Jujutsu Kaisen [S02 : E14] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 14 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි නවවෙනි කොටස සම…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 14 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි නවවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
මීළඟට අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ගෝජෝ සතෝරුව බේරා ගැනීමේ අරමුණින් එන ඉතදොරි යූජිට curse womb කෙනෙක් වුනු චෝසෝව මුණ ගැහෙනවා. තමන්ගෙ සහෝදරයන් වෙනුවෙන් පළිගන්න දෙපාරක් නොහිතන චෝසෝ, තමන්ගෙ රුධිර හැසිරවීමේ ශිල්පයන් මුදා හරිමින් යූජිට පහර දීම අරඹනවා. මේ පහරවල් වලින් යූජිට බේරෙන්න නම් කිසිම අවස්ථාවක් ලැබෙන්නෙ නම් නෑ..අවසානයෙදි මේ චෝසෝ vs යූජි සටනින් යූජි පරාජයට පත් වෙලා චෝසෝ අතින් අවසාන පහර ලබාගන්න ඔන්න මෙන්න තියෙද්දිම යම් මතකයන් පෙළක් චෝසෝගේ මනසට ගලාගෙන එනවා. මේ නිසා මේ අවසන් කිරීමේ පහර වදින්නෙ වෙන පැත්තකට. වෙන දේ හිතාගන්නත් බැරුව කම්පන සහගතව චෝසෝ එතනින් යනවා. මේක වෙද්දි යූජි දරුණු තුවාල එක්ක සිහි මුර්ජා වෙලා ඉන්නවා. මෙතෙක් සම්පූර්ණ කොටසක් පුරාවට සටනක් දකින්න ලැබුනා නම් ඒ මේ සටන විතරයි. ඒ වගේම මිනිත්තු 23 ක් පුරාවට ගිය මේ සටන හැම අතින්ම perfect මට්ටමේ තිබුනු සටනක් කිව්වොත් නිවැරදියි.
මේ අලුත් කොටසෙදි දකින්න ලැබෙන්නෙත් සටන් කිහිපයක්ම තමයි. එකක් කලින් ඇරඹුණු මෙයි මෙයි සහ ගෙතෝ මුදා හැරපු ශාපලත් ආත්මය අතර ඇරඹුණු සටන. අනිත් සටන අලුතෙන්ම ඇරඹෙන සටනක්. ඒ සටනට සහභාගි වෙන්නෙ සෙනින් වංශයේ දෙන්නෙක් එක්ක නනාමි කෙන්ටෝ. මේ තුන් දෙනාට එරෙහිව සටන් වදින්නේ ගෙතෝ සුගුරුගේ කණ්ඩායමේ තවත් කෙනෙක්. අපි කලින් කිසිම තැනක සටනකින් නොදැකපු කෙනෙක්. කවුද ඒ ප්‍රතිවාදියා? මේ සටන මොන විදිහෙ සටනක් වේවිද? මේකත් අලුත්ම curse technique එක්ක යන සටනක්. නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දසවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 15 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Fructuations
Air Date : 2023.10.26
Runtime : 24 min.
IMDB Rating : 8.9
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,861 downloadsDownload Jujutsu.Kaisen.S02E14.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Dilshan buddika
Akila Dilhara
Thanks Brother...❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E14] Sinhala Subtitles | නගරයත් සමුදුරත් අතර… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




සුපිරි ❤️