Invincible Atom Eve Special [S02 : E00] Sinhala Subtitles මුලින්ම සමාවෙන්න ඕනේ මේ කතාංගය අරන් එන්න පරක්කු වුණාට. මං හිතන් හිටියේ Invincible පළවෙනි සීසන් එක ඉවර කළාට පස්සේ මේකට සබ් දීල ම දෙවෙනි සීසන් එකට සබ් දෙන්න. ඒත් හිතුව විදියට දෙන්න බැරි වුණා. මේ එපියට වඩා Invincible Season 02 එක ප්‍රධාන storyl…
Invincible Atom Eve Special Sinhala Subtitles
මුලින්ම සමාවෙන්න ඕනේ මේ කතාංගය අරන් එන්න පරක්කු වුණාට. මං හිතන් හිටියේ Invincible පළවෙනි සීසන් එක ඉවර කළාට පස්සේ මේකට සබ් දීල ම දෙවෙනි සීසන් එකට සබ් දෙන්න. ඒත් හිතුව විදියට දෙන්න බැරි වුණා. මේ එපියට වඩා Invincible Season 02 එක ප්‍රධාන storyline එකට වැදගත් නිසා මේකට් කලින් ඒක දුන්නා.
කොහොමහරි දැන් මේක අරගෙන ආවා නේ. ඇත්තටම කියනවා නම් මේක special episode එකක් විදියට තිබුණට මේක Amazon Prime එක නම් කරලා තියෙන්නේ Invincible දෙවෙනි කතා සමයේ 0 වෙනි කතාංගය විදියටයි. ඒ කියන්නේ මේක ඉස්සරහට යද්දී වැදගත් කතාංගයක් වෙයි. විශේෂයෙන්ම Atom Eve ඉස්සරහට කතාවේ ඉතාම වැදගත් චරිතයක් වෙන නිසා.
මේකට මේ වෙද්දි IMDb 7.7ක අගයක් ලැබිලා තියෙනවා. සුපුරුදු නළු නිළියන් තමන්ගේ හඬින් දායක වෙනවා. Aria Kane (අවුරුදු 7ක් වයසැති Eve), Jazlyn Lone (අවුරුදු 12ක් වයසැති Eve), Grey Griffin (බෙට්සි), Stephen Root (ඩොක්ටර් බ්‍රැන්ඩිවර්ත්) ආදී බොහොමයක් මෙයට දායක වෙලා තියෙනවා. සප්‍රයිස් ස්පොයිල් වෙන නිසා කීප දෙනෙක්ම එළි කළේ නැහැ.
Invincible පළවෙනි කතා සමය බැලුවා නම් Atom Eve ගැන අමුතුවෙන් අඳුන්වන්න දෙයක් නෑ. එයා කොච්චර overpowered චරිතයක් ද කියන එක දකින්න ඇතිනෙ ඔයාල. එයාට පුළුවන් එයා කැමති ඕනම දෙයක රසායනික සංයුතිය වෙනස් කරන්න. ඒ කියන්නේ දේවල්, වෙන දේවල් බවට හරවන එක විතරක් නෙමෙයි. අලුත් දේවල් ප්‍රාදුර්භූත කරන්නත් එයාට හැකියාව තියෙනවා. කොටින්ම කියනවා නම් Atom Eve කියන්නේ පණපිටින් ඉන්න Reality stone එකක්.
මේ එපිසෝඩ් එකේදී ඔයාලට හොයාගන්න පුළුවන් Atom Eve හෙවත් ඊව් විල්කින්ස්ගේ ළමා කාලය මොන වගේද කියලා. එයා කොහොමද ඉපදුණේ, එයාට එයාගෙ බලයන් ලැබුණේ කොහොමද ආදී ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න පුළුවන්. මේක බැලුවම ඊව් දිහා බලන්න අලුත්ම කෝණයක් ලැබේවි. ඒවගේම එයා ගැන අනුකම්පාත් හිතේවි. ඒකෙන් ඊව්ගේ චරිතය අලුත්ම විදියට රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා.
එහෙනම් එපිය බලන්නකෝ. ලෝකි ෆිනාලේ එකෙන් සහ ඉන්වින්සිබල් දෙවෙනි කතා සමයේ දෙවෙනි එපිසෝඩ් එකෙන් ආයෙ හමුවෙමු. පීස් ✌️.
Invincible Atom Eve Special[S02: E00] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,064 downloadsDownload Invinicible-Atom-Eve-Special-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2023
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Dmaxx
විමා
උපසිරසියට බොහොම ස්තුතියි මලේ!
Anonymous
Thanks jayawewa....!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Ela Thanx..