2020 පෙබරවාරි 26 එදා නෙට්ෆ්ලික්ස් එක සුපුරුදු පරිදි තවත් බෝම්බයක් අතඇරියා… හිතන්නකෝ මෙහෙම Stranger things, The End of the F***ing World කියන සිරීස් දෙකයි Carrie කියන ෆිල්ම් එකයි එකතු කරලා සිරීස් එකක් ගැහුවොත් කොහොම නම් තියේවිද? මතක් වෙනකොටත් නිකන් මොකද්ද වගේ නේද..!! ඔන්න පුතේ ඇගත් එක්ක කිලි පොලාගෙන…

2020 පෙබරවාරි 26 එදා නෙට්ෆ්ලික්ස් එක සුපුරුදු පරිදි තවත් බෝම්බයක් අතඇරියා… හිතන්නකෝ මෙහෙම Stranger things, The End of the F***ing World කියන සිරීස් දෙකයි Carrie කියන ෆිල්ම් එකයි එකතු කරලා සිරීස් එකක් ගැහුවොත් කොහොම නම් තියේවිද? මතක් වෙනකොටත් නිකන් මොකද්ද වගේ නේද..!! ඔන්න පුතේ ඇගත් එක්ක කිලි පොලාගෙන යන්න ඔන්න නෙට්ෆ්ලික්ස්ලා ඒ වැඩේ කරලා..
මෙහෙම කිව්වට ඒ කතා තුනේ ක්‍රොස් ඕවර් ඒම බලාපොරොත්තු වෙන්න එපා ඈ.. මම මේ කියන්නේ ඒ කතා තුනේ සංකල්පයන් ටික තියෙනවනේ… Stranger Thing එකේ එලෙවන්ගේ බලය වගේ අනම් මනම් ටික, The End of the F***ing World එකේ කොල්ලයි කෙල්ලයි තනියෙන් කියවන ඒවයි විකාර වැඩයි අනම් මනම්, Carrie ෆිල්ම් එකේ හොරර් ගතිය…. ආන්න ඒ සංකල්ප අරගෙන තමා මම මේ කියන සිරීස් එක හදලා තියෙන්නේ.
මම මේ කියන කතාවේ Producers විදිහට වැඩ කරන්නෙ Stranger Things කතා මාලාවේ Producers අයමයි. එතකොට මේකෙ Director වෙන්නේ The End Of The F**ing World කතාවෙ Director. හිතාගන්නකො මේ එකතුව කොච්චර සුපිරියක් වෙයිද කියලා. ඔයාලට මේ සිරීස් දෙකෙන් එකක් හරි සෙට් වුනා නම්, පිස්සුවෙන් වගේ බැලුවා නම් අනිවාරෙන් සුවර් ෂොට් මේකත් අනිවා දෙපා තුන්පා මේකත් සෙට් වෙනවා. ඒකේ කතා දෙකක් නෑ, මම වගකියනවා ඒ ගැන. මමත් එක හුස්මට බලලා ඉවරයක් කලා. ඒ තරම් මට නම් සුපිරියි. ඉතින් කතාවේ නම තමයි I am Not Okay with This. නමත් නිකන් මොකද්ද වගේ නේ… සිරීස් වල නම් අහන කෙනෙක්ට ඕක කියන්නකෝ. කට්ටිය ෆුල් කොන්ෆියුස් වෙයි මොකද්ද යකෝ මේ කියන්නේ කියලා… ඒක වෙනම දෙයක්.
හරි මෙහමයි, ඉතින් මේ කතාව නිර්මාණය වෙන්නේ මේ නමින්ම තියෙන Charles Forsman විසින් නිර්මාණය කරපු Comics/Graphic novel එකක අභාෂය අරගෙන. Charles Forsman කියන්නේ The End Of The F**ing World කතාව ලියපු කෙනාමයි. ඉතින් දෙකම එකම ආභාෂයෙන් යන්නේ ඒ නිසයි, අන්න ඒ නිසයි ඒක සෙට් නම් මේකත් සෙට් කියලා මම කිව්වේ.

ඉතින් ඒ වගේම තමා මම මේ කියන I am Not Okay with This කියන පොතේ තියෙන කතාවම තමා මේ සිරීස් එකටත් භාවිතා වෙන්නේ. මන්ගා එකක්, කොමික් එකක්, ග්‍රැෆික් නවල් එකක් වගේ තමා මේ පොත ඇවිල්ලා තියෙන්නේ, රචනා කරලා බෙදා හැරලා තියෙන්නේ 2017 වර්ෂයේ. ඉතින් වැඩි ඈතක නෙමෙයි. ඔයාලට අමුතුම ආතල් එකක් ගන්න පුළුවන් වෙයි මේ කතාව බලලා. පුළුවන් නම් පොතත් හොයාගෙන කියවන්න, අන්තර්ජාලයෙත් තිබ්බා ඕන නම් අරගෙන කියවන්න.

ඔන්න ඔහොමයි මේ කතාවට පසුබිම වැටෙන්නේ. IMDb දර්ශකයේ 15,000 අධික මනාප සංඛ්‍යාවකින් 7.7ක අගයක් මේ වෙනකොට මේ කතාවට අරගන්න පුළුවන් වෙල තියෙනවා. ඒ කියන්නේ ඔයාලම දන්නවා හොදම මට්ටමක රේටින් තියෙනවා, ඒ වගේම හුඟක් අය හොද ප්‍රතිචාර පවා දක්වලා තියෙනවා. සමහර අයට සෙට් නොවෙනවා ඇති මේක, මොකද මේක අමුතුම කතාවක්. ඒක බලන්නත් පින තියෙන්න ඕන. ඒක තේරෙන්න පින තියෙන්න ඕන, මේ වගේ කතා වලට කැමත්තක් තියෙනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. ඉතින් මේ කතාවේ අපි ඉදිරියට රඟපෑමෙන් එක් වෙනවා සිඩ් විදිහට Sophia Lillis (හුඟක් අයගේ ක්‍රස් එකක්), ස්ටෑන් විදිහට Wyatt Oleff, ඩීනා විදිහට Sofia Bryant ඒ වගේම මැගී නොවැක් විදිහට Kathleen Rose සහ තවත් හුඟක් නළු නිළියො අපිට මේකෙන් බලාගන්න පුලුවන්. අධ්‍යක්ෂණය Jonathan Entwistle, නිශ්පාදනය Jonathan Entwistle සමඟින් Charles S. Forsman එකතු වෙනවා. ඒනම් තවත් ඕන නෑ..
කතාව ගැන නොකියා ඉන්නම්. දෙවනි කොටසේ ඉදලා පැහැදිලි කිරීම් ලැබෙයි ඔයාලට. කුතුහලය එක්කම ඒනම් අරගෙන බලන්න. අනික කොටස් හතයි තියෙන්නේ. ඔක්කම විනාඩි විස්සේ විසි පහේ එපිසෝඩ්. පැය දෙකක් හමාරක් යනකොට සිරීස් එකම ඉවරයි. ෆිල්ම් එකක් බැලුවා වගේ තමා. අපේ සහෝදරවරු කිහිපදෙනෙක් එක දිගට කොටස් ටික ගෙනේවි. අනික තමා ඔන්න අපේ බයිස්කෝප් අඩවියේ එකොලොස් වෙනි සංවත්සරය නිසා මේ සිරිස් එකේ ඔක්කම එපිසෝඩ් අද දවස ඇතුලතම ඔයාලට ලැබෙයි.. කොහොමද ඒක නේද? ඒනම් ලෑස්ති වෙන්න බලන්න. අනික මේකේ අසභය වචන භාවිතය වැඩි ඒ නිසා 18+ බැළුවොත් හොදයි. ඒනම් ගිහින් එන්නම්. ජය…!!
ලිපිය – කවිශල් රසින්ත
දෙවන කොටස | සිඩ්නිගේ සාප්පු සවාරිය
බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබදවසක්වේවා. ඔන්න ඉතින් අපේ බයිස්කෝප් වෙබ් අඩවියේ උපන්දිනය වෙනුවෙන් ඔයාලට අලුත්ම අලුත් ටීවී සීරීස් එකක් දෙන්න අපි තීරණය කරා. දැනටමත් කට්ටිය විස්තර දන්නවා ඇතිනේ. හිරාන් මලයා මුලින්ම කතන්දරේ කියල ඇති. ඉතින් ඔය කතාව මුලින්ම ඇති වුනේ මායි හිරාන් මලයයි අතර තමා. කොහොමින් කොහොම හරි අවසානෙට සීරීස් එකක් තෝර ගන්න හෙණම කට්ටක් කන්න වුනා. වාද විවාද සෑහෙන ගාණකට පස්සේ ඔන්න අන්තිමට “I Am Not Okay With This” කියන Netflix ලගේ අළුත්ම සීරීස් එකට අතගහන්න තිරණය කරා. මුළින්ම කවිශාල් මලයා නම කියද්දී සෙට් එකම උඩ ගියා. මූ මොකාටද මේ එන්න හදන්නේ කියලා…😅😅 ඊලග කේස් එක අපේ ඇඩ්ඩින් අයියලගෙන් අවසර ගන්න එක තමා. මොකද රී නිව් වෙන අලුට්බ් සීරීස් වලට උපසිරසි ලබා දෙන එක සීමා කරල තියෙන්නේ. ඉතින් හිරාන් මල්ලිව ඇපේට තියලා ඔයාල වෙනුවෙන් අපි වැඩේට අතගැහුවා. සීරීස් එක මග නැවතුනොත් පොරගේ බෙල්ල ගහල යනවා. ඉතින් කීයටවත් මග නවතින එකක් නැතුව එක දිගටම උපසිරසි ඔයාලට හම්බෙයි.
හරි එහෙනන් පළමු කතා කොටසෙදී ඔයාල දකින්න ඇති මේක “End of the Fucking World” වගේම අමුතු රසයක් තියෙන කතාමාලාවක්. ඒක රස විදපු හැමෝටම අනිවාරෙන්ම මේ කතා මාලාව අල්ලලා යනවා. මුල්ම කොටස පොඩ්ඩ්ක මතක් කරගමු. ඔයාලට මතක ඇති සිඩ්නියි නොහොත් සිඩ් ට මානසික බලයක් තියෙනවා. එයා හිතන දේවල් මනසින් කරන්න පුළුවන්. මතක්නේ අවසානෙට ගෙදර බිත්තියත් දෙකට පලලා නැවතුනේ. ඔන්න ඉතින් අද කතා මාලාවේ බලාගන්න පුළුවන් සිඩ්ට වෙන තව ජරමර කීපයක්ම. ඒ වගේම සිඩ්ගෙයි ස්ටෑන්ගෙයි අතර තියෙන හුටපටෙත් ටිකක් දුර දිග යනවා. වැඩිය කියන්න දෙයක් නෑ, මොකද විනාඩි 20ක වගේ ඉතාමත් කෙටි කතා කොටස් තමා තියෙන්නේ.
හරි එහෙනන් මම සමුගන්න තමා සූදානම් වෙන්නේ. මේ කොටස වගේම තුන්වෙනි කොටසත් අරන් එන්නේ මමයි. ඒ වගේම අපේ බයිස්කෝප් පහතමාලයේ අලුත්ම සාමාජිකයා කසුන් ජාලිත සහෝදරයගේ පළවෙනි ටෙලි කතා උපසිරසි ගැන්වීමත් ඔයාලට බලාගන්න පුළුවන්වෙයි මේ කතා මාලාවෙදී. ඉතින් ඉදිරියේදී තවත් අළුත්ම සීරීස් දෙක තුනකට සිංහල උපසිරසිය ලබා දෙන්න බයිස්කෝප් පහතමාලයේ අපි සැලසුම් කරල තියෙනවා. ඉතින් දිගටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමග රැදී සිටින්න කියල ආරාධනා කරනගමන් මම සමුගන්නවා.
සුභ දවසක් වේවා!
ලිපිය -මලිත් වීරමුණි
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,696 downloadsDownload I-Am-Not-Okay-with-This-S01-E01-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
17 comments
Hashan M. Priyadarshana
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..අලුත් වෙන නොවෙන එක කෙසේ වෙතත් මේවා සබ් දෙන්න ඕනිම කතා. ඒකට හොදම උදාහරණෙ තමා end of the fucking world. බයිස්කෝප් සබ දුන්න නිසා තමා බලන්න ගත්තේ. අදටත් ආසම සීරිස් 5න් එකක්. මේකත් රිනිව් උනොත් කොහොමහරි සබ් එක දෙමු මචංලා...මිනි සීරිස් නිසා ඉක්මනට ඉවර කරලා දාන්නත් පුලුවන්..ජය වේවා...බුදුසරණයි..!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නියම සීරීස් එකක් ඊලග කොටසෙන් නැවත හමු වෙමු....11 වෙනි සංවත්සරයට කලින් පාර වගේ Altered Carbon Season 2 ලැබෙයිද දන්නෑ...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
geeganagamage
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්
Anonymous
Thank You
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි උපසිරසි වලට... ඒ වගේම අපි එක්ක එකතු වෙලා මේ වැඩේට අතගහපු එකටත් ස්තූතියි. ජය වේවා...!!
මයිකි
සුපිරි බයිස්කෝප් ඔයාලට සුභ පතනවා 11 වෙනි සංවත්සරයට
Suranjan
Thanks jayawewa.....!
indika75
thanks..
Dewadithya
Thanks for sub!
suranuwan
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shaggie
Thnks mchn
MAALNATH
Thanks .................good luck ...................
Priyankara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ඉතුරු කොටස්වලටත් ඉක්මනින්ම සබ් එක දෙන්න..
ජය වේවා.!