉතාම අර්ථවත් විදිහට මේක නරඹන්න ලැබුණා

  44. lucifer94

    හැමදාටම ස්තුතියි සහෝදරයා මේ වගේ සුපිරි කතාමාලාවක් අපිට දුන්නට ජය වේවා

  45. Manohari

    Godak Sthuthi me kapaweemata.. ayeth me wage aluth supiri tv series ekak denna..Jaya wewa..

  46. Bandara

    Thanks aiyye sub ekata.the americans /dexter tv series 2 tath sub dennko puluwn nm aiye

  47. Gibbs

    Thank You ....

  48. Gibbs

    First, thank you very much brother... I highly appreciate your hard work. I have been a dedicated fan and stuck till the end and I'm so glad I didn't stop watching it. I think it is more than 8 years. But its worth to watch.
    This is the best ending of a TV-series I have ever seen. This was the perfect ending. Thank you again and we'll meet again in the future through new series.

  49. Anonymous

    thanks bro

  50. චාමර

    I appreciate you and your team doing such great work for fans. Specially Homeland is one of my favorites though it is not a much hit in Sri Lanks. Actually it wonders me why our local fans did not catch such a nice tv series. Anyway thanks for the hard work done for us. Thanks again

Load more comments