Invincible season 04 Sinhala Subtitles පලවෙනි සීසන් එකේ ඉඳලා අඛණ්ඩව නොකඩවා සුපිරි ගොඩනැගීමක් එක්කම සීසන් 4 ක් දක්වා අතිසාර්ථකව නිකුත් වූ Invincible හි හතරවෙනි සීසන් එකේ අවසානය සනිටුහන් කරන්නයි මේ සැරසෙන්නෙ. අවසානය කියල මං සඳහන් කළේ හතරවෙනි සීසන් එකෙ අවසානය මිසක Invincible සීරිස් එකේම අවසානය නෙවෙයි,…

Invincible season 04 Sinhala Subtitles
පලවෙනි සීසන් එකේ ඉඳලා අඛණ්ඩව නොකඩවා සුපිරි ගොඩනැගීමක් එක්කම සීසන් 4 ක් දක්වා අතිසාර්ථකව නිකුත් වූ Invincible හි හතරවෙනි සීසන් එකේ අවසානය සනිටුහන් කරන්නයි මේ සැරසෙන්නෙ. අවසානය කියල මං සඳහන් කළේ හතරවෙනි සීසන් එකෙ අවසානය මිසක Invincible සීරිස් එකේම අවසානය නෙවෙයි, මොකද මේ වෙද්දි සීසන් 5 නිල වශයෙන් නිර්මාණය වන බව තහවුරු කරලා තියෙන්නෙ. ඒ හින්දා හිත නරක් කරගන්න ඕන නැහැ. සීසන් 5 නිකුත් වෙන්නෙ 2027 වසරට. ඉතිං හිත හදාගෙන ඉවසගෙන ඉන්න තමා තියෙන්නෙ. Invincible S04 Sinhala Subtitles කලින් කොටස IMDb 9.4 ක අගයක් ලබාගෙන අති දැවැන්ත මුහුණුවරකින් පසුව මේ කොටසට IMDb 9.2 ක අගයක් ලැබිලා තියෙනවා මේ වෙද්දි. ඉතිං අද කොටස බලන්න යන්න කලින් කලින් කොටස් වල සිදුවීම් ටික සරලව මතක් කරගෙන ඉමු. Invincible S04 Sinhala Subtitles කතාව සරලව කෙටියෙන්: විල්ට්‍රම් ග්‍රහලෝකයේදි බිට්‍රේය නොහොත් ද්‍රෝහියා ලෙසින් නම් ලද තේඩස් විසින්, විල්ට්‍රමයිට් වරුන්ගෙ නොමනා කෲරත්වය පිරි වැඩ පිළිවෙල වල් ඔස්සෙ නොසතුටු වී තමන්ද විල්ට්‍රමයිට් වරයෙක් බව අමතක කරමින්, ඒ වන විට පාලනය කළ ආගල් අධිරාජ්‍යයාව නොසිතනා මොහොතක පිටුපසින් පැමිණ ඒ ඔහුව ඝාතනය කරන්නෙ, තම වර්ගයාගෙ නායකයා මිය ගිය පසු ඔවුනට කිසිඳු අරමුණක් විරහිත වූවන් වේවි යැයි චේතනාව මතයි. නමුත් ඔහුගේ එම සිතුවිල්ල නිෂ්ප්‍රභා වෙන්නෙ ආගල් අධිරාජ්‍යයාගෙන් පසුව ග්‍රෑන්ඩ් රීජන්ට් ලෙසින් ත්‍රෑග් රජකම් කීමෙන් පසුවයි. විල්‍ට්‍රමයිට් වරුන්ගෙ අඛණ්ඩව ව්‍යාප්ත කරන කෲරත්වයේ කෙළවරක් සොයන තේඩස් ඔහු විසින්ම විල්ට්‍රමයිට් අධිරාජ්‍යයම විශ්වයෙන් අතුගා දාන්නට ‘ස්කෝජ්’ නම් වෛරසයක් නිර්මාණය කරනවා. එහි අවසානයේ බිලියන ගණනක විල්ට්‍රමයිට් වරුන්ගෙ ජන හාරයකින් පසුව, විශ්වයටම ඉතුරු වන්නෙ විල්ට්‍රමයිට් වරු 50 ක් වගේ පිරිසක්. මුළු විශ්වයේම ග්‍රහලෝක වල සංධානයන් එකතු කරගනිමින් තේඩස් විසින් ‘කෝලිෂන් ඔෆ් ප්ලැන්ට්’ හෙවත් ග්‍රහලෝක සංධානය නම් වෙනම විල්ට්‍රමයිට් වරුන්ට එරෙහිව සංවිධානයක් පිහිටුවනවා. පසුව ත්‍රෑග්ගෙ නායකත්වය දරන විල්ට්‍රමයිට් වරුන්ගෙ හමුදාවට එරෙහිව සිදුවන යුද්ධයට නෝලන් පවා එකතු වන්නෙ, ඔහුගේ පුතුන් දෙදෙනා වන මාක් සහ ඔලිවත් පෘථීවිය පවා ආරක්ෂා කරගත යුතුයි යන අරමුණ ඇතිවයි. කොන්කුවෙස්ට්ගෙ නැවත හමුවෙන් අනතුරුව මාක් ඔහු සමඟ කරට කර ගැටෙමින් අවසානයේ දැඩි ලෙස තුවාල ලබන්නෙ කොන්කුවෙස්ට්ගේ දෑස් සදහටම පියවමින්. කාලයක් වෙනම සෙසු ග්‍රහලෝකයක සැඟවී මාක්ට සුව වෙන තුරු නෝලන් ඔලිවත් සමඟම කල් ගෙවන්නෙ, ඔලිවට අහිමිව ගිය පිය සෙනෙහස ද නැවත ලබාදෙන කාල වකවානුවක් නිර්මාණය කරමින්. මාක්ගෙ සුව වීමෙන් පසුව නැවත නෝලන්, මාක් සහ ඔලිව කෝලිෂන් ඔෆ් ප්ලැන්ට් එකට නැවත පිවිසෙන්නෙ යුද්ධයට සහභාගි වෙමින්. කෝලිෂන් ඔෆ් ප්ලැන්ට් එක තුළ සිටින ද්‍රෝහියෙකු මාර්ගයෙන් ත්‍රෑග් මොවුන්ගෙ ග්‍රහලෝකයට එකවරම පහර දෙන්නෙ නොහිතනා මොහොතකයි. සියල්ලන්ගේම එකමුතුව හමුවේ ත්‍රෑග් ඇතුළු කණ්ඩායමේ යානය විනාශ කරන්නෙ ත්‍රෑග් ඇතුළු ඉතුරු විල්ට්‍රමයිට් වරුන්ව නැවත විල්ට්‍රම් ග්‍රහලොවට පන්නා දමමින්. දිනුමක පේන මානයේ සිටින බව වටහා ගන්නා තේඩස් තම පිරිසවත් රැගෙන විල්ට්‍රම් වෙත යන්නෙ නොහිතනා අන්දමේ ප්‍රතිප්‍රහාරයක් දියත් කරන්නයි. අවසානයේදී ත්‍රෑග් සමඟ ඔවුනට හැරෙන්නට වත් බැරි බව නෝලන්, තේඩස් හා මාක් ව එක්ව විල්ට්‍රම් ග්‍රහලෝකය සුණුවිසුණු කර දමන්නෙ ත්‍රෑග්ව තවත් යක්ෂාවේශ කරමින්. එහි ප්‍රතිපලය වන්නෙ තේඩස්ගෙ හිස හැරෙන මත්තෙන් ත්‍රෑග් විසින් දෙකඩ කිරීමෙන් අනතුරුවයි. Invincible S04 Sinhala Subtitles ඉතිං ඔන්න සරලව කතාව පැහැදිලි කළා. ඔය ටිකත් ලාවට මතක් කරගෙනම සීසන් 4 අවසන් කොටසත් බලන්න ඔයාලට ආරාධනා කරනවා. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. Invincible S04 Sinhala Subtitles හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
698 downloadsDownload Invincible-S04E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Kusal Vishwajith
Sanjaya Asiri
Thank You ❤️
Anonymous
තමන්ගෙ වටිනා කාලය කැප කරගෙන අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට බොහොම පින් සහෝ! ♥️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Waited.......Thank you for the sub!