Invincible [S01 : E08] Sinhala Subtitles එහෙනම් සීසන් එකේ අවසානයටත් ආවා. මේ අරගෙන ආවේ Invincible කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන හෙවත් අටවෙනි කොටසේ සිංහල උපසිරසි යි. එපිය නම් කරලා තියෙන්නේ “Where I Really Come From” කියලයි. Invincible කියන්නේ ආයේ සුපිරිම කතා මාලාවක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ…

එහෙනම් සීසන් එකේ අවසානයටත් ආවා. මේ අරගෙන ආවේ Invincible කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන හෙවත් අටවෙනි කොටසේ සිංහල උපසිරසි යි. එපිය නම් කරලා තියෙන්නේ “Where I Really Come From” කියලයි.
Invincible කියන්නේ ආයේ සුපිරිම කතා මාලාවක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මෙතනට වෙනකන් බැලුවා නම් ඔයාලත් එහෙම හිතන බව මට විශ්වාසයි. ඒක නිසාම Amazon Prime ආයතනය විසින් මේකට දෙවෙනි සහ තුන්වෙනි සීසන් එකකුත් එනවා කියලා නිවේදනය කරලා ඉවරයි. දෙවෙනි සීසන් එකේ පූර්ව ප්‍රචාරක පටය පවා දැන් අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඒක නිකුත් වෙන්න තියෙන්නේ නොවැම්බර් 3 වෙනිදයි.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදී අපි දැක්කනේ රොබොට්ගේ සැලසුම මොකක්ද කියලා. එයා මෝලර් නිවුන්නුන්ව හිරෙන් නිදහස් කරගෙන, රෙක්ස්ප්ලෝඩ්ගේ DNA, පදනම වශයෙන් යොදාගෙන එයාට අලුත් ඇඟක් හදාගත්තා. එයාගේ පරණ ඇඟ මිය ගියත් දැන් අලුත් ඇඟේ රොබොට්ගේ මනස ජීවත් වෙනවා. එහෙම කරලා හැදුවේ ආපහු මෝලර් නිවුන්නුන්ව හිරේට ගෙනියන්නයි. ඒත් එහෙම කරන්න යද්දී දෙගොල්ලෝ අතර සටනක් ඇවිළෙනවා. ගාඩියන්ස්ලගෙන් හදිසි කැඳවීමක් ලැබිලා රොබොට් / රූඩි එතනින් යනවා. එයාගෙන් පළිගන්න හිතාගෙන මෝලර් නිවුන්නු control collar එකක් දාලා ඉමෝර්ටල්ට පණ දෙනවා.
මේ අතරේ ඔම්නි-මෑන් සහ ඩෙබී අතර ඇවිළුණු රණ්ඩුවෙන් පස්සේ ගෙදරින් ගිය නෝලන් ආපහු එනවා මාර්ක්ට කතා කරන්න හිතාගෙන. ඒත් එයාට හොයාගන්න ලැබෙන්නේ GDA එකේ සෙබළු එයාගෙ ගෙදර ඉන්නවා කියලා. එයාලවත් මරලා ඩොනල්ඩ්ව පවා මරණ එයා ඊටපස්සේ යන්නේ ඉන්වින්සිබල්ව හොයාගෙනයි. සීසල්, එයාව නවත්තන්න එයාට පුළුවන් හැමදේම කරනවා. මැරිලා ආපහු පණගත්ත සොල්දාදුවෝ, ඩොලර් බිලියන 400ක් වියදම් කරල හදපු ප්‍රහාරක යානයක්, ඒ මොකකටවත් නෝලන්ව නවත්තන්න බෑ. අන්තිමට “හේල් මේරි” කියන කයිජු තමයි නෝලන්ව පොඩ්ඩකට හරි නතර කරන්න සමත් වෙන්නේ. ඒත් ඉන්වින්සිබල්ගේ උදව් ත් එක්ක නෝලන් ඌවත් පරද්දනවා.
එතකොට තමයි ආපහු පණ ආපු ඉමෝර්ටල් ඔම්නි-මෑන්ව හොයාගෙන එන්නේ. එතනදී ඔම්නි-මෑන් එයාගේ පුතා, මාර්ක් / ඉන්වින්සිබල් ඉස්සරහම brutal විදියට ඉමෝර්ටල්ව දෙකට ඉරලා දානවා. එපිසෝඩ් එක ඉවර වෙන්නේ “මොනවයින් මොනව වෙයිද?” කියන ප්‍රශ්නය ඉතුරු කරමින්.
අද එපිය ගැන එක වචනයක්වත් කියන්නේ නෑ. මේක නම් ස්පොයිල් නොකර බලන්න ඕන සුපිරි එපිසෝඩ් එකක්. එහෙනම් එපිය බලන්නකෝ. ඊළඟට අපි Atom Eve Special එකෙන් හමුවෙමු. පීස් ✌️.
Omni-Man: “WHAT WILL YOU HAVE AFTER FIVE HUNDRED YEARS?!”
Invincible: “You… Dad. I’d still have you.”
ඔම්නි-මෑන්: “අවුරුදු පන්සීයක් ගියාට පස්සේ ඔයාට කවුද ඉන්නේ?!”
ඉන්වින්සිබල්: “ඔයා… තාත්තේ. මට ඔයා ඉඳීවි.”
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,013 downloadsDownload Invincible-S01-E08-Sinhala-Subtitles-1.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Dmaxx
Anonymous
Atom Eve Special Episode ekata sub eka dila nane
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S01 : E08] Sinhala Subtitles | මොනවයින් මොනව වෙයිද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Invincible-S01-b.jpg)




Ela Ela.. Thank you wewa kollo. wadiya animation balenne na. a unata meke story eka niyamai. Season 2 1epi eka ada awa.. ekatath ikmanata Sub demu. Jaya wewa !!