Watch Trailer

Inside Edge [S02 : E06] Sinhala Subtitles | විපර්යාසයන් සහ සමුගැනීම්. [සිංහල උපසිරැසි]

ඔන්න අද මම ආවා Inside Edge සීරීස් එකේ 6 වෙනි එපිය අරන්. සීසන් 1 පිස්සු හැදුනා වගේ බැලුවත් සිංහල සබ් එක නොතිබ්බ හින්දා සීසන් 2 ඩව්න්ලෝඩ් කරලා තිබ්බා. අන්තිමේදි කොහොමහරි රවිඳු මල්ලිට කම්පියුටර් එකේ අවුලක් හින්දා මටත් එපියකට සබ් කරන්න සෙට් වුනා. මට මේ අවස්ථාව ලබා දීපු අශාන් අයියා ප්‍රමුඛ සෙට් එකටම ස්ත…

ඔන්න අද මම ආවා Inside Edge සීරීස් එකේ 6 වෙනි එපිය අරන්. සීසන් 1 පිස්සු හැදුනා වගේ බැලුවත් සිංහල සබ් එක නොතිබ්බ හින්දා සීසන් 2 ඩව්න්ලෝඩ් කරලා තිබ්බා. අන්තිමේදි කොහොමහරි රවිඳු මල්ලිට කම්පියුටර් එකේ අවුලක් හින්දා මටත් එපියකට සබ් කරන්න සෙට් වුනා. මට මේ අවස්ථාව ලබා දීපු අශාන් අයියා ප්‍රමුඛ සෙට් එකටම ස්තූතියි. කතාව කොහොම සුපිරියක්ද කියලා බලන අය දන්න හින්දා අපි කෙළින්ම කලින් කොටසේ වුන දේවල් ටික මතක් කරගෙන ඉමු.

පෙර කොටසින්
හැමෝම දකින්න ඇතිනේ වික්‍රන්ත් ධවාන් භායිසාබ්ට විරුද්ධව ගහපු ප්ලෑන් එක මොකක්ද කියලා. භායිසාබ්ගේ නමින් පාකිස්ථානේ ලීග් එකකට ස්පොන්සර් කරලා භායිසාබ් ඉන්දියාවට ද්‍රෝහි වුනා කියලා පෙන්නන්නයි හදන්නේ. මොකද ඉන්දියාවයි, පාකිස්ථානෙයි අතර තියෙන අමනාපකම හින්දා. ඒ ප්ලෑන් එක සෑහෙන සාර්ථක වුනානේ. ඒ වගේම හර්යානා හරිකේන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෝ තහනම් උත්තේජක පාවිච්චි කරනවා කියලත් ඔප්පු වුනත් භායිසාබ් කොහොමහරි ඒක ෂේප් කළා. මන්ත්‍රා සරීනාගේ තැන ගනියි කියලා බය වුන හින්දා සරීනාත් ආවා මැච් එක බලන්න. වායු ලකුණු 25 කට අවුට් වුනත් ටීජේගේ ඉනිම හින්දා මැච් එක දින්න මැව්රික්ස්ලට‌ පුළුවන් වුනා. පසු පාදයෙන් සෙල්ලම් කරන්න වායු තාමත් කැමති නැති බවක් තමා පේන්නේ. ඒ වගේම තමයි තහනම් උත්තේජක හින්දද කොහෙද බෑන්ක්ස්ට අමුතු විපර්යාසයක් වෙලා තිබුනා. භායිසාබ්ගේ තියෙන බල පරාත්‍රමය හොඳට පෙනුන තැනක් තමයි අප්‍රිකාවේ ජනාධිලතිතුමාවත් සරීනාට මුණ ගස්සපු එක. සරීනාටත් ඉතින් අනේ මන්දා. භායිසාබ් එක්කත් හුටපටයක් පටන් ගත්තා. ඒ වගේම හොඳම සීන් එක වුනේ අපේ අහිංසක ඩයල් එක ප්‍රශාන්ත්ට කෙල්ලෙක් සෙට් වුනා. ඔන්න ඔහොමයි කලින් එපිය ඉවර වුනේ.

අද කොටසින්
ඉතින් අද කොටසේ හර්යානා හරිකේන්ස් සහ මුම්බායි මැව්රික්ස්ලා අතර තවත් තරඟයක්. එදා‌ මැච් එක නම් ටීජේ ගොඩ දැම්මා. අද මැච් එක කවුරු ‌ගොඩ දායිද? භායිසාබ් එයාට විරුද්ධ කුමන්ත්‍රණේට කොහොම ප්‍රතිචාර දක්වයිද? ප්‍රශාන්ත් සහ සැන්ඩි අතර ලව් ස්ටෝරියයි, වායු සහ මන්ත්‍රා අතර ලව් ස්‌ටෝරියයි මොනා වෙයිද? අද ලොකුම රහසක් හෙළි වෙනවා ඒ තමයි වායු මේ තරම්ම බාබාට වෛර කරන්නේ ඇයි කියන හේතුව. අද අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. හැමෝටම ජය වේවා !

ප.ලි.

මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

AMZN WEBRip x264 AAC 5.1 MSubs

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

2,594 downloadsDownload Inside-Edge-S02E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

2,594 downloadsDownload Subtitles25 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා!

  3. lucifer94

    උදේ නැගිටල එනකොටම සබ් එක තියෙනව.ස්තුතියි...

  4. Anonymous

    Thanks bro

  5. Suranjan

    Thanks jayawewa.....!

  6. Chandima Prasad

    sub ekata thankz..jayawewa..

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අනිවා...සුපිරිම කතා මාලාවක්....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Thanks bro so much

  10. MAALNATH

    Thanks .......good luck.......