Watch Trailer

Invincible [S02 : E01] Sinhala Subtitles | ඛේදවාචකයකින් පසු… [සිංහල උපසිරසි]

Invincible [S02 : E01] Sinhala Subtitles මේ උණු උණුවේ අරගෙන එන්නේ 2021 වසරේ Amazon Prime හරහා නිකුත් වෙලා අතිශය සාර්ථකවත්වය පත් වෙච්ච කතාමාලාවක් වන Invincible කතා මාලාවේ දෙවෙනි කතා සමයේ උපසිරසි. Amazon Prime එකෙන් මේ වෙනකොට හදපු සුපිරිවීර කතා මාලා තුනම (The Boys, Gen V, Invincible) විචාරකයන්ගේ සහ ර…

Invincible Sinhala Subtitles

මේ උණු උණුවේ අරගෙන එන්නේ 2021 වසරේ Amazon Prime හරහා නිකුත් වෙලා අතිශය සාර්ථකවත්වය පත් වෙච්ච කතාමාලාවක් වන Invincible කතා මාලාවේ දෙවෙනි කතා සමයේ උපසිරසි. Amazon Prime එකෙන් මේ වෙනකොට හදපු සුපිරිවීර කතා මාලා තුනම (The Boys, Gen V, Invincible) විචාරකයන්ගේ සහ රසිකයන්ගේ ප්‍රසාදයට පත් වුණා. Invincible සීසන් 2 ඒ රටාව දිගටම තියාගෙන යනවා වගේ.

පසුගිය කතා සමයෙන්…

පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේදීම අපි දන්නවා ලෝකයේ සහ තමන් වටේ ඉන්න අයගේ විශ්වාසය දිනාගෙන ඉන්න ඔම්නි-මෑන් එයාගේ සහෝදර සුපිරිවීරයින් වන Guardians of the Globe හෙවත් “පෘථිවියේ ආරක්ෂකයින්” ටික දරුණු විදියට මරල දානවා. ඒකට හේතුව මොකක්ද, ඒක ගැන කවුරු කවුරු හොයාගනීද, මොකක්ද නෝලන්ගේ අවසාන අරමුණ වගේ ප්‍රශ්න වටා තමයි සීසන් එක ගෙතිලා තිබුණේ. ඒ අතරේ අපි දකිනවා එයාගෙ පුතා හෙවත් මාර්ක් ග්‍රේසන්ට තමන්ගේ බලයන් ලැබිලා එයා “ඉන්වින්සිබල්” නම් සුපිරිවීරයා බවට හෙමින් හෙමින් පත් වෙන හැටි. Invincible (අපරාජිත) කීවට එයා ගොඩක් සටන් පරාද වුණා නේ. ඒත් දෙවෙනි සීසන් එකේ එයා සටන් දිනන්න ගනීවි කියල රොබට් කර්ක්මන් හෙවත් කොමික් එකේ රචකයා කියල තියෙනවා.

අට වෙනි එපිය හෙවත් ඔම්නි-මෑන් සහ ඉන්වින්සිබල් අතර සටන නම් දවස් ගාණකට අමතක වෙන්නේ නෑ. සීසන් එකේ හොඳම එපිසෝඩ් එක කියලයි මං නම් කියන්නේ. තනිකර emotional rollercoaster එකක්. Invincible ගෙ ලෝකෙ තනිකර අනික් පැත්ත ගැහුව සටනක්. එපිය ඉවර වෙනකොට එයාල දැනන් හිටිය ලෝකෙ තවදුරටත් එහෙම නෑ කියන එක පැහැදිලියි.

ඉතින් දෙවෙනි සීසන් එකෙන් ඊට පස්සේ වෙච්ච දේවල් බලාගන්නකෝ. දෙවෙනි සීසන් එකත් පළවෙනි සීසන් එක වගේම එපිසෝඩ් 8කින් සමන්විතයි. ඒත් ඒක එන්න තියෙන්නේ කොටස් දෙකක් වශයෙන්. මුල් එපිසෝඩ් 3 සතියට එක බැගින් පළවෙනවා. ඉතිරි එපිසෝඩ් 5 2024 වසරේ පළවෙන්න නියමිතයි.

එහෙනම් අද එපිය බලන්නකෝ. අද එපියෙන් මේ සීසන් එකේ විලන් වගේම ඉන්වින්සිබල්ගේ පරම හතුරා ලෙස සමහරු සලකන “ඇන්ග්ස්ට්‍රම් ලීවායි” ගැනත් බලාගන්න පුළුවන්. එහෙනම්, දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

 

Invincible Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,506 downloadsDownload Invincible-S02-E01-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

7,506 downloadsDownload Subtitles30 KB

14 comments

  1. Ninja

    Loki S2 Episode 5 sub dennako. Godak wela idan balan inne.

  2. supun

    Atom Eve Special Episode ekata sub eka dila nane

  3. Isuru

    පුලුවන්නන් invincible atom eve
    Special episode එකටත් සබ් දෙන්න ❤

  4. Anonymous

    Thanks jayawewa.....!

  5. Dasun

    Enakanma hitiye meka nam...supiri

  6. Sumith Kumara

    Atom eve සබ් එක දෙනවාද..?

    1. Sanupa Ranmeth

      ඉක්මනින්ම දෙනවා සහෝ.

  7. Shaddy

    සතියකට එක එපිසෝඩ් එකක් විතරක් දාලා කතා 3ක් විතරක් දාලා 2024 වෙනක්න ඊළග ටික දාන්න බලන් ඉන්නේ නැතිව එක්කෝ දෙන එක දීපන් එක දිගට..බැරිනම් පුළුවන් එකෙක්ට බාර දීලා උබ නොකර ඉඳපන්..උබලා වගේ ගොතයෝ නිසා තමා TV serious එපා වෙන්නේ

    1. Anonymous

      මොංගල්ද බන්? මේක තාම සතියට එක ගානේ ටෙලිකාස්ට් වෙන සිරිස් එකක්.
      උඹල වගේ උන් ඉන්නකොට ලංකාවට ඉර පායනවා පුදුමයි බන්.

  8. Akila Dilhara

    Thanks Brother....❤

  9. Anonymous

    සබ් එකට තැන්ක්ස් කොල්ලෝ.
    පිස්සෝ කියන ඒවා ගණන් ගන්න එපා.
    දිගටම සබ් දෙන්න. ඔහොම උන්ව ගණන් ගන්නවත් වටින්නේ නැහැ.
    සීසන් 2 අද තමයි බලන්න ගත්තේ

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  11. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P