Watch Trailer

Invincible [S04 : E07] Sinhala Subtitles | හදිස්සි වෙලා මොකුත් කරන්න එපා [සිංහල උපසිරසි]

Invincible season 04 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ. මං දැනට බලපු සීරිස් එකේම හොඳම එපිසෝඩ් එක. මේකට කියන්න වචන නෑ. කොමික් එකේදී වෙන සිදුවීම කලින් දැනන් හිටියත් මේ එපිසෝඩ් එකෙන් බලාගන්න ලැබෙයි කියල කීයකටවත් හිතුවේ නෑ. ඉතිං ආයෙත් කියනවා අද එපිසෝඩ් එක තමා සුපිරිම එක. Invincible S04 Sinha…

Invincible season 04 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ. මං දැනට බලපු සීරිස් එකේම හොඳම එපිසෝඩ් එක. මේකට කියන්න වචන නෑ. කොමික් එකේදී වෙන සිදුවීම කලින් දැනන් හිටියත් මේ එපිසෝඩ් එකෙන් බලාගන්න ලැබෙයි කියල කීයකටවත් හිතුවේ නෑ. ඉතිං ආයෙත් කියනවා අද එපිසෝඩ් එක තමා සුපිරිම එක.  Invincible S04 Sinhala Subtitles  කලින් කොටසෙ සිදුවීම ගැන ලාවට වගේ මතක් කිරීමක් කරොත්, කොන්කුවෙස්ට් එක්ක ඇතිවෙන දෙවනි විශාල සටනින් පස්සෙ ඉන්වින්සිබල් ලොකුවටම ඩැමේජ් වෙනවා. නමුත් මාක් පහුබහින්නෙ අවසානයේ කොන්කුවෙස්ට් වත් මරාගෙනමයි. ඉතිං ඒකට නෝලන් කරන්නෙ තුවාල වෙච්ච ඔලිවවත් මාක්වත් අරගෙන ඔවුන් වැටුණු ඒ ග්‍රහලෝකෙම නවාතැන් ගන්න එකයි. එහිදී ඔවුන් මාක්ට නිට්ටාවට සුව වෙනකල් මාස දෙකකට වැඩි කාලයක් එහි වාසය කරනවා. ඒ අතරතුර කෝලිෂන් ඔෆ් ප්ලැන්ට් එක විසින් ඔවුන් ආරම්භ කරපු යුද්ධය නියමාකාරයෙන් කරගෙන යද්දී, කෝලිෂන් එක තුළ සිටින ද්‍රෝහියා මොවුන්ගෙ ආරක්ෂක වළල්ල අඩපණ කරන්නෙ විල්ට්‍රමයිට් වරුන්ට පහර දෙන්න හැකිවන අන්දමටයි. ඉතිං එහෙදී අවසානයේ එතනට පැමිණෙන නෝලන්, මාක් සහ ඔලිවගේ උදව් හමුවේ කෝලිෂන් එකට විල්ට්‍රමයිට් ලාව පන්නලා දාන්න හැකියාව ලැබෙනවා. ද්‍රෝහියාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු හඟවනවා ත්‍රෑග් නැවතත් විල්ට්‍රම් වෙත ගිය බවත් ඉතුරු විල්ට්‍රමයිට් වරු පැමිණෙන තෙක් බලාසිටින බවත්. ඒ ඔස්සෙ තේඩස් වහාම ක්‍රියාත්මක වන්නෙ තම කණ්ඩායම සමඟ විල්ට්‍රම් වෙතටම ගොස් ත්‍රෑග්ට බලාපොරොත්තු නොවෙන පහර දීමක් එල්ල කරන්නයි.  Invincible S04 Sinhala Subtitles  අද කතාව යන්නෙ ඒ ටිකේ ඉඳලා, ඉතිං ආයේ කියනවා දැනට මට අනුව බලන්න ලැබුණ හොඳම එපිසෝඩ් එක මේක. ඉස්සරහට වෙන ගැන ඔයා දැනුවත් කෙනෙක් නෙවෙයි නං සප්‍රයිස් ගොඩක් තියෙනවා සීරිස් එකේ ඉස්සරහට. ඉතිං ඒ අනුව ඒ වගේම සප්‍රයිස් ටිකක් තියෙනවා අද එපිසෝඩ් එකෙත්. ආයේ ඊළඟට එන්න තියෙන්නෙ ඉන්වින්සිබල් හතරවෙනි සීසන් එකේ අටවන නොහොත් අවසන් කොටස. ඉතිං ඒකෙදි මීට වඩා දෙයක් වේවි කියලා නං මං හිතන්නෙ නෑ. කොහොම නමුත් සීරිස් එක තව ඉස්සරහට කරගෙන යාවි. එහෙනම් අදට නවතිනවා මීට වඩා දෙයක් කියන්න යන්නෙ නැතුව. Invincible S04 Sinhala Subtitles  එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,066 downloadsDownload Invincible-S04E07.zip20 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Previous BT1

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

1,066 downloadsDownload Subtitles20 KB

3 comments

  1. Viraj

    Thanks

  2. Minol Menusha

    Thanks for the subtitle.
    Dexter tv series subtitle please

  3. uv

    8 enne kawadda