Watch Trailer

IT (1990 TV Mini Series) Sinhala Subtitle | ඔව්! අපි හැමෝම පාවෙනවා!! [සිංහල උපසිරැසි සමඟ]

“IT“ 2017 එළිදැක්වුණ චිත්‍රපටිය මේ වෙද්දී නොබලපු කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරමට ජනප්‍රිය වුණ, වාර්ථා පිට වාර්ථා තැබූ Stephen King මහතාගේ ඉතාමත් ජනප්‍රිය නව කථාවකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය ඔයාල ඉවර වෙනකම් බැලුවනම්, දකින්න ඇති අන්තිමට සඳහන් වෙනවා මේ ඉවර වුණේ Chapter 1 කියලා! ඒ කියන්නෙ ඊළඟ කොටසක…

“IT“ 2017 එළිදැක්වුණ චිත්‍රපටිය මේ වෙද්දී නොබලපු කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරමට ජනප්‍රිය වුණ, වාර්ථා පිට වාර්ථා තැබූ Stephen King මහතාගේ ඉතාමත් ජනප්‍රිය නව කථාවකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය ඔයාල ඉවර වෙනකම් බැලුවනම්, දකින්න ඇති අන්තිමට සඳහන් වෙනවා මේ ඉවර වුණේ Chapter 1 කියලා! ඒ කියන්නෙ ඊළඟ කොටසක් තියෙනවා. හොඳයි මේ චිත්‍රපටය ගැන වැඩිපුර හොයද්දී හම්බ වෙනවා 1990 නිෂ්පාදනය වුණු කථා මාලා දෙකකින් සමන්විත චිත්‍රපටියක්. අද මං ඔයාලට ගේන්නෙ අන්න ඒ කථාව. ඒ 1990 මැයි 28. එක්සත් ජනපදයේ විවිධ තැන් හයකට එකම දවසෙ ලැබෙන දුරකථන ඇමතුම් හයක්. ඒ ඇමතුම් හැම එකකින්ම කියන්නෙ එකම පණිවිඩයක්. ඒ “ඌ ආපහු ඇවිල්ලා“ කියලා. ඉතින් මේ ඇමතුම ලබපු හය දෙනාගෙම මතකය එක් වරම අවුරුදු 30ක් ආපස්සට යන්නෙ විදුලි වේගයෙන්. අවුරුදු 30 කට කලින් එයාල පොඩි කාලේ කරපු කියපු දේවල් එයාලට මතක් වෙනවා. එයා කරපු වීර වැඩ, මෝඩ වැඩ, දඟ වැඩ. එතකොට, එතකොට අර විකටයා! ඔව් විකටයා. එයාල හත් දෙනා එකතු වෙලා එයාලගෙ ගමට භයානක ශාපයක් වෙලා තිබුණු විකටයව පැරැද්දුවා. ඒත් ඇයි විකටයෙක්ට ඔච්චර බය? මොකද ඒ විකටයා භයානක ශාපයක්, උවදුරක් හින්දා. තව එකක්, අපේ යාළුවො හත් දෙනා හොයා ගන්නවා මේ ශාපය හැම ඇවුරුදු 30 කට වතාවක් එනව කියලා!

ඉතින් අවුරුදු 30 කට පස්සෙ ඒ දවස උදාවෙලා. හිටි ගමන් පොඩි ළමයි අතුරුදහන් වෙන්න, මිය යන්න පටන් ගන්නවා. අපේ යාළුවො හත් දෙනාගෙන් එක්කෙනෙක් තාමත් ඉන්නෙ එයාලගෙ ගමේමයි. එයා දකින එක දෙයක් හින්දා දැනගන්නවා “ඌ“ ආපහු ඇවිල්ල කියලා. අපේ යාළුවො දැන් අවුරුදු හතලිස් ගණන් වල ඉන්නෙ. එයාල පොඩි කාලේ පොරොන්දුවක් වෙනවා “ඌ“ ආපහු ආවොත් නැවත එකතු වෙලා ඌව පරද්දනව කියලා. ඉතින් අර ඇමතුම් හය යන්නෙ යාළුවන්ව ආපහු එකතු කරගන්න. ඒත් එයාල හත්දෙනාටම ආයෙ එකතු වෙන්න පුළුවන් වෙයිද? ඒ විතරක්ම නෙවෙයි විකටය මෙවර පළිගන්න හදන්නෙ තනියම විතරක් නෙවෙයි. අපේ යාළුවන්ගෙ පරණ හතුරෙකුත් එකතු කරගෙන. අපේ යාළුවො මරණ බය කියන එකට හොඳටම මුහුණ දෙනව මේ සැරේ. ජීවිතයෙන් පවා වන්දි ගෙවන තත්ත්වයට පත් වෙනවා. ඉතින් අපේ යාළුවන්ට අවුරුදු 30 කට කළින් කළා වගේ විකටයව ආපහු පරද්දන්න පුළුවන් වෙයිද? විකටයා ඇත්තටම විකටයෙක්ද??? Stephen King මහතාගේ 1986 සැප්තැම්බර් 15 ප්‍රකාශයට පත් වුණු, පිටු 1138 න් සමන්විත ග්‍රන්ථය එහෙම පිටින්ම 1990 නොවැම්බර් 18 සහ 20 TV Mini-Series එකක් විදිහට එළි දැක්වුණු, IMDb අගය 6.9 ක් වුණු පැය 3යි විනාඩි 7ක් තිරගත වෙන මේ චිත්‍රපටිය බලන්න කියල මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,716 downloadsDownload IT-1990-TV-mini-series.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HiranthaSilva2-e1485205886189.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,716 downloadsDownload Subtitles68 KB

16 comments

  1. chamee1982

    THANKS MACHAN

  2. බොබී

    යන්තම් දෙවනියා විදියටවත් කමෙන්ට් එකක් දාන්න බලන්න ඕනි මේ සැරේවත්. මාත් IT film එකේ දෙවනි කොටස එනකම් බලා ඉන්නේ. මේකත් අනිවාර්යයෙන්ම බලන්න එපායැ. තෑන්ක්ස් සහෝ.

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට.

  4. denidu

    Mekata sub hambawei kiyala hithuwe na.thanks

  5. geeganagamage

    මේකේ Blu-Ray එකට සබ් ගැලපෙන්නේ නැහැ

    1. Hirantha Silva

      “it 1990 full movie free download“ කියල search කරන්න. list එකේ දෙවනියට තියෙන site (moviescounter.co) එකේ 720p copy එකක් තියෙනවා ඒක download කරන්න. ඒකට වැඩ කරනවා. ජය...!

  6. podda

    thanks bro!!1

  7. Udara Damith Dissanayaka

    .......බොහෝම ස්තූතියි.......
    ela

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. ජනිත් මාතුල ද සිල්වා

    thank you very much

  10. Lahiru Sampath

    Thanx ela...digatama yamu...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Amalka Himeshan

    Thanks machan me banava

  13. AsithaDilruwan

    ela ela saho thanks

  14. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ.. ජය වේවා!

  15. Anonymous

    තෑන්ක්ස් Sub එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.