Watch Trailer

Invincible [S01 : E04] Sinhala Subtitles | අඟහරු මෙහෙයුම… [සිංහල උපසිරසි]

Invincible [S01 : E04] Sinhala Subtitles මේ අපි හමුවෙන්නේ Invincible කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි එක්කයි. මේක නම් කරල තියෙන්නේ “Neil Armstrong, Eat Your Heart Out”. එහෙම නම් කරලා තියෙන්නේ මේ එපිසෝඩ් එකේ අපට ඉන්වින්සිබල් අඟහරුවලට යනවා බලාගන්න පුළුවන් වෙන නිසයි. පසුගිය කතාංගයෙන්… කලින…

Invincible  Sinhala Subtitles

Invincible Sinhala Subtitles

මේ අපි හමුවෙන්නේ Invincible කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි එක්කයි. මේක නම් කරල තියෙන්නේ “Neil Armstrong, Eat Your Heart Out”. එහෙම නම් කරලා තියෙන්නේ මේ එපිසෝඩ් එකේ අපට ඉන්වින්සිබල් අඟහරුවලට යනවා බලාගන්න පුළුවන් වෙන නිසයි.

පසුගිය කතාංගයෙන්…

කලින් කොටස පටන් ගත්තේ පරණ ගාඩියන්ස්ලගේ අවමඟුලින්. එතනදී සීසල්, රොබොට්ව අලුත් ගාඩියන්ස්ලගේ නායකයා විදියට පත් කළා. ඒවගේම එයාට අලුත් ගාඩියන්ස්ලා කණ්ඩායමකට සාමාජිකයන් තෝරගන්න පැවරුණා. ට්‍රයල්ස් වලින් පස්සේ අලුත් කණ්ඩායමේ සාමාජිකයන් තමයි රොබොට්, බ්ලැක් සැම්සන්, ෂ්‍රින්කින් රේ, ඩුප්ලි-කේට්, මන්ස්ටර් ගර්ල්, රෙක්ස්ප්ලෝඩ් සහ ඇටම් ඊට්. ඒත් රෙක්ස්ප්ලෝඩ් සහ ඊට් අතර වුණු විරසකේ හින්දා ඇටම් ඊව් කණ්ඩායමෙන් අයින් වෙනවා. ඒත් මේ තෝරගත්ත අලුත් ගාඩියන්ස්ලගේ කිසිම එකමුතුකමක් නැති බවත් අපි දැක්කා.

මේ අතරේ අපි දකිනවා සීසල්, ග්‍රේසන්ලා ගැන ඔත්තු බලන්න කණ්ඩායමක් යොදවලා තියෙන බව. මොකද සීසල්ට ඔම්නි-මෑන් ගැන සැකයක් ඇති වෙලා තියෙන නිසා. ඒත් ඒකේ තියෙන තව වාසියක් තමයි එයාට ඉන්වින්සිබල් ගැන ඇහැ ගහගෙන ඉන්න පුළුවන් එක. ඒ විදියට තමයි මාර්ක්, ඇම්බර් එක්ක පෙම් හමුවක ඉන්න වෙලාවේ සීසල් ඇවිත් එයාට ඩොක්ටර් සයිස්මික් එක්ක සටනකට යන්න කියලා කිව්වේ. ඔම්නි-මෑන් ජපානය හරියේ කයිජු කෙනෙක් එක්ක සටන් කරන නිසා වැඩේට යන්න ඉතුරු වෙලා හිටියේ ඉන්වින්සිබල් සහ ඇටම් ඊව් විතරයි.

එපිසෝඩ් එක අවසානයේ අපි දැක්කා කවුරුහරි කෙනෙක් මෝලර් නිවුන්නුන්ව හිරෙන් එළියට ගන්නවා. අන්තිමටම එළිවුණා ඒ වෙන කවුරුවත් නෙමෙයි රොබොට් කියලා. ඉතින් එයා මෙහෙම කරන්නේ මොන අරමුණකින්ද? ඒක ඉස්සරහට බලාගන්න ලැබේවි.

පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී ගාඩියන්ස්ලගේ මරණය ගැන හොයාබලන්න සීසල් පත් කරපු ඩේමියන් ඩාක්බ්ලඩ් කියන යක්ෂයා නෝලන්ගේ ගෙදරට යනවා. ගිහින් ඩෙබීට එයාට නෝලන් ගැන ඇති වුණු සැක සංකා කියනවා. නෝලන්ටත් මේක තේරුම් යන බව අපි දැක්කනේ.

කතාව එන්න එන්නම රසවත් වෙනවා. අද එපියෙන් තවත් හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන්. එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. සුබ දවසක්. පීස් ✌️.

Invincible Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,072 downloadsDownload Invincible-S01-E04-Sinhala-Subtitles-1.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

3,072 downloadsDownload Subtitles30 KB

11 comments

  1. dimthu

    sub eka wada nhne collo

    1. Sanupa Ranmeth

      ෆික්ස් කරා සහෝ.

  2. Anonymous

    Sub eka waradi. aye hadala danna

    1. Sanupa Ranmeth

      ෆික්ස් කරා සහෝ.

  3. supun

    mee subtitle eke avulak thiyenawa poddak balanna meka episode 1 eke subtitle eka anyway thanks for the effort

    1. Sanupa Ranmeth

      හරි සබ් එක දැම්මා සහෝ. සිදුවුණු අපහසුතාවය ගැන කණගාටුයි.

  4. Dmaxx

    Sub eka waradi hadala danna

    1. Sanupa Ranmeth

      හරි සබ් එක දැම්මා සහෝ. සිදුවුණු අපහසුතාවය ගැන කණගාටුයි.

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Krishani

    Thank you