Watch Trailer

Humans [S03 : E08] Sinhala Subtitles | මිනිස් සහ සින්ත් නව අනාගතය [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී ඇනටෝල් සෑම් එක්කගෙන සින්ත්ලා එකතු වෙලා ඉන්න අංගනයට යනවා. එතැනදී සිද්ද වෙන වාදයෙන් පස්සේ තමන්ගේ අලුත් නායකයා විදිහට ඇනටෝල් තෝරාගන්න සින්ත්ලා තීරණය කරනවා. ඒවගේම ඒකෙන් පස්සේ මැක්ස් ඇත්තටම ඩේව්ඩ් එල්ස්ටර් කියන්නේ කවුද එයාලව නිර්මාණය කරේ ඇයි කියන එක ඇනටෝල් ට තේරුම් කරනවා එයාගේ මතකයන් පෙන්…

පසුගිය කොටසේදී ඇනටෝල් සෑම් එක්කගෙන සින්ත්ලා එකතු වෙලා ඉන්න අංගනයට යනවා. එතැනදී සිද්ද වෙන වාදයෙන් පස්සේ තමන්ගේ අලුත් නායකයා විදිහට ඇනටෝල් තෝරාගන්න සින්ත්ලා තීරණය කරනවා. ඒවගේම ඒකෙන් පස්සේ මැක්ස් ඇත්තටම ඩේව්ඩ් එල්ස්ටර් කියන්නේ කවුද එයාලව නිර්මාණය කරේ ඇයි කියන එක ඇනටෝල් ට තේරුම් කරනවා එයාගේ මතකයන් පෙන්නලා. හැබැයි මේකෙන් වැඩක් වෙන්නේ නෑ. මොකද ඇනටෝල් මේ ඇත්ත පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒවගේම නිස්කා තීරණය කරනවා නිදන සින්ත් හොයාගෙන තරණය කරන්න ඉතාම අපහසු කන්දක් තරණය කරන්න. ඒවගේම ඇය ඒක කරනවා. අන්තිමට එයාට ඕඩිව මුණ ගැහෙනවා කන්ද උඩදී. ඇත්තටම ශරීරය ඕඩි තමයි. හැබැයි ඒ කවුද? ඒවගේම බේස්වුඩ් ගැන තොරතුරු හොයල ඩ්‍රයිඩන්ට ගේමක් දෙන්න ලෝරා තීරණය කරනවා. ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම ඇය කරනවා. බෙස්වුඩ් ගැන හොයනවා. අවසානෙදි නීල් බෙස්වුඩ් ගැන තොරතුරු ලෝරට හෙළි කරනවා. ඒත් එක්කම අවසානෙදි මැක්ස් ඇනටෝල්ව මරලා නැවතත් සින්ත්ලගේ නායකයා වෙනවා. ඉතින් මෙහෙම අවසන් වුන එපියෙන් අද මේ සීරිස් එකේ අවසාන එපියට ඇවිත් තියෙනවා.

මේකෙදි කතාව වෙනස් පැත්තකට හැරෙනවා වගේම සින්ත්ලගේ අනාගතය මොන වගේ වේවිද කියන දේ ගැන වෙනස්ම අර්ථයක් ලැබෙනවා. කණගාටුවෙන් වුණත් පිළිගන්න වෙන දේ තමයි, AMC ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දීල තියෙනවා සීරිස් එක තව දුරටත් කරගෙන යන්නේ නැහැ කියල. ඒ කියන්නේ සීසන් 4ක් එන්නේ නැහැ. එහෙනම් ආයෙත් සෙට් වෙමු. ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

915 downloadsDownload Humans-S03-E08.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

915 downloadsDownload Subtitles25 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Shenal Rodrigo

    Supiri machn

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Anonymous

    Thanks broo sub walat...