ආයුබෝවන් යාළුවනේ…! රුදුරු බිමේ තුන්වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං රුදුරුබිම පිල්ග්‍රිම්ගේ සංක්‍රමණය එක්ක සෑහෙන උණුසුම් වෙමින් පවතින්නෙ. එහෙනම් මතක් කරගමු පහුගිය කතාංගයේ වුණේ මොනවද කියල. පසුගිය කොටසින්.. කලින් කතාංගය සම්පූර්ණයෙන්ම වගේ වෙන් වුණේ මිනර්වා නැත්තං විඩෝ වෙනුවෙන්. ම…

ආයුබෝවන් යාළුවනේ…!
රුදුරු බිමේ තුන්වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං රුදුරුබිම පිල්ග්‍රිම්ගේ සංක්‍රමණය එක්ක සෑහෙන උණුසුම් වෙමින් පවතින්නෙ. එහෙනම් මතක් කරගමු පහුගිය කතාංගයේ වුණේ මොනවද කියල.
පසුගිය කොටසින්..
කලින් කතාංගය සම්පූර්ණයෙන්ම වගේ වෙන් වුණේ මිනර්වා නැත්තං විඩෝ වෙනුවෙන්. මාස්ටර් විඩෝව චාඕ සමඟ තිබුණු සටනෙන් අරගෙන ඇවිල්ල කියනව තරහ මරහ අමතක කරල පිල්ග්‍රිම් එක්ක තමන් කරන සටන එක්ක එකතු වෙන්න කියල. නමුත් මිනර්වා ඒකට එකඟ වෙන්නෙ කොන්දේසියක් මත. ඒ තමයි ත්‍යාගය ආපහු ලබා දෙනවනම් සටනට එකතු වෙනව කියල. නමුත් මාස්ටර් කරන්නෙ ත්‍යාගය වෙනුවට විවෝව ඇගේ හිත ඇතුළට යවන එක. ඒකෙන් තමයි විඩෝ තමන් තුළ තියෙන ආලෝකය සහ අන්ධකාරය හඳුනා ගන්නෙ. කොහොමහරි රේවන් නැත්තං විඩෝගේම අන්ධකාරය පරාද කරල ආලෝකයට ජය ගන්න හැකියාව ලැබුණ. මේ අතරෙ බාජිට හැකියාව ලැබෙනව හෙන්රිව ලිඩියා ලඟට එක්කගෙන යන්න. ඊට පස්සෙ බාජි පිටත් වෙනව යම් කෙනෙක් හමු වෙන්න ඕනෙ කියල. ඒ වගේම පිල්ග්‍රීම්, සනීට හොඳටම තඩි බාල ජනේලෙන් එළියට දැම්මම, එයා හිතන්නෙ සනී මැරුණ කියල. නමුත් සනී පණ බේර ගන්නව. ඔහොම තමයි කලින් කතාංගයේ වුණේ.
අද කොටසින්…
ලිඩියාගෙන් කාර් එකකුත් ඉල්ලගෙන බාජි කෙලින්ම යන්නෙ මාස්ටර් ලඟට. හැබැයි මාස්ටර් ලඟට යන බාජි පුදුමයට පත් වෙනව මාස්ටර් ලඟ මිනර්වා ඉන්නව දැකල. මාස්ටර් මේ දෙන්නට විශේෂ මෙහෙයුමක් බාර දෙනව. ඒකට හේතුව අන්කාරා. අන්කාරා ගැන කතා කළාම සනීට හැකි වෙනව අන්කාරා ඉන්න තැන හොයාගන්න. හැබැයි සනී මේ ගමන යන්නෙ තනියම නෙවෙයි. විශේෂ කෙනෙක් සනීට මේ ගමනට උපකාර කරනව. ඒ කවුද කියල බලන්නකො. සනීල අන්කාරා ලඟට යද්දි අන්කාරාට ප්‍රහාරයක් එල්ල වෙලා. මේ ප්‍රහාරය එල්ල කරපු පිරිස සනීවත් හොයහොයා ඉන්න පිරිසක්. කොහොමහරි නැවත ප්‍රහාරයක් එල්ල වෙන්න කලින් සනී අන්කාරා එක්ක බ්ලැක්වින්ඩ් වලට යනව. සනී අන්කාරා කියන දේ අහන්නෙ අතිශය වැදගත් කාරණාවක් නිසා. ඒ මොකද්ද? ඒක බැලුවම තේරුම් ගන්න පුළුවන්.
ඒ වගේම ශැඩෝහන්ටර්ස් එපි කීපයක් පහු වෙලා කියල මම දන්නව. මගේ කාර්‍යබහුල වීමත්, අත්‍යාවශ්‍ය සබ් කීපයක් ලඟ ලඟ නිකුත් වීමත් නිසා තමයි ඒ ප්‍රමාදය වුණේ, ඉතිං ඊලඟ ශැඩෝහන්ටර්ස් කතාංගය එන්න කලින් ප්‍රමාද වුණු ඔක්කොම කතාංගයන් හෙට ඉඳල ලබා දෙනව කියලත් අනිවාරෙන් පොරොන්දු වෙනව. ඒ වගේම මේ දවස් වල One Strange Rock වාර්තාමය වැඩසටහන අපි සිංහල උපසිරැසි සමඟ ලබා දෙනව. දැනුම පිපාසයෙන් පෙළෙන, විශ්වයේ සැඟවුණු රහස් ගැන කුතුහලයෙන් පිරුණ, අපි කොහොමද හැදුණෙ, අපිට මොනවද වෙන්නෙ කියල දැනගන්න ඕනෙනම් ඔන්න ඒකත් දැන් ඔයාලගෙ ලඟට පිළිවෙලින් ලැබෙන්න සලස්වල තියෙන්නෙ. මේව වගේම ඒ වගේ අධ්‍යාපනික වශයෙන් වැදගත් දේවල් ගොඩක්, අපි හැම වෙලාවෙම අපේ රසිකයන්ට සමීප කරන්න උත්සාහ කරනව. ඒකත් ගැනත් සැලකිල්ල යොමු කරන්න කියල දැනුම් දෙමින්, ශැඩෝහන්ටර්ස් තුළින් ආයෙත් හමුවෙන තෙක් හැමෝටම ජය වේවා කියල ප්‍රාර්ථනා කරනව!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,838 downloadsDownload Into-the-Badlands-S03-E11.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
43 comments
dsdkavishka
SL Supun
බොහොම ස්තුතී අයියෙ සබ ඉක්මනට ගෙනත් දුන්නට .....
Kanchana
Thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLasantharathnasirirox
ස්තුතියි ස්තුතියි සහෝ....මේ කතාමාලාව ඉවර වෙනකල් sub කරන්න..ජයවේවා !!
Nadeesha rox alahakoon
Tnx bro suba denakn bln hitiye.
Iroshan Kumar
Thanks brother
suranuwan
thanks bro....
Sulakshana Thilakarathna
මේ කැපවීමට අනේක වාරයක් ස්තූතියි ඔබට!!
Viraj D Perera
Thanks...❤❤❤❤
Dilshan Kelum
Thanks shoo...
Kawi Jayasinghe
tnx sahooo
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
ThusharaIndunilRathnayaka
Ela, Good job! sub ekata thanks....!
sudumanikakaushika
Fata bn
s.s.m
tz sub ekata....
SL Supun
ela thanks sub akata
Eranda Malith 2.0
Thanks mcn
Kalana Ganganath
සබට බොහොම ස්තුතියි..
Achi
Thanks ❤️
Ayesh Prashan
Thank You
sineth devapriya
Thanks bro elma
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nimantha.Chathuranga
Tnx mcn
Ohomma 12 apu gaman sub eka demuMr.pamz
Thanks bro
Tharindu Madushan 96
Thank udayanga bro ,
Kapila4499
thanks for sub
Kamal ranjan
අයියේ..අනිත් එපිසෝඩ් එකත් දාන්ඩකෝ ඉක්මනට..ප්ලීස්☹️☹️
සබ නම් පට්ටයි ආ.....උදයංග සම්පත් හතරසිංහ
තාම 12 ඉංග්‍රීසි සබ් එකක් ඇවිල්ල නෑ බං.. පටන් ගන්න විදියක් නෑ..
Gpg
Dan nam english sub eka awith bro.. wada patan gnna..
chamika deemantha
ayye den 12 evilla dvs dekk veno ekmanata dannooooooooooooooooooooo
Gpg
Thanks bro..
12 ikmnt oni..madawaththa
Tnx bro..
chamodi_lsitha
me sub download karannna ba ne
Dhananjayab
Ammoo thanks broo..
dinusha666
THANK you
Vihanga sathsara
thankss machi
vishwanathmadhushanka
Thanks machan
dx12
thanks bro
Sajithlakshan
thanks ...................
podda
thanks bro!!1
melinda
thank you
pitcher bro
thada hodeee.patta
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Into the Badlands [S03 : E11] Sinhala Subtitles | පාවාදීම..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Into-the-Badlands-Season-3.jpg)



Thenks for sub bro,