Watch Trailer

Invincible [S01 : E05] Sinhala Subtitles | මැෂීන් හෙඩ් සමඟ සටනට… [සිංහල උපසිරසි]

Invincible [S01 : E05] Sinhala Subtitles මේ ආවේ Invincible පස්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙනයි. අද එපිය නම් කරලා තියෙන්නේ “That Actually Hurt” කියලයි. මේක නම් බලන්නම ඕන එපිසෝඩ් එකක්. විශේෂයෙන්ම එපියේ අවසානය. පසුගිය කොටසින්… කලින් එපිසෝඩ් එකේ අපි දැක්කා නෝලන් සහ ඩෙබී අතර ආතතිය වැඩි වෙන හැටි. ඩ…

Invincible  Sinhala Subtitles

Invincible Sinhala Subtitles

මේ ආවේ Invincible පස්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙනයි. අද එපිය නම් කරලා තියෙන්නේ “That Actually Hurt” කියලයි. මේක නම් බලන්නම ඕන එපිසෝඩ් එකක්. විශේෂයෙන්ම එපියේ අවසානය.

පසුගිය කොටසින්…

කලින් එපිසෝඩ් එකේ අපි දැක්කා නෝලන් සහ ඩෙබී අතර ආතතිය වැඩි වෙන හැටි. ඩෙබීටත් දැන් නෝලන් ගැන සැක හිතිලා ඩාක්බ්ලඩ් ගේ කතා විශ්වාස කරන්න අරගෙනයි තියෙන්නේ. ඒවගේම නෝලනුත් පුළුවන් තරම් උත්සහ කරන්නේ එයාගේ බිරිඳගේ විශ්වාසය ආපහු ගන්නයි.
එක මෝලර් කෙනෙක්ව අනිත් මෝලර් විසින් මැරුවට පස්සේ, අපි දැක්කා ඉතුරු වෙලා ඉන්න මෝලර් නිවුන්නා අලුතින් ක්ලෝන් එකක් හදන හැටි. ඒ අතරේ අලුත් ගාඩියන්ස්ලා පරණ ගාඩියන්ස්ලගේ මූලස්ථානයට ගියා.

ඒත් එපිසෝඩ් එකේ සිද්ධවුණ වැදගත්ම සිදුවීම තමයි ඉන්වින්සිබල්ගේ අඟහරු මෙහෙයුම. අඟහරුවල ප්‍රථම මිනිස් මෙහෙයුම හරියට වෙනවද කියල බලන්න තමයි ඉන්වින්සිබල්ව යවන්නේ. ඒත් එයාටත් නොදැනී අඟහරුවල අධිරාජ්‍යයා මිනිස්සු ටික පැහැරගෙන මරන්නයි ලෑස්තිය. ඒ මොකද කියනවා නම් අඟහරුවල ඉන්න සෙක්විඩ්ස්ලා කියන ලෝක ආක්‍රමණය කරන සත්වයෝ මිනිහෙක් එක්ක සම්බන්ධ වුණෝතින් එයාලා අඟහරු විතරක් නෙමෙයි, පෘථිවියත් ආක්‍රමණය කරන්න පුළුවන් නිසා. කොහොම නමුත් ඉන්වින්සිබල් ගගනගාමීන් ටික ආපහු ආරක්ෂිතව පෘථිවියට ගේන්න සමත් වෙනවා. ඒත් අපි දකිනවා සෙක්විඩ් කෙනෙක් ඒ එක ගගනගාමියෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙන බව. ඒ කියන්නේ අඟහරු ජීවියෙක් ගගනගාමියෙක් විදියට වෙස් වළා ගෙන පෘථිවියට ඇවිල්ලා තියෙනවා.

ඒවගේම සීසල්, ඩෙමියන් ඩාක්බ්ලඩ්ව ආපහු අපායට යැව්වා මතක ඇති නේ. ඒ, එයාට නෝලන් සැකයි කියලා නෝලන්ට ඉව වැටෙන එක නතර කරගන්නයි. ඒවගේම එපිසෝඩ් එක අවසානයේදී අපි දැක්කා රොබොට්, රෙක්ස්ප්ලෝඩ්ගෙන් ගත්ත ලේ සාම්පලයක් එයාගේ ස්වාමියා වෙත අරන් යන හැටි. ඉතින් මොකක්ද මේ රොබොට්ගේ රහස?

එහෙනම් අද එපිය බලන්නකෝ. හෙට හයවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

Invincible Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,941 downloadsDownload Invincible-S01-E05-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

2,941 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.