Indian Police Force [S01: E04] Sinhala Subtitles කබීර් සහ වික්‍රම් තාරාගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේම ප්‍රධානත්වයෙන් තීරණ ගෙන මෙහෙයුම ඉදිරියට ගෙන යනවා. කොහොම වුණත්, ඔවුන්ගේ මෙහෙයුමෙන් නියෝජිතයන් සහ සරාර්ගේ සහයකයින් අතර දැඩි සටනක් හට ගන්නවා. සරාර්ගේ සහයකයින් බොහොමයක් මරා දමා, ශදාබ් අත්අඩංගුවට ගන්නවා.…

කබීර් සහ වික්‍රම් තාරාගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේම ප්‍රධානත්වයෙන් තීරණ ගෙන මෙහෙයුම ඉදිරියට ගෙන යනවා. කොහොම වුණත්, ඔවුන්ගේ මෙහෙයුමෙන් නියෝජිතයන් සහ සරාර්ගේ සහයකයින් අතර දැඩි සටනක් හට ගන්නවා. සරාර්ගේ සහයකයින් බොහොමයක් මරා දමා, ශදාබ් අත්අඩංගුවට ගන්නවා. ඉන් ගැලවීම සඳහා සරාර් දරුවෙකු ප්‍රාණ ඇපකරුවෙකු ලෙස යොදාගෙන, වික්‍රම්ට දෙවරක් වෙඩි තබනවා. වික්‍රම්ගේ තුවාල දරුණු වීම හේතුවෙන් ඔහු මිය යනවා. කබීර්, තාරා සමඟ අභ්‍යන්තර ගැටුමකට මුහුණ දෙනවා වගේම ඔහුව එම පරීක්ෂණයෙන් ඉවත් කරනවා. ටික කලකට පසුව සරාර් ජයිපූර් වල බෝම්බ ප්‍රහාර මාලාවක් දියත් කරනවා. කබීර් දඬුවම් කාලය අතරතුර ජයිපූර් පිපිරුම් මාලාව ගැන විමර්ශනය කරමින් පර්යේෂණක් කරනවා. ඔය අතරෙදි කබීර්ට අලුත් මෙහෙයුමකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා.
Indian Police Force [S01: E04] Sinhala Subtitlesමේ ඉන්දියන් පොලිස් ෆෝර්ස් කතා මාලාවේ සිද්ධාර්ත් මල්හෝත්‍රා, ශිල්පා ශෙට්ටි, විවේක් ඔබ්‍රෝයි, නිකිතින් ධීර්, ෂරඩ් කෙල්කර්, ඊෂා තල්වාර්, මුකේෂ් රිෂි යනාදී නළු නිළියන් රඟනවා. විනෝදාත්මක චිත්‍රපටි චිත්‍රපට තනන්නෙක් ලෙස ප්‍රචලිත අධ්‍යක්ෂක වරයෙක් වන රෝහිත් ශෙට්ටිගේ කුළුදුල් වෙබ් කතා මාලාව ඉන්දියන් පොලිස් ෆෝර්ස්. දැන් නම් ඉන්දියාවේ පඳුරකට ගැහුවත් Cinematic Universe විසි වෙන කාලයක්. අලුතෙන්ම සිනමා විශ්වයක් පටන් ගන්නවා හෝ කලින් නිකුත් කරපු චිත්‍රපට එකට සම්බන්ධ කරමින් සිනමා විශ්වයක් තැනීම මේ විදියට සිද්ද වෙනවා.
Indian Police Force [S01: E04] Sinhala Subtitlesහින්දි සිනමාවට Ashtravarse, YRF SPY Universe, Dinesh Vijan’s Horror Comedy Universe තුනක් මීට අමතරව තියෙනවා. මේ තමයි Cop Universe එක. කෝප් යුනිවර්ස් එක එකට සම්බන්ධ කළේ Sooryavanshi (2021) චිත්‍රපටියෙන්. පැමිණීමට නියමිත Singham Again චිත්‍රපටයට අජේ දේව්ගන්, ආක්ෂේ කුමාර්, දීපිකා පදුකෝන්, කරීනා කපූර්, ටයිගර් ෂෙරොෆ්, විකී කෞෂාල් යන අය ඇතුලත්. ඉන්දියන් සිනෙමැටික් යුනිවර්ස් එකක මුල්ම වරට කතා මාලාවක් නිකුත් කළේ කෝප් යුනිවර්ස් එකෙන් වීම විශේෂයි. කොහොම හරි මේ කතා මාලාව, චිත්‍රපට මාලාව එක්ක සම්බන්ධ කරයිද කියලා ඉස්සරහට තමයි බලාගන්න වෙන්නෙ.
Indian Police Force [S01: E04] Sinhala Subtitlesඉතින් මේ කතා මාලාවට උපසිරැසි ලබා දෙන්න මාත් එක්ක රවිඳු හේෂාන්, මයුර සුරාජ්, ලහිරු මදුෂාන්, බන්දුල කේ කහඳාව සහෝදරවරුන් එක් වෙනවා.
Indian Police Force [S01: E04] Sinhala Subtitlesමතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,733 downloadsDownload Indian-Police-Force-2024-S01-EP04.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Indian Police Force [S01: E04] Sinhala Subtitles
Subtitles
6 comments
Kantha_DLA
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
qSahan Gayantha
thanks a lot Naween saho sub ekata
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dimuthu
බොහොම ස්තූතියි සබ් එකට සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Indian Police Force [S01: E04] Sinhala Subtitles | කබීර්ට පෞද්ගලික මෙහෙයුමක්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Indian-Police-Force-S01-1.jpg)




ගොඩක්ම ස්තූතියි රවි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!