Watch Trailer

Invincible [S03 : E02] Sinhala Subtitles | “මිනිස්සු වෙනස් වෙනවා” [සිංහල උපසිරසි]

Invincible [S03 : E01] Sinhala Subtitles Invincible රසික ප්‍රජාව සාදරයෙන් පිළිගන්නවා. ටිකක් පරක්කු වුණා මේ එපියට සබ් එක ගේනකොට. මේ අරගෙන ආවේ Invincible තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාංගයේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නෙ “A Deal with the Devil” කියලයි. ඒ ඇයි කියලා වැඩි වෙලාවක් යන්න කලින…

 

Invincible Sinhala Subtitles

Invincible රසික ප්‍රජාව සාදරයෙන් පිළිගන්නවා. ටිකක් පරක්කු වුණා මේ එපියට සබ් එක ගේනකොට. මේ අරගෙන ආවේ Invincible තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාංගයේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නෙ “A Deal with the Devil” කියලයි. ඒ ඇයි කියලා වැඩි වෙලාවක් යන්න කලින් බලාගන්න පුළුවන් වෙයි.

පසුගිය කතාංගයෙන්…

එපිසෝඩ් එක පටන් ගන්නකොට අපි දැක්කා සීසල් මාර්ක්ව පුහුණු කරන්න අරගෙන තියෙනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මාස තුනක් ඇතුළත මාර්ක්ගේ වේගය 65%කිනුත්, දරාගැනීමේ හැකියාව 70%කිනුත්, ශක්තිය 138%කිනුත් වැඩි වෙලා තියෙනවා. ඒවගේම මාර්ක්ගේ මල්ලී (අර්ධ-සහෝදරයා) වන ඔලිවර්ටත් පොඩි කාලෙදිම එයාගේ බලයන් හම්බවුණා. ඉතින් දැන් මාර්ක්ට එයා ගැන හොයල බලන්නත් වෙනවා.

දෙවෙනි සීසන් එකේ අනාගතයෙන් ආව ඊව් කිව්ව කතාව ඇහුවට පස්සේ මාර්ක් ගිහින් අපේ ඊව්ගෙන් කැමැත්ත අහනවා. ඒත් සුපුරුදු මාර්ක් ග්‍රේසන් තාලෙටම, මිනිහා වැඩේ අනාගන්නවා. වාසනාවකට වගේ තත්වේ තව දරුණු වෙන්න කලින් සීසල්ගෙන් ඇමතුමක් වෙනවා එයා සහ ඇටම් ඊව් ඇරෙන්න අනිත් සුපිරිවීරයෝ හැමෝවම ඩොක් සයිස්මික්ට යටත් වෙලා කියලා. මාර්ක් කොච්චර ශක්තිමත් වෙලා තිබුණත් එයාත් ඩොක් සයිස්මික්ට පරාද වෙනවා.

අන්තිම මොහොතේ කරන්න දෙයක් නැති තැන සීසල් D. A. සින්ක්ලෙයාට කියලා හදවපු රීඇනිමෙන්ලව නිදහස් කරනවා. අපි පළවෙනි සීසන් එක අවසානයේ දැක්කනේ සීසල් රීඇනිමෙන් හමුදාවක් හදනවා. ඒවගේම ඩාක්වින්ග්වත් නිදහස් කරනවා. එයාලා ඩොක් සයිස්මික් ළඟ හිරවෙලා හිටිය සුපිරි වීරයින්ව නිදහස් කළාට ඉන්වින්සිබල් නම් මේකට හොඳ හිතක් පෙන්නන්නේ නෑ. එයා සීසල් එක්ක මේක බේරගන්න පෙන්ටගන් එකට කඩා වදිනවා.

එපිසෝඩ් එක අන්තිමට අපට එළි කරනවා White Room එක සීසල් ගේ ආරක්ෂාවට හදපු එක්ක බවත්, ඒ ආරක්ෂා වෙන්න හදන්නේ මාර්ක් ගෙන් බවත්, රීඇනිමෙන් හමුදාවක් මාර්ක්ව වට කරලා තියෙන බවත්. ඉතින් මේ එපිසෝඩ් එකෙන් මොකක් වෙයිද? “යක්ෂයා සමඟ ගනුදෙනුව” කොයි විදියකට ඉවර වෙයිද? මේ එපිසෝඩ් එක බලලම හොයාගන්නකෝ.

පුළුවන් තරම් ඉක්මනින් තුන්වෙනි සහ හතරවෙනි එපිසෝඩ්වල උපසිරසිත් ගේන්නම්. එතකන්, පීස් ✌️.

Invincible Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,581 downloadsDownload Invincible-S03-E02-Sinhala-Subtitles-1.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Previous BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

1,581 downloadsDownload Subtitles27 KB

27 comments

  1. sithum Nimesha

    elama

  2. Anonymous

    Ko ithuru episode tika

  3. Anonymous

    Ko anith episode tika

  4. Keshan

    ස්තුතියි සනුප මල්ල. ඉතුරු ටිකටත් සබ් ටික ඕන.

  5. Anonymous

    please ithuru episode tikatath sub gennako

  6. Anonymous

    Invincible S03 okkoma episoad wala sinhala sub dennako

    1. Ranjana

      S3 ඉතුරු Subtitles එක දෙන්නො.

  7. Pramud Viduranga

    dan nam welawa hari bosa ithuru sub tika denna :)

    1. Anonymous

      Mcn plz ithuru tikakath sub denna

  8. Anonymous

    Mcn plz ithuru sub tika

  9. LamiYa

    Ithuru tiktath ikmnta sub gahamu ne.

  10. Anonymous

    මචං ඉතුරු එපිසෝඩ් වලටත් සබ් දෙන්නකො

  11. Amila Prabodha Kaushalya

    මේකේ ඉතුරු ටිකේ සබ් දෙන්නැද්ද බන්

  12. Rakshitha Herath

    අඩෝ ඇය් මචං දැන් ගොඩක් Sub බාගෙට දෙන්නේ......Spider Man, DareDevil එකේත් නෑ..මොකෝ සීන් එක.....

  13. Anonymous

    ado bageta sub denwanm aye sub krnna epa bn. bagayak sub ekka balala ituru tika witrak sub natuwa balanna bari nisa api balan innwa.

  14. naveen thilanka

    Ko ithuru tika kollo. pissu wage dannan. ubata wada wadinan kata hri bara deepanko mcn. uba nisa hena set ekakta invinsible epa wela atte.

  15. Akila

    බං උබට මේක කරන්න බැරි නම් බාර ගන්න එපා.. අඩුම ගානෙ වෙන එකෙක්ට හරි සබ් එක කරන්න දීපන්...රෙද්ද

    1. විමා - Admin

      එහෙම බාරගෙන කරන්න උන් නැහැ මචං. එහෙම ඉන්නවනම් මෙලහට වෙන කෙනෙක පවරලා. කොල්ලා උසස් අධ්‍යාපනය හදාරන ගමන් මේ දේවල් කරන්නේ. මේ ටිකේ සැහෙන බිසී වෙලා ඉන්නේ. ඉතුරු ටික දෙන්න පරක්කු වුනත් ඒ ටික අනිවාර්යෙන්ම ලැබේවි. පොඩ්ඩක් ඉවසල ඉඳපන් ඉතිං, මැරෙන්නෙ නැහැනේ බන් මේක බලන්න පරක්කු වුණා කියල.

  16. Dilsara

    මේකෙ ඉතුරු ටිකත් ගේමුකො සහෝ

  17. Dasun

    අනේ මේකේ ඉතුරු ටිකත් ගේන්නකෝ මචං

  18. Anonymous

    ado methanin nawaththanna epa machan ituru tikatath gennako

  19. Dinuka

    මල්ලි ඉතුරු ටිකත් දාපන්කො බන් විබාගෙ කරල ඉවර නම්

  20. deemal madushan

    ITIRI SUB TIKATH DANNA BOYS

  21. Lahiru Sandaruwan

    ado ai meke ithuru episode tika thama natte..wena kauru hariwath meke ithuru tika dennako

  22. Chamod

    Machan oyata exam nam wena kenekta hari kiyanna sub eka hadala danna kiyala... magin nawattanna epa

  23. Anonymous

    Meke ithuru tika denne nadda

  24. Pasidu

    Meka ithuru tika dan nedda bro