Watch Trailer

Invincible [S02 : E04] Sinhala Subtitles | පිය පුතු හමුව… [සිංහල උපසිරසි]

Invincible [S02 : E04] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? හොඳින් ඇති කියලා හිතනවා. පොඩි ප්‍රමාදයක් සහිතව නමුත් මේ අරන් ආවේ Invincible දෙවෙනි කතා මාලාවේ හතරවෙනි කොටසේ සිංහල උපසිරසියයි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “It’s been a while” කියලා. තුන්වෙනි එපිසෝඩ් එක බැලුවා නම් ඒකට හේතුව තේරුම් ගන්න…

Invincible Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම? හොඳින් ඇති කියලා හිතනවා. පොඩි ප්‍රමාදයක් සහිතව නමුත් මේ අරන් ආවේ Invincible දෙවෙනි කතා මාලාවේ හතරවෙනි කොටසේ සිංහල උපසිරසියයි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “It’s been a while” කියලා. තුන්වෙනි එපිසෝඩ් එක බැලුවා නම් ඒකට හේතුව තේරුම් ගන්න පුළුවන් ඇති නේ.

පසුගිය කොටසින්…

තුන්වෙනි එපිසෝඩ් එක Invincible කතා මාලාවේ… සුවිශේෂ එපිසෝඩ් එකක් විදියට හඳුන්වමුකෝ. මෙතෙක් වෙනකන් ඉන්වින්සිබල් එපිසෝඩ්වල තිබුණ සම්ප්‍රදායන් ඒකෙන් වෙනස් වුණු බව කිව්වහැකි.

තුන්වෙනි එපිසෝඩ් එක ප්‍රධාන කොටස් දෙකකට කැඩිලා තිබුණනේ. මුල්ම කොටස වෙන් වෙලා තිබුණේ Allen the Alien ටයි. ඒකෙදී අපට හොයාගන්න ලැබුණා එයා ඉන්න ග්‍රහලෝකය, එයාලගේ origin එක සහ Coalition of Planets හෙවත් ග්‍රහලෝක සමගි සන්ධානය මොන වගේද කියලා. ඒවගේම ඒකෙන් අපිව “තේඩස්” හෙවත් ග්‍රහලෝක සමගි සන්ධානයේ නායකයාටත් හඳුන්වලා දුන්නා. සමගි සන්ධානය ඇතුළේ ඉන්න ඔත්තුකාරයා දීපු තොරතුරුවලට අනුව මේ Invincible සහ Omni-Man ගැන තොරතුරු හොයාගෙන විල්ටෘමයිට්ලා ඇලන් පස්සෙන් ආව හැටි මතක ඇති නේ. එයාලා ඇලන්ව මරන්න හැදුවත් ඒක හරි ගියේ නෑ. අන්තිමට තේඩස්ම බොහොම සැකසහිත විදියට ඇලන්ව මැරෙන්න තියලා ගියා.

එතන ඉඳන් තියෙන්නේ තනිකර Post-credit scene එකක් කියලා කියන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක තමයි දැනට ලෝකේ දිගින් වැඩිම post-credit scene එක. කොහොමහරි, ඒකෙදී අපට හොයාගන්න පුළුවන් වුණේ අභ්‍යවකාශේ ඈත කෙළවරක මේ වගේ දේවල් වෙනකොට, මේ කෙළවරේ තියෙන පෘථිවියේ වෙන දේවල්. ඩෙබී ගිහින් මාර්ක්ව කොලේජ් එකට ඇතුළත් කළා. විශ්වවිද්‍යාලයේ පළවෙනි ක්ලාස් එකට යන්නත් කලින් ත්‍රැක්සා කියන ග්‍රහලෝකයෙන් ආව ජීවියෙකුගේ ඉල්ලීම මත එයාලට උදව් කරන්න මාර්ක්ට අභ්‍යවකාශයට යන්න වුණා. ඒ අතරේ නෝලන් දාලා ගියපු එකෙන් ඩෙබීට ඇති වෙලා තියෙන මානසික බලපෑම සහ එයා අවට පරිසරයෙන් ඒක එන්න එන්න වැඩි වෙන ආකාරයත් අපට ඉතාම හොඳින් කලින් එපිසෝඩ් එකේදී පෙන්නලා දුන්නා.

එපිසෝඩ් එක අවසාන වුණේ මාර්ක් ත්‍රැක්සා ග්‍රහලෝකයට යන එකෙන්. එතනදී එයාට හොයාගන්න ලැබෙනවා ත්‍රැක්සාවල රජතුමා වෙන කවුරුවත් නෙමෙයි එයාගේ තාත්තා හෙවත් ඔම්නි-මෑන් බව. ඉතින් පිය පුතු හමුවෙදී මොකක් වෙයිද? එයාලා ආපහු සටන් කරාවිද? ඇයි නෝලන් මාර්ක්ව ගෙන්නගත්තේ? මේ වගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ එපිය බලන්නකෝ.

එහෙම නම්, මේ අවුරුද්දට රිලීස් වෙන්නේ මෙච්චරයි. එපිසෝඩ් 5 සිට 8 දක්වා amazon prime හරහා රිලීස් වෙන්නේ 2024 වසරේ දී යි. තාම එයාලා හරියටම දිනයක් නම් කියලා නැහැ. නමුත් මාස කීපෙකින් පස්සේ එනවා කියල තමයි දැනට කියලා තියෙන්නේ. දෙවෙනි සීසන් එක එනකන් අවුරුදු දෙකක් බලන් ඉඳලා දැන් දෙවෙනි සීසන් එකෙත් බාගයක් එනකන් මාස කීපයක් බලන් ඉන්නව කිව්වම එපා වෙනවා තමයි. ඒත් ඉතින් මොනව කරන්නද?

එහෙනම්, තවත් උපසිරසියකින් ආයෙ දවසක මුණගැහෙමු. ගිහින් එන්නම්. පීස් ✌️.

Invincible Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,741 downloadsDownload Invincible-S02-E04-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

4,741 downloadsDownload Subtitles22 KB

11 comments

  1. viraj

    thanks...............

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සනුප මලේ.
    මිඩ් සීසන් බ්‍රේක් එකත් ඉවසන්න එපයි දැන්. :(

  3. tharidhu

    Thanks

  4. Vishwa Dhanushka

    Thanks for subtitles malle❤️

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  6. Gee

    Epi 5 walatath sub denna broooo

  7. sithum

    episode 5 ona sago

  8. zoro

    episode 5 oneeeee

    1. Sanupa Ranmeth

      හෙට දෙනවා සහෝ.

  9. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P