ආයුබෝවන් යාළුවනේ! මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනව හැම කෙනෙකුටම. අලුත් අවුරුද්දෙන් පස්සෙ මම අරගෙන එන පළවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේක. ඊයෙ දවසෙ තමයි මේ කතාංගය නිකුත් වුණේ. ගම් පළාතෙ ඉන්න නිසා ඉතිං ටිකක් කාර්‍යබහුල වීම් වුණා, ඒකයි ඊයෙම උපසිරැසිය අරගෙන එන්න හැකියාවක් ලැබුණෙ…

ආයුබෝවන් යාළුවනේ!
මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනව හැම කෙනෙකුටම. අලුත් අවුරුද්දෙන් පස්සෙ මම අරගෙන එන පළවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේක. ඊයෙ දවසෙ තමයි මේ කතාංගය නිකුත් වුණේ. ගම් පළාතෙ ඉන්න නිසා ඉතිං ටිකක් කාර්‍යබහුල වීම් වුණා, ඒකයි ඊයෙම උපසිරැසිය අරගෙන එන්න හැකියාවක් ලැබුණෙ නැත්තෙ. කොහොම නමුත් හැකි හැම මොහොතක්ම මේ සඳහා වැය කරල වැඩේ ඉවරයක් කරගන්න හැකි වුණා මේ වෙද්දි. කෙටියෙන් මතක් කරගමු කලින් සතියෙ වුණේ මොනවද කියල.
පසුගිය කොටසින්…
ඉතිං කට්ටියට මතක ඇති මාස්ටර්ගේ ඉල්ලීම අනුව බාජි සහ විඩෝ යනව අන්කාරා හොයාගෙන මුඩු බිමට. මේ වෙනකොට අන්කාරා හොයාගෙන සනී සහ නික්ස් පිටත් වෙලා ඉන්නෙ. කොහොමද අන්කාරාට බ්ලැක් ලෝටස්ලගෙ ලොකු ප්‍රහාරයක් එල්ල වෙලා දරුණු තුවාල ලබල ඉන්නකොට සනීල ඇයව හොයා ගන්නව. මෙතනදි සනී, අන්කාරගෙන් අහනව පිල්ග්‍රිම් නතර කරන්න ක්‍රමයක් කියන්න කියල. නමුත් ඇය උත්තර දුන්නෙ නෑ, ඒ වෙනුවට ඇයව බ්ලැක්වින්ඩ් වලට එක්කගෙන යන්න කියනව. බ්ලැක්වින්ඩ් වලට ආපු අන්කාරා එතනදි පැනගන්න හදනව, මේ අතරෙ බාජි එක්ක විඩෝ බ්ලැක්වින්ඩ් වලට එනව. එතකොට විඩෝ එක්ක සනී ලොකු සටනක් ගියත් ඒකෙන් විඩෝ ජය අරගෙන සනී එක්ක සමාදාන වුණා. ඊට පස්සෙ කාට්ටිය එක්ක අන්කාරා අල්ල ගන්නව.
ඊට පස්සෙ අන්කාරා අරගෙන එනකොට මගදි අන්කාරාට සිහි ඇවිත් වාහනේ විනාශ කරන්න හදන නිසා අන්කාරාව අඩපණ කරන්න බාජි යම් තැනක වාහනය නතර කරනව. එතනදි තමයි අන්කාරා විඩෝට යම් දර්ශනයක් මඟින් පෙන්නුම් කරන්නෙ, ගායස්, ටිල්ඩා දෙන්නට චාඕ වධ දෙන විදිය. ඒ නිසා විඩෝ, නික්ස් එක්ක පිටත් වෙලා යනව ඔවුන්ව බේර ගන්න. ඔන්න එතනදි තමයි චාඕ එක්ක ඇතිවෙන ලොකු සටනකින් විඩෝ චාඕගෙ බෙල්ල කපල එක සටනක් සදහටම ඉවර කරල දාන්නෙ. ඉතිං මෙතෙක් කතාව රසවත් කරපු චාඕ ඒ අනුව ඉරණම් ගමන් ගියා. එතන ඒ දේවල් වෙන අතරෙ අන්කාරා සනීලට කියනව එයාගෙ කාලය ඉවරයි බ්ලැක් ලෝටස්ල එයාගෙ පස්සෙන් මේ වෙන්කොට ලඟටම ඇවිල්ල ඉන්නෙ, ඒ නිසා පුළුවන් වෙලාවෙ සනී බාජි දෙන්නටම පැනගන්න කියල. ඒ වුණත් දෙන්නම එතන ඉන්නව පිල්ග්‍රිම් පාරද කරන්න ක්‍රමයක් අහගන්න ඕන නිසා. එතකොට තමයි අන්කාරා කියන්නෙ පිල්ග්‍රිම් පරාද කරන්න නම් සනිට එයාගෙ අක්‍රීය කරපු බලය නැවත ලබා ගන්න ඕනෙ කියල. නමුත් ඒ බලය සක්‍රීය කරන්න පුළුවන් එකම කෙනා තමයි සනීගෙ අක්ක කියල. නමුත් ඒ වෙනකොට සනීගෙ අක්ක මැරිල කියලත් අන්කාරා කියනව. කතාව අතරෙ බ්ලැක් ලෝටස්ල කඩා පාත් වෙනව. ඇවිල්ල අන්කාරා සහ බාජි දෙන්නගෙම හදවත් හරහා කඩු පහරවල් බස්සනව. එතනදි දෙන්නම මැරුණ. සනීව බ්ලැක් ලෝටස්ල පැහැර ගන්නව.
අද කොටසින්…
එදා මම කිව්ව වගේ ඇත්තටම බාජි මැරෙනව. හිතට ටිකක් අවුල් නම් තමයි. නමුත් අන්කාරා එදා එකපාරම මැරුණෙ නෑ. අන්කාරා අද කොටසෙත් පණ පිටින් බලාගන්න පුළුවන්. මේ අතරෙ සනීව පැහැරගෙන ගියපු බ්ලැක් ලෝටස්ල සනීව පාවිච්චි කරන්න හදන්නෙ පිල්ග්‍රිම්ට එරෙහිව් සටන් කරන්න. ඒකට ඔවුන් ලඟ හොඳ බලවත් සැලැස්මක් තියෙනව. ඒ වගේම සනීට ඇස් අදහා ගන්න බැරි කෙනෙකුත් මෙතනදි මුණ ගැහෙනව. මේ හමුවීම නිසා මෙතෙක් නිකං ලාංඡනයක් විදියට දකපු අස්‍රාව අද අපිට ජීවමානව දැකගන්න අවස්ථාවක් ලැබෙනව. මට මතක විදියට නම් මේක තමයි අස්‍රාවේ පෙන්වන පළවෙනිම අවස්ථාව වෙන්නෙ. කොහොමහරි විඩෝ, චාඕගෙ ප්‍රශ්නෙ විසඳල ආරාමය පැත්තට එනව. විඩෝ එන්න කලින් ආරාමය ඇතුළෙ ලොකු කලබැගෑනියක් වෙනව. M.K එක්ක මටනම් ඉතිං මාර තරහක් එන්නෙ M.K කරන වැඩ නිසා. අදත් ඇස් අදහාගන්න බැරි දෙයක් වෙන්ව ආරාමය ඇතුළෙ. ඒ නිසාම අදත් එක් චරිතයකට සමුදෙන්න වෙනව අපිට. ඉතිං කෙළවරක් නැති මිනී කන්දක් උඩින් මේ ගමන් කොතනකින් කෙළවර වේවිද? ඉතාම ඉක්මනට අපිට ඒක බලාගන්න හැකි වේවි. ගිහින් එන්නම්, ජය වේවා…!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,762 downloadsDownload Into-the-Badlands-S03-E13.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
57 comments
ktu
dsdkavishka
Thenks bro
chamara_c
Enakan balan hitiye.thanks bro
samathandi
Thanks
Tharindu Madushan 96
thank udayanga saho . the expanse tv show eketh sub denna puluwannam
Sulakshana Thilakarathna
bohoma isthuthi saho kapaweemata!
Eranda Madhushan Premarathna
Thnx broo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය
සුභ අලුත් අවුරුද්දක් වේවාNadeesha rox alahakoon
Tnx bro. Suba enakan bln hitiye
Radeon
sub ekata tnx bn ohoma yamu elama
Arsh
Sub ekata tnx mcn. 14 ikmanata dhenda.
suranuwan
thank you........
Tharindu07
Thanks machoo sub set 1katama...., good work....
Nuwan-milinda
Thanks Thanks Thanks saho
Shehan_98
Thanks saho
Dilshan Kelum
THanks sub ekta...
madurangha
tnx bro.. to all episode
Mr.pamz
Thanks
kik_punch
elm elm
14 awata tama copiyak ne ned?උදයංග සම්පත් හතරසිංහ
14 එපිය එන්නෙ 22 නේද? දන්න තරමට ඒක නිකුත් වෙලා නෑ.
kik_punch
google eke tynne 13/14 dekama 1 dawase anawa kyl.
a unata tama copiyak ne.
Smug118
Thanks
Dushan Tharuka
Thanks bro
Ayesh Prashan
Thank You
Danushka63
thank bro
DilanDilshan
thankz saho..jaya wewa..
ThusharaIndunilRathnayaka
sub ekata thanks.......! good job..!
Gpg
Thankuu sahoo
Roshan910
supiri macho
Kapila4499
thanks for sub
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Lakshan
Thanks Bro.
Madu123456
THanks bro
s.s.m
tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThusharaIndunilRathnayaka
ela...! sub ekata thanks....!
Lalitha Bandara
14 ත් ඇවිල්ලා
prabuddha01
14 awilla.man download kara.1337x eken.ekatath sub one ikmanata.
madawaththa
Tnx bro..
chamika deemantha
Bro elaga ekath ava ekmanata sub eka danna
jb
broo 14 sub eka diynkoo
ake
thanks bro
Dhananjayab
Thanks bro. 14ath damu...
1998_dulaj
thanks bro
1998_dulaj
14 sub eka kawadda danne bn
Mawan Geethanjana
THANKS
udagedara
Dan 14 avilla godak kal sub eka den nadda bro
sanjayaSKD95
14 sub eka diyan brooo ikmanatama..
ktu
Ko 14
Vihanga sathsara
thanks machi
prabuddha01
15 awith.
prabuddha01
15 sub one
vishwanathmadhushanka
Thanks machan
dx12
thanks bro
Kala karu12
Th.s .yalu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Into the Badlands [S03 : E13] Sinhala Subtitles | සුදු රෝස.. කළු නෙළුම්..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Into-the-Badlands-Season-3.jpg)



Tnx sahoooo