Invincible [S02 : E05] Sinhala Subtitles මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ එපිය ගේන්න සිදුවුණු ප්‍රමාදය ගැන. මේ එපිසෝඩ් එක නිකුත්වුණේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. ඉරිදා වෙනකොට උපසිරසි ගේන්න උපරිම උත්සහ කළත් විභාග කටයුතු වගයක් අස්සේ මේක ඉවර කරගන්න බැරි වුණා. ඒ වැඩේ ඉවර වුණු නිසා 06 වෙනි එපිසෝඩ් එක…

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ එපිය ගේන්න සිදුවුණු ප්‍රමාදය ගැන. මේ එපිසෝඩ් එක නිකුත්වුණේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. ඉරිදා වෙනකොට උපසිරසි ගේන්න උපරිම උත්සහ කළත් විභාග කටයුතු වගයක් අස්සේ මේක ඉවර කරගන්න බැරි වුණා. ඒ වැඩේ ඉවර වුණු නිසා 06 වෙනි එපිසෝඩ් එක මෙච්චර ප්‍රමාදයක් නැතුව ඉක්මනින්ම ගේන්න පුළුවන් වේවි.
Invincible සීරිස් එක සම්බන්ධව ඇමේසන්ලාගේ release schedule එක නම් අන්තිමයි කියලාම ලිපිය පටන්ගන්නම්කෝ. සීසන් එකේ මුල් එපිසෝඩ් 4 නිකුත් කරලා මාස 4කට පස්සේ තමයි ඉතුරු එපිසෝඩ් 4 නිකුත් කරන්නේ. වැඩේ කියන්නේ, මේක කරන්න කිසිම හේතුවක් තිබුණේ නෑ, මොකද මේ එපිසෝඩ් ඒ වෙනකොටත් සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරලයි තිබිලා තියෙන්නේ. ඉතින් එයාලට ඕනෙ නම් මේ එපිසෝඩ් 4ත් රිලීස් කරන්න තිබුණා. ඒත් එහෙම නොකර මාස 4ක් බලන් හිටිය එකෙන් වුණේ සීරිස් එකට තිබුණු හයිප් එක නැතිවෙලා ගියපු එක විතරයි.
කලින් එපිසෝඩ් 4 සිද්ධවුණු දේවල් අමතක වෙලා තිබුණොත් ඒක පුදුමයක් නෙමෙයි. එහෙනම් අපි කෙටියන් ඒ ටික මතක් කරගෙනම ඉමුකෝ.
Episode 1: “A Lesson for Your Next Life”
- නෝලන් එක්ක කලින් සීසන් එකේ කරපු සටනෙන් හොඳටම ෂොක් වෙලා හිටපු මාර්ක්, සීසල් යටතේ ආපහු සුපිරිවීර ගේම් එකට අවතීර්ණ වුණා.
- “පෘථිවියේ ආරක්ෂකයන්ගේ” අලුත් නායකයා විදියට ඉමෝර්ටල් පත් වුණා.
- ඩොනල්ඩ් පණපිටින් බව අපට හොයාගන්න ලැබුණා.
- මල්ටිවර්ස් එකට හොඳක් කරන්න ගියපු ඇන්ස්ට්‍රම් ලීවායි දුෂ්ටයෙක් බවට පත් වුණා.
Episode 2: “In About Six Hours, I Lose My Virginity to a Fish”
- ෂේප්ස්මිත් කියන අලුත් වීරයාව අපට හඳුන්වලා දුන්නා. පළමු සීසන් එකේ ගගනගාමීන් 4 දෙනෙක් අඟහරු වල ඉඳන් එනකොට, ඒ ගගනගාමියෙක් විදියට වෙස්වළගෙන ආව අඟහරු වැසියෙක් තමයි ෂේපස්මිත් කියන්නේ.
- ෂේපස්මිත් “පෘථිවියේ ආරක්ෂකයෙක්” වුණා.
- ලිසාඩ් ලීග් එකේ නායකයාව මරලා “කින්ග් ලිසාඩ්” ඒකේ රජ වුණා.
- ඇන්ග්ස්ට්‍රම් ලීවායි වෙනත් විශ්වයක ඉන්වින්සිබල් කෙනෙක්ව දාලා ගියා.
Episode 3: “This Missive This Machination”
- මාර්ක් ග්‍රේසන් කොලේජ් ගියා.
- ඇලන් ගැන සහ ඇලන්ගේ ලෝකය ගැන හුඟක් විස්තර අපට හොයාගන්න ලැබුණා.
- විල්ටෘමයිට්ලා ඇලන්ව මැරුවා. සහ අන්තිමේදී තැඩියස් ඇලන්ගේ ජීවිතය බේරගන්න තිබුණු මැෂින් එක ක්‍රියාවිරහිත කළා.
- ත්‍රැක්සන්ලා ඇවිත් ඉන්වින්සිබල්ව එයාලගේ ලෝකයට එක්කගෙන ගියා. එහේදී එයාට ආපහු එයාගේ තාත්තා වන නෝලන් ග්‍රේස් හෙවත් ඔම්නි-මෑන්ව හම්බුණා.
Episode 4: “It’s Been a While”
- ඔම්නි-මෑන් ත්‍රැක්සන් වල එයා ගොඩනගා ගත්ත අලුත් ජීවිතයත්, ඉන්වින්සිබල්ගේ මල්ලිවත්, තමන්ට තමන්ගේ වැඩ ගැන ලැජ්ජා හිතුණු හැටිත් එළිකරනවා.
- විල්ටෘමයිට්ලා ත්‍රැක්සන් වලට පහර දෙනවා. නෝලන් සහ ඉන්වින්සිබල් එයාලත් එක්ක සටන් කරනවා. නමුත් එයාලට දිනන්න පුළුවන් වෙන්නේ නෑ.
- නෝලන්ව විල්ටෘමයිට්ලා මරන්න අරගෙන යනවා. විල්ටෘමයිට් අධිරාජ්‍යය වෙනුවෙන් පෘථිවිය ලෑස්ති කිරීමේ මෙහෙයුම මාර්ක්ගේ පිටට පැවරෙනවා.
ඔන්න ඔය ටික තමයි කලින් එපිසෝඩ්වල සිද්ධවුණු වැදගත්ම සිදුවීම් ටික. එහෙනම්, 5 වෙනි එපිය බලන්නකෝ. 6 වෙනි එපියේ උපසිරසි ඉක්මනින්ම අරගෙන එන පොරොන්දුව මත අදට සමුගන්නම් එහෙනම්. පීස් ✌️.
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,971 downloadsDownload Invincible-S01-E05-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Nishan S Ariyarathna
sithum
elama sago!
Dilshan
X man 97 ekatath denna.kawuruth deela na thama.
zoro
ambo finally, thank u very much bro . puluvannam x men ithuru season 2 ta sub denna
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S02 : E05] Sinhala Subtitles | ඉන්වින්සිබල්ගේ පුනරාගමනය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/INVINCIBLE-SEASON-02-02.jpg)



X men 97 අලුත් එකට sub දෙන්නකෝ ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿