ඔන්න ඉතින් දන්නෙම නැතිව කථාවෙ අවසානයටත් ඇවිල්ල. සුපිරි කථා මාලාවක පලමු කථා මාලාවෙ අවසානය. බලමුකො පෙර කොටස කොහොමද සිදු උනේ කියල. නවවෙනි කොටසින් විසදුවෙ එංගලන්තයෙන් පිට මිනීමැරුමක් ගැන. ඒක එක නිවසක සිදුවුන මිනීමැරුම් මාලාවක්. ඒ නිවසෙ අතීතයෙ සිටම සියදිවි නසාගැනීම්, මිනීමැරුම් සිදුවුනා. ඒ නිසා මේ උන මි…

ඔන්න ඉතින් දන්නෙම නැතිව කථාවෙ අවසානයටත් ඇවිල්ල. සුපිරි කථා මාලාවක පලමු කථා මාලාවෙ අවසානය. බලමුකො පෙර කොටස කොහොමද සිදු උනේ කියල. නවවෙනි කොටසින් විසදුවෙ එංගලන්තයෙන් පිට මිනීමැරුමක් ගැන. ඒක එක නිවසක සිදුවුන මිනීමැරුම් මාලාවක්. ඒ නිවසෙ අතීතයෙ සිටම සියදිවි නසාගැනීම්, මිනීමැරුම් සිදුවුනා. ඒ නිසා මේ උන මිනීමැරුමත් ඒ අවතාර කල එකක් කියල තමයි විශ්වාස කරේ. ඒකෙදි අපි දැක්ක මේ රහස්පරීක්ශක තුන්දෙනා ඒ නිවසෙම නැවතී ඉදල තමයි පරීක්ශණ කරන්නෙ. මිනීමරුව ගොඩක් උත්සාහ කරනව මේක හොල්මන් සිදුවීමක් කියල පෙන්වන්න. නමුත් ඔහුට උන එක් මගහැරීමකින් සේරම ඔප්පු වෙනව. ඒ ඔහු කල දෙවන මිනීමැරුමෙන්. ඔහු මේ මිනීමැරුම් සිදුකරල තියෙන්නෙ පෙර මැරුණු පුද්ගලයගෙ නෝන සමග අනියම් සම්බන්ධයක් තිබුණ නිසා. මේකෙදි අපි දකිනව එඩිසන් කියන පුද්ගලය. ඔයාල දන්නව ඇතිනෙ ඔහු විදුලි බුබුල හොයාගත්ත කියල. ඔහු මේකෙදි නිපදවන්න උත්සාහ කරනව අපාය සමග සම්බන්ධ වන උපකරණයක්. නමුත් ඒක අසාර්ථක වෙනව…..
ඒ වගේම මතක් කරන්න ඕන පෙර කොටස් වල උන සිදුවීමුත්. ඔයාලට මතකනම් මුලින්ම විසදුවෙ ලොන්ඩරියක කාන්තාවන් දෙදෙනෙකු මරපු මිනීමරුවෙක් ගැන. ඊලගට ඔයාලට මතක ඇති අද්භූත සුවකරන්න. දෙවියන්ගෙ බලයෙන් මිනිස්සු සුව කල කෙනා. ඊටපස්සෙ මිනීමරු පක්ශියා, ඩ්‍රැකියුලා වගේ ගොඩක් මිනීමැරුම් මොවුන් විසදුව. ඒ වගේම මතකනෙ කොස්තාපල්වරියගෙ සිදුවීම. නව වෙනි කොටස අවසානයෙ ඇයට ඇගෙ මැරුණු මහත්තය පණ පිටින් දක්නට ලැබෙනව. ඔහු කියන්නෙ ඔහු මිනීමරු සංවිධානයක් පස්සෙ යනව කියල. ඒ වගේම Houdini ගෙ මව මරණයට පත් වුනා. පෙර කොටසෙදි ඔහු කිව්ව ඔහුගෙ පස්සෙන් කුඩා ගැහැණු ලමයෙක් ආව කියල. ඒ වගේම ඩොයිලිගෙ නෝන ක්ෂය රෝගය නිසා තවම අසනීපයෙන් ඉන්නෙ. ඉතින් අද තමයි තීරණාත්මක කොටස. මොවුන් විසදන්නෙ 47ක් මරණයට පත්කල සිදුවීමක් ගැන. නමුත් අවසානයෙ ඔවුන් විශාල කාර්යභාරයක් කරනව. එපමණයි කියන්නෙ.මොකද අද සියලුම දේට පිලිතුරු ලැබෙයි…….
තවමනම් මේකෙ දෙවන කථා සමය ගැන සදහනක් නෑ. ඒවිද නැද්ද කියල මම නම් මුකුත් කියන්නෑ. සමහරවිට මේක එක කථා සමයක සුපිරි රූපවාහිනී කථා මාලාවක් වේවි. ඉතින් කොටස් 10ක් සමග රැදී සිටි සියලුම දෙනාට ස්තුතියි. ඒ වගේම කියන්න ඕන ටෙලි කථාමාලාවක් කරන්න ගත්තම තමයි ඒකෙ අමාරුව තේරෙන්නෙ. ඉතින් මතක් නොකරම බැහැ ශාන් විමුක්ති(විමා) අයියව. ඔහු තමයි මට මේක කරන්න භාර කලේ. ඒ වගේම සමීර අයිය ඇතුලු සියලුම ඇඩ්මින් සහෝදරවරුන් මතක් කරන ගමන් යන්න වෙලාව හරි. ඒ වගේම තවත් දෙයක් කියන්න තියනව. ඔයාල මේක බාගෙන යන ගමන් ඔයාලගෙ අදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා හොදේ… 😍😍😍
සියලු දෙනාටම බුදු සරණයි! ජය වේවා! ඉක්මනින්ම නැවතත් එන්නම් ෴෴෴
“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”
241 downloadsDownload Houdini-and-Doyle-S01E10.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
8 comments
Isuru
praneeth madu
tnx mcn and gud luck
Udara Damith B\K
................................
Samith
උපසිරැසියට බොහෝම ස්තුතියි ,,,
Chalana Rukshan
thnx broo sub seratama.. puluwan nan maga nawaththala thiyena The Aventures of Sherlock Holmes,Elementary or Scooby-Doo Animation movie series tike ithuru tika denna..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Houdini and Doyle [S01 : E10] with Sinhala Subtitles | “අවසන් ගැටලුව” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Houdini-and-Doyle-20162.jpg)

Thanks digatama sub dunnta puluwanam the five tv series eka denna