ලොකු වුණාම ඉස්කෝලේ කාලේ මතක් වෙලා දුක හිතෙනවා කියලා හැමෝම කියනවා. හැබැයි මට ඉස්කෝලේ නම් මතක් වෙන්නැති වේවි… ඒත් ඉස්කෝලේ යාලුවෝ රොත්ත මතක් වෙලා දුක හිතේවි කියලා නම් හොඳටම ෂුවර්! ImMATURE වෙබ් කතා මාලාව ඇරඹෙන්නේ ඔන්න ඔය දෙබසෙන්. දැන් ඉතින් මොකක් ගැනද කියන්න යන්නේ කියලා කට්ටියට හිතාගන්න පුලුවන් නේහ්?…

ලොකු වුණාම ඉස්කෝලේ කාලේ මතක් වෙලා දුක හිතෙනවා කියලා හැමෝම කියනවා. හැබැයි මට ඉස්කෝලේ නම් මතක් වෙන්නැති වේවි… ඒත් ඉස්කෝලේ යාලුවෝ රොත්ත මතක් වෙලා දුක හිතේවි කියලා නම් හොඳටම ෂුවර්!
ImMATURE වෙබ් කතා මාලාව ඇරඹෙන්නේ ඔන්න ඔය දෙබසෙන්. දැන් ඉතින් මොකක් ගැනද කියන්න යන්නේ කියලා කට්ටියට හිතාගන්න පුලුවන් නේහ්?
සුන්දර ඉස්කෝලේ කාලේ හිටපු පිස්සු යාලුවෝ රොත්ත…
පාසල් ප්‍රේමයක් වෙනුවෙන් කටු කාපු විදිහ…
ප්‍රින්සිපල්ගෙන් ගුටි කකා ගත කරපු විනෝදබර ජීවිතය…
මේවා ආදරණීය මතක! ජීවිතේට අමතක නොවෙන සිහිවටන!
ජීවිතේ සුන්දරම කාලේ මොකක්ද කියලා ඇහුවොත් හැමෝගෙම උත්තරේ වෙන්නේ ඉස්කෝලේ කාලේ..
අවුරුදු දොළහක් පුරා එකතු කරගනිපු ඒ මතකාවර්ජන ආයේ එකින් එක පෙළගස්වන්න ආසද?
වෙබ් කතාමාලාවක් ඇතුළේ තමන් ජීවත් වෙනවා දකින්න කැමතිද?
ImMATURE කියන්නේ අපි හැමෝටම සමීප සුන්දර ඉස්කෝලේ කාලේ මතක් කරවන හොඳම බෙහෙතක්.
සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන්ට වැඩියෙන්ම සමීප වෙන්නේ රූපවාහිනී කතාමාලා. ගොඩක් වෙබ් කතාමාලා ඔවුන්ට අතපසු වෙනවා වැඩියි. හැබැයි ImMATUREට නම් එහෙම කිසි අඩුපාඩුවක් වුණේ නැහැ. දැනටමත් මිලියන 17කට වැඩි දර්ශනවාර ප්‍රමාණයක් ඉක්මවපු මෙම වෙබ් කතාමාලාව 2019 වසරේ මුල් කාර්තුවේදී විකාශනය වුණේ MXplayer වෙබ් අඩවිය හරහායි. ඒ වගේම 9.3 වැනි දැවැන්ත IMDb අගයක් ලබාගෙන හමාරයි. Comedy|Drama|Romance වර්ගීකරණයට අයත් වන මේ සඳහා නිෂ්පාදනයෙන් දායක වන්නේ Contagious Online Media Network ආයතනයයි.
පළමු Season එකෙන් කතාවේ බාගයක් ඉවර වෙලා අවුරුදු ගාණකට පස්සේ ඉතිරි Season එනකම් බලන් ඉන්න දෙයක් නැහැ. මුලු කතාවම episode පහකින් ඉවරයි! සමහර සීරීස් වගේ තේරුම් ගන්න බැරි මනෝවිකාර කතා නැහැ. මුලු කතාවම ගෙතෙන්නේ අපි හැමෝටම සමීප ඉස්කෝලේ කාලේ කරපු ආතල් වැඩ ගොඩකින්. ඔයා දැනටමත් Hichki, Oru Adaar Love වැනි චිත්‍රපටි බලපු කෙනෙක්ද? එහෙනම් ඊට නොදෙවෙනි අත්දැකීමක් විඳගන්න ලෑස්ති වෙන්න. බය වෙන්නෙපා, පළවෙනි එපියෙන්ම වැඩේට ඇබ්බැහි වේවි.
අපේ කතානායකයෝ සෙට් එක තමා ඔය උඩ පින්තූරේ ඉන්නේ.
සුසූ, දෲව්, චවී සහ කබීර්!!
එක ළඟ ගෙවල් තියෙන එකම ෆ්ලැට් එකේ ජීවත් වෙන කොයි වෙලේ බැලුවත් එකටම ඉන්න යාලුවෝ තුන්දෙනෙක්. කබීර් නොසණ්ඩාලයා… සුසූ මොළකාරයා.. (කියලා හිතාගෙන ඉන්නවා)
එතකොට දෘව්, මිනිහා මනමාලයා…
අවුරුදු ගාණක් තිස්සේ දෘව් ට්‍රයි කරන්නේ චවීගේ කැමැත්ත ගන්න. හැබැයි ඒ වැඩේ ලේසි නැහැ. චවී පන්තියේ පළවෙනියා.. ගුරුවරුන්ගේ හිත දිනාගත්තු කෙල්ලෙක්.. Andhadhun බලලා තියේ නම් මේ චවීව හොඳට මතක ඇති.
හැබැයි චවීට දෘව්ගේ මහන්සිය ගාණක්වත් නැහැ. ඔය අතරේ තමා දෘව්ගේ අතිජාත යාලුවෝ දෙන්නා මිනිහට අලුත් අදහසක් ගේන්නේ.
“ පුට්සයිකල්කාරයන්ට කවදද බන් කෙල්ලෝ කැමති වෙන්නේ? ගනින් පට්ට බයික් එකක්!! “
පළවෙනි එපිය පුරාම කතාව ගෙතෙන්නේ මේ පිස්සු ට්‍රිබල බයික් එකක් ගන්න ගහන ගේම ගැනයි. පල්සරයක් ගන්නවා.. නෑ, නෑ! එක්කෝ ඩිස්කවරියක්.. ඊයා, ඕවා මොනාද? ගනින් බුලට් බයික් එකක්..!
දවස් ගාණක් තිස්සේ කල්පනා කර කර ඉඳලා අන්තිමට ගන්න ඕනේ බයිසිකලේ වර්ගය තෝරගන්නවා. හැබැයි අම්මලගෙන් බර බරේ!! දෲව්ට මේකෙන් බේරෙන්නත් උපදෙස් දෙන්නේ මිනිහගේ අතිජාත යාලුවෝ දෙන්නා… ඒ සැලැස්මට පියවර 03යි.
පියවර අංක 01
ගේම් ගහන්න කම්පියුටරයක් ඉල්ලුවොත් ජීවිතේට අරගෙන දෙන්නේ නැහැ. හැබැයි විද්‍යා පැවරුමට ඕනේ කියලා කිව්වොත් දවසෙන් අරන් දෙයි. ඒ හින්දා එයාලට අඟවපන්, උඹ බයික් එකක් ගන්නේ කෙල්ල නිසා නෙමේ.. ඉස්කෝලේ යන්න කියලා!
පියවර අංක 02
තමන්ගේ ළමයා ෆෝන් එක ඉස්සුවේ නැති වුණාම අම්මලා හිතන්නේ ඌව පැහැරගෙන ගිහින් කියලා. ඒ වගේම තමා, බයික් එකක් අරන් දුන්නු ගමන් ලෑල්ලට පාගලා ගිහින් ඇක්සිනට් වෙනවලු. ඉතින් අම්මලට අඟවපන්, උඹ හැමවෙලේම ආරක්ෂාව ගැන හිතන මිනිහෙක් කියලා!!
පියවර අංක 03
අම්මලා හිතන්නේ උඹට මේ බයික් එක අරන් දුන්නු ගමන් රෝන්දේ යාවි කියලා. ඉතින් එයාලගේ හිත දිනාගනින්, මේ බයික් එක ඔයාගේ පාවිච්චියට විතරක් නෙමේ, මුලු පවුලෙම පාවිච්චියට විත්තිය!!!
අන්තිමට ප්ලෑන් එක හරි යාවිද? දෘව්ගේ හීනේ සම්පූර්ණ වේවිද? ඔය විස්තර බලන්න නම් පළවෙනි කතාංගය බලන්නම වෙනවා. මෙච්චර කියනෙකේ, පළවෙනි කතාංගය විතරක් බලන්නකෝ. එතනින් පස්සේ ඇබ්බැහි වේවි වැඩේට.
දවසට පැය බාගේ ගානේ එකදිගට දවස් පහක් ඉස්කෝලේ කාලේ පිස්සු වැඩ මතක් කර කර හිනාවෙන්න ලෑස්තිද? පටන් ගමු එහෙනම්…

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,668 downloadsDownload imMATURE-S01E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
48 comments
dilanwimalasiri9
Thamanna
THaks bn
Deshani
thank you
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Keshara Dilochana
එල thanks
Sanjeewa2010
Pattaaaaaaaaaa
Ayesh Prashan
Thank You,, Balano Aniwaryen
Milinda Lakmal
patta
Chathura Abhiman
Thknz bro
netharu
meka ganna link ekak dennako plzz
dsdkavishka
Thenks bro good job
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..මේ කතාව ගැන දැන් හිටියෙත් නෑ..මේ වගේ කතා හොයලා උපසිරස දෙන එකනම් ගොඩක් වටිනවා..බුදුසරණයි..ජය වේවා!
geeganagamage
බොහොම ස්තුතියි ලස්සන ට්වි සීරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම අරගෙන බලනවා.
Stranger
Thank you for subtitles
kavindu_gkg
Patta kathawa bro. Tnx sub ekata
Kaushan Rasanga
Tnx bn
Sulakshana Thilakarathna
bohomathma isthuthi kapawemata saho.
MAALnath
Thanks ...................good luck .......................
tharindu m
bro ep 2 idla sub nahane
Tharu
❤️
Pradeepkumara
Thanx saho
lahirusasanka
bro first episode 1k withrane sinhala sub thiyenne anith episode 4e sinhala sub naa ne thama first episode 1nma kathawa patta kiyala kiyanna puluwan thank you saho me wage tv series walata sinhala sub karanawata...
කවිනු වීරක්කොඩි
ස්තූතියි. හෙට දෙවෙනි කතාංගය!! එතන ඉඳන් දවසක් ඇර දවසක් කතාංගය ගානේ දෙනවා...
htdp
ikmanata ithuru episodes 4tath sub dennako...
thanks for 1st sub.Pramodha
Ela
dasun ayesh
ikmanata eelanga epiyath denna'subata thanks'supiri
Himadu Dilruksha
Thank You Brdh Good Job.. ඉතුරු ටිකත් ඉක්මනට දීපන් පලවෙනි එපියෙන්ම හිතට ඇල්ලුවා✌
lucifer
fatta bro anith epiye sub ekath ikmanta denna
pasindu sudarshana
Well done bro. anith epi tikath oneee.
කවිශල් රසින්ත (කවී)
ස්කූල් කාලේ නම් ආයේ අහන්න දෙයක් නෑ. පලවෙනි එපියෙන්ම ඇබ්බැහි වුනා. උඹ සබ් එක දීලා තියෙන කොට තමයි දන්නෙත් මෙහෙම එකක් තියේ කියලා.. එහෙනම් මචන් සබට තුති ඈ. ජය වේවා..!!
Kavi2204
Super bn. Degatama sub dipan.
Nilush Angana
Sub ekata thanx
Achi
Thank
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathura_sam
thanks machan!!!!
pradeep hashan
sub ekata thanks
Kanchaka
Thanks bro
dilan pramoda
thanks macho sub ekata
1997lakmallakmal
Thanks sub ekata
Sasanka Dilhan
උපසිරැසි වලට බොහොම ස්තූතියි
supun priyanath
Ela
Thank YouSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Sohan Jayasooriya
සබට තෑන්ක්ස් මලේ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Mano
Godak Sthuthi..Jaya wewa!
Yasindu
Thanks bro!
sahangayantha
Thanks a lot saho sub ekata
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanka bro